යෙදුමෙන් කියවන්න

4. රාජවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. රාජ වර්ගය

1. පඨමචක‍්කානුවත‍්තනසුත‍්තවණ‍්ණනා

1. ප්‍රථම චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ ධම‍්මෙනාති දසකුසලධම‍්මෙන. චක‍්කන‍්ති ආණාචක‍්කං. අත්‍ථඤ‍්ඤූති රජ‍්ජත්‍ථං ජානාති. ධම‍්මඤ‍්ඤූති පවෙණිධම‍්මං ජානාති. මත‍්තඤ‍්ඤූති දණ‍්ඩෙ වා බලම‍්හි වා පමාණං ජානාති. කාලඤ‍්ඤූති රජ‍්ජසුඛානුභවනකාලං, විනිච‍්ඡයකරණකාලං, ජනපදචාරිකාකාලඤ‍්ච ජානාති. පරිසඤ‍්ඤූති අයං පරිසා ඛත‍්තියපරිසා, අයං බ්‍රාහ‍්මණවෙස‍්සසුද‍්දසමණපරිසාති ජානාති.

සතරවැනි වර්ගයෙහි පළමු සූතයෙහි ධම්මෙන යන දශකුශලධර්‍මයෙනි, චක්කං යනු ආඥාචක්‍රයයි, අත්‍ථඤ්ඤු යනු හේතුව දනියි, ධම්මඤ්ඤු යනු ප්‍රවෙණිධර්‍මය දනියි, මත්තඤ්ඤු යනු දඬුවමෙහි හා අය බද්දෙහි ප්‍රමාණය දනියි, කාලඤ්ඤු යනු රජසුව විඳින කාලය, විනිශ්චය කරන කාලය, හා දනවු සැරිසරන කාලය, දනියි, පරිසඤ්ඤු යනු මේ ක්ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර පිරිසයයි දනියි,

තථාගතවාරෙ අත්‍ථඤ‍්ඤූති පඤ‍්ච අත්‍ථෙ ජානාති. ධම‍්මඤ‍්ඤූති චත‍්තාරො ධම‍්මෙ ජානාති. මත‍්තඤ‍්ඤූති චතූසු පච‍්චයෙසු පටිග‍්ගහණපරිභොගමත‍්තං ජානාති. කාලඤ‍්ඤූති අයං කාලො පටිසල‍්ලීනස‍්ස, අයං සමාපත‍්තියා, අයං ධම‍්මදෙසනාය, අයං ජනපදචාරිකායාති එවං කාලං ජානාති. පරිසඤ‍්ඤූති අයං පරිසා ඛත‍්තියපරිසා…පෙ… අයං සමණපරිසාති ජානාති. අනුත‍්තරන‍්ති නවහි ලොකුත‍්තරධම‍්මෙහි අනුත‍්තරං. ධම‍්මචක‍්කන‍්ති සෙට‍්ඨචක‍්කං.

තථාගතයන් වහන්සේ පිළිබඳ වාරයෙහි අත්‍ථඤ්ඤු යනු පස්වැදෑරුම් අරුත් දනියි, ධම්මඤුඤු යනු සතර ධර්‍මයන් දනියි, මත්තඤ්ඤු යනු සිවුපසෙහි පිළිගැනීමේ හා පරිභෝග කිරීමේ පමණ දනියි, කාලඤ්ඤු යනු මේ විවේක ගැනීමේ කාලයය, මේ සමවත් කාලයය මේ දම් දෙසන කාලයය, මේ දනවු සැරිසරණ කාලයයි, මෙසේ කාලය දනියි, පරිසඤ්ඤු යනු මේ පිරිස ක්ෂත්‍රිය පිරිසය -පෙ මේ පිරිස ශ්‍රමණ පිරිසයයි දනියි, අනුත්තරං යනු නව ලොවුතුරු දහමින් ශ්‍රේෂ්ඨතමය යනුයි, ධම්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්‍රයයි.

2. දුතියචක‍්කානුවත‍්තනසුත‍්තවණ‍්ණනා

2. දෙවැනි චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව

දුතියෙ පිතරා පවත‍්තිතං චක‍්කන‍්ති චක‍්කවත‍්තිම‍්හි පබ‍්බජිතෙ වා කාලකතෙ වා චක‍්කරතනං සත‍්තාහමත‍්තං ඨත්‍වා අන‍්තරධායති, කථමෙස තං අනුප‍්පවත‍්තෙති නාම? පිතු පවෙණියං ඨත්‍වා චක‍්කවත‍්තිවත‍්තං පූරෙත්‍වා චක‍්කවත‍්තිරජ‍්ජං කාරෙන‍්තොපි පිතරා පවත‍්තිතමෙව අනුප‍්පවත‍්තෙති නාම.

දෙවැන්නෙහි පිතරා පවත්තිතං චක්කං යනු සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිට සක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි නමි,

3. ධම‍්මරාජසුත‍්තවණ‍්ණනා

3. ධම්මරාජ සූත්‍ර වර්ණනාව

තතියං තිකනිපාතෙ වුත‍්තනයමෙව. සෙවිතබ‍්බාසෙවිතබ‍්බෙ පනෙත්‍ථ පච‍්ඡිමපදද‍්වයමෙව විසෙසො. තත්‍ථ සම‍්මාආජීවො සෙවිතබ‍්බො, මිච‍්ඡාආජීවො න සෙවිතබ‍්බො. සප‍්පායො ගාමනිගමො සෙවිතබ‍්බො, අසප‍්පායො න සෙවිතබ‍්බො.

තෙවැන්න තික නිපාතයෙහි කියන ලද ක්‍රමය ඇත්තේමය, මෙහි ඇසුරු කළ යුතු හා ඇසුරු නොකළ යුත්තේ වනාහි අන්තිම පද දෙකෙහිම විශේෂයයි, එහි සම්මා ආජීවය ඇසුරු කළ යුත්තේය, මිථ්‍යා ආජීවය ඇසුරු නොකළ යුතුය, ගැලපෙන ගම්නියම්ගම් ඇසුරු කළ යුතුය, නොගැලපෙන ගම් නියම් ඇසුරු නොකළ යුතුය.

4. ඛත‍්තියරාජසුත‍්තවණ‍්ණනා

4. ඛත්තියරාජ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ උභතොති ද‍්වීහිපි පක‍්ඛෙහි. මාතිතො ච පිතිතො චාති යස‍්ස හි මාතා ඛත‍්තියා, මාතුමාතා ඛත‍්තියා, තස‍්සාපි මාතා ඛත‍්තියා. පිතා ඛත‍්තියො, පිතුපිතා ඛත‍්තියො, තස‍්සපි පිතා ඛත‍්තියො. සො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච. සංසුද‍්ධගහණිකොති සංසුද‍්ධාය මාතුකුච‍්ඡියා සමන‍්නාගතො. “සමවෙපාකිනියා ගහණියා”ති එත්‍ථ පන කම‍්මජතෙජොධාතු ගහණීති වුච‍්චති. යාව සත‍්තමා පිතාමහයුගාති එත්‍ථ පිතුපිතා පිතාමහො, පිතාමහස‍්ස යුගං පිතාමහයුගං. යුගන‍්ති ආයුප‍්පමාණං වුච‍්චති. අභිලාපමත‍්තමෙව චෙතං, අත්‍ථතො පන පිතාමහොයෙව පිතාමහයුගං. තතො උද‍්ධං සබ‍්බෙපි පුබ‍්බපුරිසා පිතාමහග‍්ගහණෙනෙව ගහිතා. එවං යාව සත‍්තමො පුරිසො, තාව සංසුද‍්ධගහණිකො, අථ වා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙනාති දස‍්සෙති. අක‍්ඛිත‍්තොති “අපනෙථ එතං, කිං ඉමිනා”ති එවං අක‍්ඛිත‍්තො අනවක‍්ඛිත‍්තො. අනුපක‍්කුට‍්ඨොති න උපක‍්කුට‍්ඨො න අක‍්කොසං වා නින්‍දං වා පත‍්තපුබ‍්බො. කෙන කාරණෙනාති? ජාතිවාදෙන, “ඉතිපි හීනජාතිකො එසො”ති එවරූපෙන වචනෙනාති අත්‍ථො.

සිවුවැන්නෙහි උභතො යනු දෙපක්‍ෂයෙන්මය, මාතිතො ච පිතිතො ච යමෙකුගේ මව ක්ෂත්‍රිය ද මවගේ මව ක්ෂත්‍රිය ද ඇයගේ මව ද ක්‍ෂත්‍රිය ද පියා ක්‍ෂත්‍රිය ද පියාගේ පියා ක්‍ෂත්‍රිය ද ඔහුගේ පියා ද ක්ෂත්‍රිය ද හෙතෙම මවගේ ද පියාගේ ද යන දෙපසින්ම සුජාතය, සංසුද්ධග්ගණිකො යනු පිරිසුදු වූ මව්කුසින් යුක්ත වූයේයි, සමවෙපාකිනියා ගහණියා යනු මෙහි කර්‍මජ තෙජොධාතුව ගහණියයි කියනු ලැබේ, යාව සත්තමා පිතාමහයුගා යනු මෙහි පියාගේ පියා පිතාමහ නම් වේ. පිතාමහගේ යුගය පිතාමහ යුගං නමි, යුගය යනු ආයුෂ් ප්‍රමාණයයි, කියනු ලැබේ. මෙය හුදෙක් කථන ක්‍රමයකි, අරුත් වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි, එයින් උඩ සියලුම පූර්‍වපුරුෂයෝ පිතාමහ ගැනීමෙන් ගන්නා ලද්දාය. මෙසේ යම්තාක් සත්වැනි පුරුෂයා වේද ඒතාක් පිරිසුදු මව්කුස පිළිසිදීම් ඇත්තේයි, නැතහොත් ජාතිවාදයෙන් පහකොට නොසලකන ලද්දේ දොෂාරෝපණ නොලද්දේයි දැක්වෙයි, අක්ඛිත්තො යනු මොහු පහකරව මොහුගෙන් කවර වැඩක්දැයි මෙසේ ඉවත්කරන ලද්දේයි, නොසලකා හරින ලද්දේයි, අනුපක්කුට්ඨො යනු උපක්‍රොශ නොලද්දේයි, ආක්‍රොශයට හෝ නින්දාවට නොපත්විරූයි, කවරකරුණින්ද යත් ජාතිවාදෙන - ජාතිවාදයෙනි, මෙසේ මෙතෙම පහත් ජාති ඇත්තෙකැයි මෙබඳු වූ වචනයෙන් යයි අරුතය,

අඩ‍්ඪොතිආදීසු යො කොචි අත‍්තනො සන‍්තකෙන විභවෙන අඩ‍්ඪො හොති. ඉධ පන න කෙවලං අඩ‍්ඪොයෙව, මහද‍්ධනො මහතා අපරිමාණසඞ‍්ඛෙන ධනෙන සමන‍්නාගතොති අත්‍ථො. පඤ‍්චකාමගුණවසෙන මහන‍්තා උළාරා භොගා අස‍්සාති මහාභොගො. පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරොති කොසො වුච‍්චති භණ‍්ඩාගාරං, නිදහිත්‍වා ඨපිතෙන ධනෙන පරිපුණ‍්ණකොසො, ධඤ‍්ඤෙන ච පරිපුණ‍්ණකොට‍්ඨාගාරොති අත්‍ථො. අථ වා චතුබ‍්බිධො කොසො හත්‍ථී අස‍්සා රථා රට‍්ඨන‍්ති, තිවිධං කොට‍්ඨාගාරං ධනකොට‍්ඨාගාරං ධඤ‍්ඤකොට‍්ඨාගාරං වත්‍ථකොට‍්ඨාගාරන‍්ති. තං සබ‍්බම‍්පි පරිපුණ‍්ණමස‍්සාති පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො. අස‍්සවායාති කස‍්සචි බහුම‍්පි ධනං දෙන‍්තස‍්ස සෙනා න සුණාති, සා අනස‍්සවා නාම හොති. කස‍්සචි අදෙන‍්තස‍්සාපි සුණාතියෙව, අයං අස‍්සවා නාම. ඔවාදපටිකරායාති “ඉදං වො කත‍්තබ‍්බ, ඉදං න කත‍්තබ‍්බ”න‍්ති දින‍්නඔවාදකරාය. පණ‍්ඩිතොති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො. බ්‍යත‍්තොති පඤ‍්ඤාවෙය්‍යත‍්තියෙන යුත‍්තො. මෙධාවීති ඨානුප‍්පත‍්තිකපඤ‍්ඤාය සමන‍්නාගතො. පටිබලොති සමත්‍ථො. අත්‍ථෙ චින‍්තෙතුන‍්ති වඩ‍්ඪිඅත්‍ථෙ චින‍්තෙතුං. සො හි පච‍්චුප‍්පන‍්නඅත්‍ථවසෙනෙව “අතීතෙපි එවං අහෙසුං, අනාගතෙපි එවං භවිස‍්සන‍්තී”ති චින‍්තෙති. විජිතාවීනන‍්ති විජිතවිජයානං, මහන‍්තෙන වා විජයෙන සමන‍්නාගතානං. විමුත‍්තචිත‍්තානන‍්ති පඤ‍්චහි විමුත‍්තීහි විමුත‍්තමානසානං.

අඩ්ඪො යනාදියෙහි යම් කිසිවෙක් තමන් සතු සම්පත්තියෙන් ආඪ්‍ය වූයේයි, මහද්ධනො යනු මහත්වූ අප්‍රමාණ සංඛ්‍යාවෙන් වූ ධනයෙන් යුක්තවූයේ වෙයි. පස්කම් ගුණ වශයෙන් මහත්වූ බොහෝ වූ භෝග ඇත්තේ මොහුටනුයි. මහාභොගො නමි, පරිපුණ්ණකො සකොට්ඨාගාරො යනු කොසයයි කියනු ලබන්නේ භාණ්ඩාගාරයටයි, තැන්පත් කොට තැබූ ධනයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද ධාන්‍යයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද යන අරුත්ය. නැතහොත් ඇත් -අස් රිය රට යනුවෙන් කොෂ සතර වැදෑරුමිය, ධන කොෂ්ටාගාරය ධාන්‍ය කොෂ්ටාගාරය හා වස්ත්‍ර කොෂ්ටාගාරය යනුවෙන් කොෂ්ටාගාරය තෙවැදෑරුම්ය, ඒ සියල්ල පිරිපුන් වූයේ මොහුටනුයි පරිපුණ්ණ කොසකොට්ඨාගාරො නමි, අස්සවාය යනු කවරකුට හෝ බොහෝ වූද ධනය දෙන්නාගේ සේනාව නොඅසයිද හෙතෙම අනස්සවා නම් වෙයි, කවරකුට හෝ නොදෙන්නාගේ සේනාව අසයිද මෙතෙම අස්සවා නම්, ඔවාදපතිකරාය යනු මෙය ඔබවිසින් කළයුතු ය. මෙය නොකළ යුතුයයි දෙන ලද අවවාදයෙනි, පණ්ඩිතො යනු පාණ්ඩිත්‍යයෙන් යුක්තවූයේයි, ව්‍යත්තො යනු නුවණින් වියත් බවෙන් යුක්තවූයේයි, මෙධාවී යනු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තවූයේයි, පටිබලො යනු සමත්වූයේයි අත්‍ථෙවින්තෙතුං යනු වැඩදායී අර්‍ත්‍ථයන් සිතීමටය, හෙතෙම වනාහි වර්‍තමාන අර්‍ත්‍ථ වශයෙන්ම අතීතයෙහි ද මෙසේ වූහ. අනාගතයෙහි ද මෙසේ වන්නාහුයයි සිතයි, විජිතාවිනං යනු දිනු දිනුම් ඇත්තවුන්ගේයි, මහත් වූ ජයග්‍රහණයෙන් යුක්තවූවන්ගේ හෝයි, විමුත්තවිත්තානං යනු විමුක්ති පසින් මිඳුණු මනස ඇත්තවුන්ගේයි.

5-6. පඨම පත්‍ථනාසුත‍්තාදිවණ‍්ණනා

5-6. පළමුවන පත්ථනා ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ නෙගමජානපදස‍්සාති නිගමවාසිනො ච රට‍්ඨවාසිනො ච ජනස‍්ස. හත්‍ථිස‍්මින‍්තිආදීහි හත්‍ථිඅස‍්සරථථරුධනුලෙඛමුද‍්දාගණනාදීනි සොළස මහාසිප‍්පානි දස‍්සිතානි. අනවයොති සමත්‍ථො පරිපුණ‍්ණො. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඡට‍්ඨෙ ඔපරජ‍්ජන‍්ති උපරාජභාවං.

පස්වැන්නෙහි නෙගමජානපදස්ස යනු නියම්ගම් වැසිවූ ද රටවැසි වූද ජනයාගේයි, භත්‍ථිස්මිං යන ආදීන්ගෙන් ඇත් - අස් රිය අවි දුනු ලේඛන මුද්‍රා සංඛ්‍යා ආදී වූ සොළොස් මහා ශිල්පයෝ දක්වන ලද්දාහ. අනවයො යනු සමානයි, පිරිපුවූයේයි, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය, සයවැන්නෙහි ඔපරජ්ජං යනු උපරජබවයි,

7. අප‍්පංසුපතිසුත‍්තවණ‍්ණනා

7. අප්පංසුපති සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පුරිසාධිප‍්පායාති අස‍්සද‍්ධම‍්මවසෙන පුරිසෙ උප‍්පන‍්නාධිප‍්පායා පුරිසජ‍්ඣාසයා. ආදානාධිප‍්පායොති ඉදානි ගහෙතුං සක‍්ඛිස‍්සාමි, ඉදානි සක‍්ඛිස‍්සාමීති එවං ගහණාධිප‍්පායො. විසංයොගාධිප‍්පායොති ඉදානි නිබ‍්බානං පාපුණිස‍්සාමි, ඉදානි පාපුණිස‍්සාමීති එවං නිබ‍්බානජ‍්ඣාසයො.

සත්වැන්නෙහි පුරිසාධිප්පායා යනු අසද්ධර්‍ම වශයෙන් පුරුෂයා කෙරෙහි උපන් අදහසය පුරුෂයන් පිළිබඳ අදහසය, ආදානාධිප්පායො යනු දැන් ගැනීමට හැකිවෙමි. දැන් හැකිවෙමියි මෙසේ ගැනීමේ අදහසයි, විසඤ්ඤොගාධිප්පායො යනු දැන් නිවනට පැමිණෙමි, දැන් පැමිණෙමියි මෙසේ නිවන පිළිබඳ අදහසයි.

8. භත‍්තාදකසුත‍්තවණ‍්ණනා

8. භත්තාදක සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ භත‍්තාදකොති භත‍්තක‍්ඛාදකො, බහුභත‍්තභුඤ‍්ජොති අත්‍ථො. ඔකාසඵරණොති ඔකාසං ඵරිත්‍වා අඤ‍්ඤෙසං සම‍්බාධං කත්‍වා ඨානෙන ඔකාසඵරණො. තත්‍ථ තත්‍ථ ලණ‍්ඩං සාරෙති පාතෙතීති ලණ‍්ඩසාරණො. එත‍්තකා හත්‍ථීති ගණනකාලෙ සලාකං ගණ‍්හාතීති සලාකග‍්ගාහී. නිසීදනසයනවසෙන මඤ‍්චපීඨං මද‍්දතීති මඤ‍්චපීඨමද‍්දනො. භික‍්ඛුගණනකාලෙ සලාකං ගණ‍්හාතීති සලාකග‍්ගාහී.

අටවැන්නෙහි භත්තාදකො යනු බත් කන්නායි, බොහෝ බත් බුදින්නායි අරුත්ය, ඔකාසඵරණො යනු ඉඩ පතුරුවා අනුන්ට බාධා කොට සිටීමෙන් අවකාශය පතුරුවන්නායි, ඒ ඒ තැන බෙටි දමයි, හෙලයිනුයි ලණ්ඩසාටනො නමි. මෙපමණ ඇත්තු යයි ගණින කල ලහ ගන්වානුයි සලාකගාහී නමි, හිඳීම් නිදීම් වශයෙන් ඇඳ පුටු මදියි යන්නෙන් පිඨමද්දනො නමි. භික්‍ෂූන් ගණින කල ලහ ගන්වන්නේනුයි සලාකගාගී නමි.

9. අක‍්ඛමසුත‍්තවණ‍්ණනා

9. අක්ඛම සූත්‍ර වර්ණනාව

නවමෙ හත්‍ථිකායන‍්ති හත්‍ථිඝටං. සෙසෙසුපි එසෙව නයො. සඞ‍්ගාමෙ අවචරන‍්තීති සඞ‍්ගාමාවචරා. එකිස‍්සා වා තිණොදකදත‍්තියා විමානිතොති එකදිවසං එකෙන තිණොදකදානෙන විමානිතො, එකදිවසමත‍්තං අලද‍්ධතිණොදකොති අත්‍ථො. ඉතො පරම‍්පි එසෙව නයො. න සක‍්කොති චිත‍්තං සමාදහිතුන‍්ති ආරම‍්මණෙ චිත‍්තං සම‍්මා ඨපෙතුං න සක‍්කොති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. ඉමස‍්මිං පන සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති වෙදිතබ‍්බං.

නවවැන්නෙහි හත්‍ථිකායං යනු ඇත් සමුහයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි, සංග්‍රාමයෙහි හැසිරේනුයි සඞ්ගාමාවචරා යි, එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො යනු එක්දිනක එක් තණදිය දීමකින් අවමන් කරන ලද්දේයි, එක්දිනක් පමණ නොලද තණදිය ඇත්තේයි අරුත්ය. මෙයින් මත්තෙහි ද මේ ක්‍රමයයි. න සක්කොති චිත්තං සමාදහිතුං යනු අරමුණෙහි සිත මනාව තැබීමට නොහැකි වෙයි, මෙහි සෙස්ස පැහැදිලිමය, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදැයි දතයුතුය.

10. සොතාරසුත‍්තවණ‍්ණනා

10. සොතාර සූත්‍ර වර්ණනාව

දසමෙ දුරුත‍්තානන‍්ති න සුට‍්ඨු වුත‍්තානං දොසවසෙන පවත‍්තිතානං ඵරුසවචනානං. දුරාගතානන‍්ති දුක‍්ඛුප‍්පාදනාකාරෙන සොතද‍්වාරං ආගතානං. වචනපථානන‍්ති වචනානං. දුක‍්ඛානන‍්ති දුක‍්ඛමානං. තිබ‍්බානන‍්ති බහලානං තාපනසභාවානං වා. ඛරානන‍්ති ඵරුසානං. කටුකානන‍්ති තිඛිණානං. අසාතානන‍්ති අමධුරානං. අමනාපානන‍්ති මනං අප‍්පායිතුං වඩ‍්ඪෙතුං අසමත්‍ථානං. පාණහරානන‍්ති ජීවිතහරානං. යා සා දිසාති සබ‍්බසඞ‍්ඛාරසමථාදිවසෙන දිස‍්සති අපදිස‍්සතීති නිබ‍්බානං දිසාති වෙදිතබ‍්බං. යස‍්මා පන තං ආගම‍්ම සබ‍්බෙ සඞ‍්ඛාරා සමථං ගච‍්ඡන‍්ති, තස‍්මා සබ‍්බසඞ‍්ඛාරසමථොති වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. ඉමස‍්මිං පන සුත‍්තෙ සීලසමාධිපඤ‍්ඤා මිස‍්සිකා කථිතාති.

දසවැන්නෙහි දුරුත්තානං යනු නොමනාව කියන ලද්දවුන්ගේයි, දොස් වශයෙන් පැවති එරුෂ වචනයන්ගේයි, දුරාගතානං යනු දුක් උපදනා අයුරින් කන්දොරට පැමිණියවුන්ගේයි: වචනපථානං යනු වචනයන්ගේයි, දුක්ඛානං යනු දුක් ඇති කරනු ලබන්නවුන්ගේයි, තිප්පානං යනු බහුල වූවන්ගේයි, ඛරානං යනු රළු වූවන්ගේයි, කටුකානං යනු සූක්ෂම වූවන්ගේයි, අසාතානං යනු අමිහිරි වූවන්ගේයි, අමනාපානං යනු මනස නැඟීමට වැඩීමට අසමත් වූවන්ගේයි, පාණහරනං යනු දිවි පැහැර ගන්නවුන්ගේයි, යා සා දිසා යනු සියලු සංස්කාර සංසිදීම් ආදී වශයෙන් දක්නා ලැබේනුයි නිවන දිසායි දතයුතුය. යම්හෙයකින් එයට පැමිණ සියලු සංස්කාරයෝ සංසිදීමට යත්ද එහෙයින් සබ්බසංඛාරසමථො යි කියන ලදි, සෙස්ස සියලු තැන පැහැදිලිමය, මේ සූත්‍රයෙහි ශීල සමාධි ප්‍රඥාවෝ මිශ්‍රකව කියන ලදහ.

රාජවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වර්‍ගයයි.