මිච්ඡාවාචා සුත්තං
5. 3. 2. 9.
5. 3. 2. 9.
[මිච්ඡාවාචා සුත්තං]
[මිච්ඡාවාචා සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
19. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
19. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, මිච්ඡාවාචා ච හොති, මිච්ඡාකම්මන්තා ච, සද්ධාදෙය්යං විනිපාතෙති.
නො දැනැ කරුණු නො විමසා අවර්ණාර්හයාගේ ගුණ වර්ණනය කියයි. නො දැනැ කරුණු නො විමසා වර්ණාර්හයාගේ අවර්ණය කියයි. මිථ්යාවචන ඇත්තී වෙයි. මිථ්යාකර්මාන්ත ඇත්තී වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කරයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, සම්මාවාචා ච හොති, සම්මා කම්මන්තා ච, සද්ධාදෙය්යං න විනිපාතෙති.
දැනැ කරුණු විමසා අවර්ණාර්හයාගේ අවර්ණය කියයි. දැනැ කරුණු විමසා වර්ණාර්හයාගේ ගුණ කියයි. සම්යග්වචන ඇත්තී වෙයි. සම්යක්කර්මාන්ත ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන නො කරයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි උපදිනී වේ ය යි.