යෙදුමෙන් කියවන්න

සතිසූපට‍්ඨිතසුත‍්තං

5. 3. 3. 2.

5. 3. 3. 2.

[සතිසූපට‍්ඨිතසුත‍්තං]

[සතිසූපට්ඨිත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

22. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුනී වා පඤ‍්ච ධම‍්මෙ භාවෙති, පඤ‍්ච ධම‍්මෙ බහුලීකරොති, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කතමෙ පඤ‍්ච:

22. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, කරුණු පසක් වඩා නම්, කරුණු පසක් බහුල කෙරේ නම්, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇතිවත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු. කවර පසෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අජ‍්ඣත‍්තං යෙව සති සූපට‍්ඨිතා හොති, ධම‍්මානං උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය අසුභානුපස‍්සී කායෙ විහරති, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසංඛාරෙසු අනිච‍්චානුපස‍්සී.

මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අධ්‍යාත්මයෙහිම ස්මෘතිය මැනැවින් එළැඹ සිටියා වෙයි. ස්කන්‍ධධර්‍මයන්ගේ උදයව්‍යය පිරිසිඳිනට සමර්‍ත්‍ථ වූ ප්‍රඥායෙන් කයෙහි අශුභානුදර්ශි වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි.

යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුනී වා ඉමෙ පඤ‍්ච ධම‍්මෙ භාවෙති, ඉමෙ පඤ‍්ච ධම‍්මෙ බහුලීකරොති, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.

මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ පඤ්චධර්‍මයන් වඩනේ ද, මේ පඤ්චධර්‍මයන් බහුල කෙරේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන්ගෙන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු යි.