යෙදුමෙන් කියවන්න

ගිලානසුත‍්තං

5. 3. 3. 1.

5. 3. 3. 1.

[ගිලානසුත‍්තං]

[ගිලාන සූත්‍රය]

21. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං දුබ‍්බලං ගිලානකං. දිස‍්වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි:

21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලායෙහි මහාවනයෙහි වූ කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැඟී සිටි සේක් ගිලන්හල කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුබල ගිලන් මහණකු දුටු සේක. දැක පැන්වූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක:

යං කඤ‍්චි භික‍්ඛවෙ දුබ‍්බලං ගිලානකං පඤ‍්ච ධම‍්මා න විජහන‍්ති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: න චිරස‍්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති කතමෙහි පඤ‍්ච:

මහණෙනි, පඤ්චධර්‍ම කෙනෙක් යම් කිසි දුබල ගිලනක්හු නොපියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිතවූ චිත්තවිමුක්තිය ද, ප්‍රඥාවිමුක්තිය ද තෙමේ දැනැ ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි. කවර පස් දෙනෙක් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසංඛාරෙසු අනිච‍්චානුපස‍්සී, මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කරජකායයෙහි අශුභය නුවණින් දක්මින් වෙසෙයි. ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, හැම සංස්කාරයෙහි අනිත්‍යානුදර්ශීව වෙසෙයි. මරණසංඥාව ඔහුගේ සිත්හි මොනොවට එළඹ සිටියා වෙයි.

යං කඤ‍්චි භික‍්ඛවෙ දුබ‍්බලං ගිලානකං ඉමෙ පඤ‍්ච ධම‍්මා න විජහන‍්ති, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: න චිරස‍්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති.

මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ යම් කිසි දුබල ගිලනක්හු නො පියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රව ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ දැනැ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි.