යෙදුමෙන් කියවන්න

ගිලානූපට‍්ඨාකසුත‍්තං

5. 3. 3. 4.

5. 3. 3. 4.

[ගිලානූපට‍්ඨාකසුත‍්තං]

[ගිලානුපට්ඨාක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

24. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ගිලානූපට‍්ඨාකො නාලං ගිලානං උපට‍්ඨාතුං. කතමෙහි පඤ‍්චහි:

24. මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලන් උවටනට නො නිසි වෙයි. කවර පසෙකින යත්:

න පටිබලො හොති භෙසජ‍්ජං සංවිධාතුං. සප‍්පායාසප‍්පායං න ජානාති, අසප‍්පායං උපනාමෙති, සප‍්පායං අපනාමෙති. ආමිසන‍්තරො ගිලානං උපට‍්ඨහති නො මෙත‍්තචිත‍්තො. ජෙගුච‍්ඡි හොති උච‍්චාරං වා පස‍්සාවං වා වන‍්තං වා ඛෙළං වා නීහරිතුං න පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං.

බෙහෙසද් සංවිධාන කරන්නට ප්‍රතිබල නො වෙයි. සත්ප්‍රාය දෑ හා අසත්ප්‍රාය දෑ නො දන්නේ අසත්ප්‍රාය දෑ එළවයි, සත්ප්‍රාය දෑ බැහැර කෙරෙයි. මෙත්සිත් නැතියේ ලාභාපේක්‍ෂා ඇතියේ ගිලනා වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලන්නට ජුගුප්සා ඇතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හෝ තෙද ගන්වන්නට හෝ පහන් කරවන්නට හෝ ප්‍රතිබල නො වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ගිලානූපට‍්ඨාකො නාලං ගිලානං උපට‍්ඨාතුං.

මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලනුන් උවටනට නො නිසි වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ගිලානූපට‍්ඨාකො අලං ගිලානං උපට‍්ඨාතුං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත ග්ලානොපස්තථායක ගිලනුන් උවටනට නිස්සේ වෙයි. කවර පසෙකින් යත්:

පටිබලො හොති භෙසජ‍්ජං සංවිධාතුං. සප‍්පායාසප‍්පායං ජානාති, අසප‍්පායං අපනාමෙති, සප‍්පායං උපනාමෙති. මෙත‍්තචිත‍්තො ගිලානං උපට‍්ඨහති නො ආමිසන‍්තරො. අජෙගුච‍්ඡී හොති උච‍්චාරං වා පස‍්සාවං වා වන‍්තං වා ඛෙළං වා නීහරිතුං. පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං. සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං.

බෙහෙසද් සංවිධාන කිරීමට ප්‍රතිබල වෙයි. සත්ප්‍රාය හා අසත්ප්‍රාය හා දන්නේ අසත්ප්‍රාය දෑ බැහැර කරයි, සත්ප්‍රාය එළවයි. ලාභාපේක්‍ෂා නැතියේ මෙත්සිතැතියේ ගිලන්හු වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලනුවට ජුගුප්සා නැතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු ගන්වන්නට සමාදන් කරවන්නට උත්සුක කරවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ගිලානූපට‍්ඨාකො අලං ගිලානං උපට‍්ඨාතුන‍්ති.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායකයා ගිලනුන් වටනට නිසි වේ ය යි.