යෙදුමෙන් කියවන්න

සම‍්පදාසුත‍්තං

5. 3. 3. 10.

5. 3. 3. 10.

[සම‍්පදාසුත‍්තං]

[සම්පදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

30. පඤ‍්චිමානි භික‍්ඛවෙ බ්‍යසනානි. කතමානි පඤ‍්ච:

30. මහණෙනි, මේ ව්‍යසන (විපත්) පසෙකි. කවර පසෙක යත්:

ඤාතිබ්‍යසනං, භොගබ්‍යසනං, රොගබ්‍යසනං, සීලබ්‍යසනං, දිට‍්ඨිබ්‍යසනං.

ඥාතිව්‍යසනය, භෝගව්‍යසනය, රෝගව්‍යසනය, ශීලව්‍යසනය, ද්‍රෂ්ටිව්‍යසන යී.

න භික‍්ඛවෙ සත‍්තා ඤාතිබ්‍යසනහෙතු වා භොගබ්‍යසනහෙතු වා රොගබ්‍යසනහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, සත්ත්‍වයෝ ඥාතිව්‍යසනහේතුවින් වේවයි, භෝගව්‍යසනහේතුවින් වේවයි, රොගව්‍යසනහේතුවින් වේවයි, කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම්වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙත්.

සීලබ්‍යසනහෙතු වා භික‍්ඛවෙ සත‍්තා දිට‍්ඨිබ්‍යසනහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.2

මහණෙනි, ශීලව්‍යසනහේතුවින් වේවයි, දෘෂ්ටිව්‍යසනහේතුවින් වේවයි සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච බ්‍යසනානි.

මහණෙනි, මේ ව්‍යසන පස යි.

පඤ‍්චිමා භික‍්ඛවෙ සම‍්පදා. කතමා පඤ‍්ච:

මහණෙනි, මේ සම්පත් පසෙකි. කවර පසෙක යත්:

ඤාතිසම‍්පදා, භොගසම‍්පදා, ආරොග්‍යසම‍්පදා, සීලසම‍්පදා, දිට‍්ඨිසම‍්පදා.

ඥාතිසම්පද් හා භෝගසම්පද් හා ආරොග්‍යසම්පද් හා ශීලසම්පද් හා දෘෂ්ටිසම්පද් හා යැ.

න භික‍්ඛවෙ සත‍්තා ඤාතිසම‍්පදාහෙතු වා භොගසම‍්පදාහෙතු වා ආරොග්‍යසම‍්පදාහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, සත්ත්‍වයෝ ඥාතිසම්පද්හේතුවින් වේවයි, භෝගසම්පද්හේතුවින් වේවයි, ආරොග්‍යසම්පද්හේතුවින් වේවයි කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට නො පැමිණෙත්.

සීලසම‍්පදාහෙතු වා භික‍්ඛවෙ සත‍්තා දිට‍්ඨිසම‍්පදාහෙතු වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

මහණෙනි, සත්ත්‍වයෝ ශීලසම්පද්හේතුවින් හෝ දෘෂ්ටිසම්පද්හේතුවින් හෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙත්.

ඉමා ඛො භික‍්ඛවෙ පඤ‍්ච සම‍්පදා ති.

මහණෙනි, මේ සම්පත් පස යි.

ගිලානවග‍්ගො තතියො.

ගිලාන වර්‍ගය තුන් වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ගිලානො සතිපට‍්ඨානං ද‍්වෙ උපට‍්ඨාකා ද‍්වායුසා වපකාසසමණසුඛානි පරිකුප‍්පො ච සම‍්පදාති.

ගිලාන සූත්‍ර ය, සතිසූපට්ඨිත සූත්‍ර ය, උපට්ඨාක සූත්‍ර දෙක ය, අනායුස්ස සූත්‍ර දෙක ය, වපකාස සූත්‍ර ය, සමණසූඛ සූත්‍ර ය, පරිකුප්ප සූත්‍ර ය, සම්පදා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.