දූපට්ඨාකගිලානසුත්තං
5. 3. 3. 3.
5. 3. 3. 3.
[දූපට්ඨාකගිලානසුත්තං]
[දූපට්ඨාක සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
23. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨාකො හොති. කතමෙහි පඤ්චහි:
23. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි. කවර පසෙකින යත්:
අසප්පායකාරී හොති සප්පායෙ මත්තං න ජානාති. භෙසජ්ජං න පටිසෙවිතා හොති. අත්ථකාමස්ස ගිලානූපට්ඨාකස්ස න යථාභූතං ආබාධං ආවීකත්තා හොති. අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති ඨිතං වා ඨිතො’ති උප්පන්නානං වා සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති.
අසත්ප්රාය (ලෙඩට අහිත) දෑ කරණ සුලුයේ වෙයි. සත්ප්රායයෙහි (හිත දෑහි) පමණ නොදන්නේ වෙයි. බෙහෙසද් නො සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකහට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද පවත්නා රෝගය හෝ පවත්නේ ය යි ද යථාභූත ආබාධය පාළ නො කරණුයේ වෙයි. උපන් දුක් වූ තීව්ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්රාණහර වූ ශාරීරික වේදනාවන් නො ඉවසන සුලුයේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨාකො හොති.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨාකො හොති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත ගිලන් තෙමේ උවටනට පහසු වෙයි. කවර පසෙකින යත්:
සප්පායකාරී හොති. සප්පායෙ මත්තං ජානාති. භෙසජ්ජං පටිසෙවිතා හොති. අත්ථකාමස්ස ගිලානූපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවීකත්තා හොති: අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති, ඨිතං වා ඨිතොති. උප්පන්නානං වා සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති.
සත්ප්රායකාරී වෙයි. සත්ප්රායයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙසද් සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකයාට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද ස්ථිත රෝගය ස්ථිත ය යි ද යථාභූත ආබාධය පාළ කරණුයේ වෙයි. උපන් දුක වු තීව්ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්රාණහර වූ ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇතියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨාකො හොතීති.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත ගිලන් තෙමේ උවටනට පහසු වූයේ වෙයි.