සමණදුක්ඛ - සුඛ සුත්තං
5. 3. 3. 8.
5. 3. 3. 8.
[සමණදුක්ඛ - සුඛ සුත්තං]
[සමණදුක්ඛ - සුඛ සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
28. පඤ්චිමානි භික්ඛවෙ සමණදුක්ඛානි. කතමානි පඤ්ච:
28. මහණෙනි, මේ මහණදුක් පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අසන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අනභිරතො ච බ්රහ්මචරියං චරති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සමණදුක්ඛානි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතරග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. සස්නෙහි ඇලුම් නැති ව බඹසර සරයි. මහණෙනි, මේ මහණදුක් පස යි.
පඤ්චිමානි භික්ඛවෙ සමණසුඛානි. කතමානි පඤ්ච:
මහණෙනි, මෙ මහණ සුව පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අභිරතො ච බ්රහ්මචරියං චරති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සමණසුඛානී ති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. සස්නෙහි ඇලුම් ඇති ව බ්රම්සර ද හැසිරෙයි. මහණෙනි, මේ මහණසුව පස යි.
5. 3. 3. 9.
5. 3. 3. 9.
[පරිකුප්පසුත්තං]
[පරිකුප්ප සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
29. පඤ්චිමෙ භික්ඛවෙ ආපායිකා නෙරයිකා පරිකුප්පා අතෙකිච්ඡා. කතමෙ පඤ්ච:
29. මහණෙනි, මේ අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්ය (කිපෙන සැහැවි ඇති) වූවාහු පිළියම් නොකට හැකියාහු පස් දෙනෙකි. කවර පස් දෙනක යත්:
මාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති, අරහං ජීවිතා වොරොපිතො හොති, තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදිතං හොති, සඞ්ඝො භින්නො හොති.
මව දිවියෙන් තොර කරණ ලදු වෙයි, පියා දිවියෙන් තොර කරණ ලද වෙයි, අර්හත් දිවියෙන් තොර කරණ ලද වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෙහෙ උපදවන ලද වෙයි, සඞ්ඝයා බිඳින ලද වේ.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආපායිකා නෙරයිකා පරිකුප්පා අතෙකිච්ඡා ති.
මහණෙනි, මොහු පස්දෙන අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්ය (පැරණි වණයන් වැනි) වූවාහු පිළියම් නොකට හැකියාහු වෙත් ය යි.