යෙදුමෙන් කියවන්න

පඨමචක‍්කානුවත‍්තනසුත‍්තං

5. 3. 4. 1.

5. 3. 4. 1.

[පඨමචක‍්කානුවත‍්තනසුත‍්තං]

[ප්‍රථම චක්කානුවත්තන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රාජා චක‍්කවත‍්තී ධම‍්මෙනෙව චක‍්කං පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං කෙනචි මනුස‍්සභූතෙන පච‍්චත්‍ථිකෙන පාණිනා. කතමෙහි පඤ‍්චහි:

31. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සක්විති රජ (දසකුසල්) දැහැමින් ම අණසක් පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් එ අණසක් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ රාජා චක‍්කවත‍්තී අත්‍ථඤ‍්ඤූ ච හොති, ධම‍්මඤ‍්ඤූ ච, මත‍්තඤ‍්ඤූ ච, කාලඤ‍්ඤූ ච, පරිසඤ‍්ඤූ ච.

මහණෙනි, මෙ ලොව්හි සක්විතිරජ (හේතු සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථය දනුයේ ද, ප්‍රවේණිධර්‍මය දනුයේ ද, (දඬුවම්හි වේවයි, කරවුවරෙහි වේවයි) මාත්‍රා දනුයේ ද, (රාජ්‍යසුඛානුභව - විනිශ්චයකරණ - චාරිකා පිළිබඳ) කාලය දනුයේ ද, (ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශ්‍රද්‍ර-ශ්‍රමණපර්‍ෂද් ආදි) පර්‍ෂද් දනුයේ ද වෙයි.

ඉමෙහි ඛො පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රාජා චක‍්කවත‍්තී ධම‍්මෙනෙව චක‍්කං වත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං කෙනචි මනුස‍්සභූතෙන පච‍්චත්‍ථිකෙන පාණිනා

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සක්විති රජ දැහැමින් ම අණසක් පවත්වයි. එ අණසක් වනාහි කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො ධම‍්මෙනෙව අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, එ පරිද්දෙන් ම දහම් පසෙකින් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැහැමින් ම (නවලෝකොත්තර ධර්‍මයෙන්) අනුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන සේක. එ ශ්‍රේෂ්ඨචක්‍රය වනාහි ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මහකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො අත්‍ථඤ‍්ඤූ, ධම‍්මඤ‍්ඤූ, මත‍්තඤ‍්ඤූ, කාලඤ‍්ඤූ, පරිසඤ‍්ඤූ.

මහණෙනි, මෙ ලොව්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ (පඤ්චවිධ) අර්‍ත්‍ථ දන්නාහ. (සතර) ධර්‍මයන් දන්නාහ. (සිවුපසෙහි) මාත්‍රා දන්නාහ. (පටිසල්ලානආදි) කාල දන්නාහ. පිරිස් දන්නාහ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො ධම‍්මෙනෙව අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ධර්‍මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වේ ය යි.