යෙදුමෙන් කියවන්න

දුතියචක‍්කානුවත‍්තනසුත‍්තං

5. 3. 4. 2.

5. 3. 4. 2.

[දුතියචක‍්කානුවත‍්තනසුත‍්තං]

[දෙවැනි චක්කානුවත්තන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස ජෙට‍්ඨො පුත‍්තො පිතරා පවත‍්තිතං චක‍්කං ධම‍්මෙනෙව අනුප‍්පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියංකෙනචි මනුස‍්සභූතෙන පච‍්චත්‍ථිකෙන පාණිනා. කතමෙහි පඤ‍්චහි:

32. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ සක්විති රජුගේ දෙටු පුත් පියහු විසින් පවත්වන ලද ආඥාචක්‍රය දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස ජෙට‍්ඨො පුත‍්තො අත්‍ථඤ‍්ඤූ ච හොති, ධම‍්මඤ‍්ඤූ ච, මත‍්තඤ‍්ඤූ ච, කාලඤ‍්ඤූ ච, පරිසඤ‍්ඤූ ච.

මහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර අර්‍ත්‍ථඥ ද වෙයි, ධර්‍මඥ ද වෙයි, මාත්‍රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්‍ෂද් දන්නේ ද වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස ජෙට‍්ඨො පුත‍්තො පිතරා පවත‍්තිතං චක‍්කං ධම‍්මෙනෙව අනුප‍්පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං කෙනචි මනුස‍්සභූතෙන පච‍්චත්‍ථිකෙන පාණිනා.

මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත සක්විති රජුගේ දෙටුපුත් පියහු විසින් පැවැත්වූ අණසක් දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් වනාහි මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප හෝ කළ නො හෙයි.)

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො තථාගතෙන පවත‍්තිතං අනුත‍්තරං ධම‍්මචක‍්කං සම‍්මදෙව අනුප‍්පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, එසෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත ශාරීපුත්‍ර තෙරණුවෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මැනැවින් පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු හෝ ලොවැ වෙන කිසිවකු විසින් හෝ නො පැවැත්විය හෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ සාරිපුත‍්තො අත්‍ථඤ‍්ඤූ, ධම‍්මඤ‍්ඤූ, මත‍්තඤ‍්ඤූ, කාලඤ‍්ඤූ, පරිසඤ‍්ඤූ.

මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍රයෝ අර්‍ත්‍ථඥයහ, ධර්‍මඥයහ, මාත්‍රඥයහ, කාලඥයහ, පර්‍ෂද්‍ දන්නාහ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සාරිපුත‍්තො තථාගතෙන අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං සම‍්මදෙව අනුප‍්පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ශාරිපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මනාකොට අනුව පවත්වත්. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලොවැ කිසිවකු විසින් හෝ ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප ද කළ නො හෙයි.)