මිච්ඡාවායාම සුත‍්තං
5. 3. 2. 10.
5. 3. 2. 10.
[මිච‍්ඡාවායාම සුත‍්තං]
[මිච්ඡාවායාම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
20. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ. කතමෙහි පඤ‍්චහි:
20. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, මිච‍්ඡාවායාමා ච හොති, මිච‍්ඡාසතිනී ච, සද‍්ධාදෙය්‍යං විනිපාතෙති.
නො දැනැ කරුණු නො විමසා අවර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. නො දැනැ කරුණු නො විමසා වර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. මිථ්‍යාව්‍යායාම ඇත්තී ද වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ.
මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙ කතමෙහි පඤ‍්චහි:
මහණෙනි, කරුණු පසෙකින් යුත් භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච‍්ච පරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති, අනුවිච‍්ච පරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, සම‍්මාවායාමා ච හොති, සම‍්මාසතිනී ච, සද‍්ධාදෙය්‍යං න විනිපාතෙති.
දැනැ කරුණු විමසා අවර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. දැනැ කරුණු විමසා වර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. සම්‍යග්ව්‍යායාම ඇත්තී ද වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙති.
මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වේ ය යි.
අන්‍ධකවින්‍දවග‍්ගො දුතියො.
අන්‍ධකවින්‍දවර්‍ගය දෙවැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
කුලූපගො, පච‍්ඡාසමණො සමාධි අන්‍ධකවින්‍දං මච‍්ඡරී වණ‍්ණනා ඉස‍්සා දිට‍්ඨිවාචාය වායාමාති.
කුලූපග සූත්‍රය, පච්ඡාසමණ සූත්‍රය, සම්මාසමාධි සූත්‍රය, අන්‍ධකවින්‍ද සූත්‍රය, මච්ඡරිනී සූත්‍රය, වණ්ණ සූත්‍රය, ඉස්සුකීය සූත්‍රය, මිච්ඡාදිට්ඨික සූත්‍රය, මිච්ඡාවාචා සූත්‍රය, මිච්ඡාවායාම සූත්‍රය යි සූත්‍ර දශයෙකි.