යෙදුමෙන් කියවන්න

වපකාසසුත‍්තං

5. 3. 3. 7.

5. 3. 3. 7.

[වපකාසසුත‍්තං]

[වපකාස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

27. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නාලං සඞ‍්ඝම‍්හා වපකාසිතුං. කතමෙහි පඤ‍්චහි:

27. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, අසන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන පිණ‍්ඩපාතෙන, අසන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, අසන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, කාමසඞ‍්කප‍්පබහුලො ච විහරති.

මහණෙනි, මේ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් (ලද පරිදි යම් මැ සිවුරකින්) නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. කාමසංකල්ප බහුල ව ද වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නාලං සඞ‍්ඝම‍්හා වපකාසිතුං.

මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වේ ය යි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලං සඞ‍්ඝම‍්හා වපකාසිතුං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්ච ධර්‍මයෙක්න් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙයි. කවර පසෛකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන පිණ‍්ඩපාතෙන, සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පබහුලො ච විහරති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යභෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. නෛෂ්ක්‍රම්‍යසංකල්ප බහුල ව ද වෙසේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලං සඞ‍්ඝම‍්හා වපකාසිතුන‍්ති.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙ ය යි.