යෙදුමෙන් කියවන්න

ඉස‍්සුකීසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 3. 2. 7.

5. 3. 2. 7.

[ඉස‍්සුකීසුත‍්තං]

[ඉස්සුකී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුණී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ. කතමෙහි පඤ‍්චහි:

17. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:

අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, ඉස‍්සුකිනී ච හොති, මච‍්ඡරිනී ච, සද‍්ධාදෙය්‍යං විනිපාතෙති.

නො දැනැ නො විමසා අවර්‍ණාර්‍හයාට ගුණ කියයි, නො දැනැ නො විමසා වර්‍ණාර්‍හයාට නුගුණ කියයි. ඊර්‍ෂ්‍යා ඇත්තී ද වෙයි, මාත්සර්‍ය්‍ය ඇත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:

අනුවිච‍්ච පරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, අනුවිච‍්ච පරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, අනිස‍්සුකී ච හොති, අමච‍්ඡරිනී ච, සද‍්ධාදෙය්‍යං න විනිපාතෙති.

දැනැ විමසා අවර්‍ණාර්‍හයාට අවර්‍ණ කියයි, දැනැ විමසා වර්‍ණාර්‍හයාට වර්‍ණ කියයි, ඊර්‍ෂ්‍යා නැත්තී ද වෙයි, මාත්ස්‍යර්‍ය නැත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුණී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.

5. 3. 2. 8.

5. 3. 2. 8.

[මිච‍්ඡාදිට‍්ඨිකසුත‍්තං]

[මිච්ඡාදිට්ඨික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ. කතමෙහි පඤ‍්චහි:

18. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:

අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, මිච‍්ඡාදිට‍්ඨිකා ච හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පා ච, සද‍්ධාදෙය්‍යං විනිපාතෙති.

නො දැනැ නො විමසා ගුණ නො වැණිය යුතුවහුගේ ගුණ කියයි. නො දැනැ නො විමසා ගුණ වැණිය යුතුවහුගේ අගුණ කියයි. මිසදිටු ඇත්තී ද වෙයි. මිථ්‍යාසංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:

අනුවිච‍්ච පරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, අනුවිච‍්ච පරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, සම‍්මාදිට‍්ඨිකා ච හොති, සම‍්මාසඞ‍්කප‍්පා ච, සද‍්ධාදෙය්‍යං න විනිපාතෙති.

නුවණින් දැනැ කරුණු විමසා නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. දැනැ කරුණු විමසා ගුණ කියයුත්තාහට ගුණ කියයි. සම්‍යක්දෘෂ්ටි ඇත්තී ද වෙයි. සම්‍යක්සංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙති.

මහණෙනි, මෙ කරුණු පසින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වේ ය යි.