යෙදුමෙන් කියවන්න

3. ගිලානවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. ගිලාන වර්ගය

4. ගිලානූපට‍්ඨාකසුත‍්තවණ‍්ණනා

4. ගිලානූපට්ඨාක සූත්‍ර වර්ණනාව

තතියස‍්ස චතුත්‍ථෙ නප‍්පටිබලොති කායබලෙන ච ඤාණබලෙන ච අසමන‍්නාගතො. ආමිසන‍්තරොති ආමිසහෙතුකො චීවරාදීනි පච‍්චාසීසමානො.

තෙවැනි වර්‍ගයෙහි සිවුවැන්නෙහි න පටිබලො යනු ශරීර බලයෙන් ද ඥානබලයෙන් ද යුක්ත නොවූයේයි, ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ඇත්තේයි, සිවුරු ආදිය බලාපොරොත්තු වන්නේයි,

5-6. පඨම ආයුස‍්සසුත‍්තාදිවණ‍්ණනා

5-6. ප්‍රථම අනායුස්සා ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ අනායුස‍්සාති ආයුපච‍්ඡෙදනා, න ආයුවඩ‍්ඪනා. ඡට‍්ඨෙපි එසෙව නයො.

පස්වැන්නෙහි අනායුස්ස යනු ආයුෂ සිඳින්නා වූ, ආයුෂ නොවඩන්නාවූයි, සයවැන්නෙහි මේ ක්‍රමයමැයි,

7. වපකාසසුත‍්තවණ‍්ණනා

7. වපකාස සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ නාලං සඞ‍්ඝම‍්හා වපකාසිතුන‍්ති සඞ‍්ඝතො නික‍්ඛමිත්‍වා එකකො වසිතුං න යුත‍්තො. කාමඤ‍්චෙස සඞ‍්ඝමජ‍්ඣෙපි වසිතුං අයුත‍්තොව අසඞ‍්ඝසොභනතාය, ඔවාදානුසාසනිප‍්පටිබද‍්ධත‍්තා පන නිප‍්පරියායෙනෙව සඞ‍්ඝම‍්හා වපකාසිතුං න යුත‍්තො. අලං සඞ‍්ඝම‍්හා වපකාසිතුන‍්ති චාතුද‍්දිසත‍්තා සඞ‍්ඝම‍්හා නික‍්ඛම‍්ම එකකො වසිතුං යුත‍්තො, සඞ‍්ඝසොභනතාය පන සඞ‍්ඝෙපි වසිතුං යුත‍්තොයෙව. අට‍්ඨමං උත‍්තානත්‍ථමෙව.

සත්වැන්නෙහි නාලං සඞ්ඝමහා වපකාසිතුං යනු සමූහයාගෙන් නික්ම එක්ව විසීමට නොසුදුයි, ඒකාන්තයෙන්ම මෙතෙම සඟ මැද ද විසීමට නොසුදුසු වූයේමය. සඞ්ඝසොභනයෙන් තොර බැවින් අවවාද අනුශාසනයන්ට ප්‍රතිබද්ධව ඇති බැවින් ඒකාන්තයෙන්ම සංඝයාගෙන් වෙන්ව විසීමට නොසුදුසුවූයේයි, අලං සඞ්ඝමහා වපකාසිතුං යනු සිවු දිගට අයත් බැවින් සංඝයාගෙන් නික්ම තනිව විසීමට සුදුසුවූයේයි. සංඝ ශොභන ගුණයෙන් යුක්ත බැවින් සංඝයා කෙරෙහි විසීමට ද සුදුස්සේය, අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,

9. පරිකුප‍්පසුත‍්තවණ‍්ණනා

9. පරිකුප්ප සූත්‍ර වර්ණනාව

නවමෙ ආපායිකාති අපායගාමිනො. නෙරයිකාති නිරයගාමිනො. පරිකුප‍්පාති පරිකුප‍්පනසභාවා පුරාණවණසදිසා. අතෙකිච‍්ඡාති අකත‍්තබ‍්බපරිකම‍්මා. දසමං උත‍්තානත්‍ථමෙවාති.

නවවැන්නෙහි අපායිකා යනු අපායට යන්නෝයි, නෙරයිකා යනු නිරයට යන්නෝයි, පරිකුප්පා යනු මතුව එන ස්වභාවය ඇත්තෝයි, පැරණි තුවාල වැනිවූවෝයි, අතෙකිච්ඡා යනු පිළියම් නොකළ හැකිවූවෝයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.

ගිලානවග‍්ගො තතියො.

තෙවැනි වර්‍ගයයි.