යෙදුමෙන් කියවන්න

5. තිකණ‍්ඩකීවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. තිකණ්ඩකී වර්ගය

1. අවජානාති සුත‍්තවණ‍්ණනා

1. අවජානාති සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ සංවාසෙනාති එකතොවාසෙන. ආදෙය්‍යමුඛොති ආදියනමුඛො, ගහණමුඛොති අත්‍ථො. තමෙනං දත්‍වා අවජානාතීති “අයං දින‍්නං පටිග‍්ගහෙතුමෙව ජානාතී”ති එවං අවමඤ‍්ඤති. තමෙනං සංවාසෙන අවජානාතීති අප‍්පමත‍්තකෙ කිස‍්මිඤ‍්චිදෙව කුජ‍්ඣිත්‍වා “ජානාමහං තයා කතකම‍්මං, එත‍්තකං අද‍්ධානං අහං කිං කරොන‍්තො වසිං, නනු තුය‍්හමෙව කතාකතං වීමංසන‍්තො”තිආදීනි වත‍්තා හොති. අථ ඉතරො “අද‍්ධා කොචි මය‍්හං දොසො භවිස‍්සතී”ති කිඤ‍්චි පටිප‍්ඵරිතුං න සක‍්කොති. තං ඛිප‍්පඤ‍්ඤෙව අධිමුච‍්චිතා හොතීති තං වණ‍්ණං වා අවණ‍්ණං වා සීඝමෙව සද‍්දහති. සද‍්දහනට‍්ඨෙන හි ආදානෙන එස ආදියනමුඛොති වුත‍්තො. ආධෙය්‍යමුඛොති පාළියා පන ඨපිතමුඛොති අත්‍ථො. මග‍්ගෙ ඛටආවාටො විය ආගතාගතං උදකං වණ‍්ණං වා අවණ‍්ණං වා සද‍්දහනවසෙන සම‍්පටිච‍්ඡිතුං ඨපිතමුඛොති වුත‍්තං හොති.

පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සංවාසෙන යනු එක්ව විසීමෙනි, ආදිය්‍යමුඛො යනු පිළිගැනීමේ දොරටුව, ගැනීමේ දොරටුව යන අරුත්ය, තමෙනං දත්වා අවජානාති යනු මෙතෙම දුන්දුන් දෙය පිළිගැනීමට පමණක් දනියි යනුවෙන් අවමන් කරයි, තමෙනං සංවාසෙන අවජානාති යනු කිසියම් සුළු දෙයක් නිසා කිපී “ඔබ විසින් කරන ලද දෙය මම දනිමි. මෙපමණ කලක් මම කුමක් කරමින් විසූයෙම්ද නුඹගේම කළනොකළ දෑ විමසමින් නොවේදැ”යි ආදිය කියන්නේ වෙයි, ඉක්බිති අනෙකා ‘මගේ කිසි දොසක් වන්නේය’යි කිසිවක් පැවසීමට නොහැකි වෙයි, තං ඛිප්පංයෙව අධිමුච්චිතා හොති යනු ඒ ගුණ වැණුම හෝ දොස් නැගීම ඉක්මණින්ම අදහයි, ඇදහීම් අරුතින් පිළිගැනීමෙන් මෙතෙම ආදිය්‍යමුඛො යි කියන ලදි, ආධිය්‍යමුඛො යනු පෙළෙහි වනාහි තබනලද මුව ඇත්තේයි අරුත්ය, පාරෙහි සෑරුණු වළක් ඊට ආ ආ දිය පිළිගන්නාක් මෙන් ගුණයක් හෝ අගුණයක් හෝ විශ්වාස කිරීම් වශයෙන් පිළිගැනීමට තබන ලද මුවකැයි (විවරයකැයි) කියන ලද්දේ වෙයි,

ඉත‍්තරසද‍්ධොති පරිත‍්තකසද‍්ධො. කුසලාකුසලෙ ධම‍්මෙ න ජානාතීතිආදීසු කුසලෙ ධම‍්මෙ “ඉමෙ කුසලා”ති න ජානාති, අකුසලෙ ධම‍්මෙ “ඉමෙ අකුසලා”ති න ජානාති. තථා සාවජ‍්ජෙ සදොසධම‍්මෙ “ඉමෙ සාවජ‍්ජා”ති, අනවජ‍්ජෙ ච නිද‍්දොසධම‍්මෙ “ඉමෙ අනවජ‍්ජා”ති, හීනෙ හීනාති, පණීතෙ පණීතාති. කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙති “ඉමෙ කණ‍්හා සුක‍්කෙ පටිබාහෙත්‍වා ඨිතත‍්තා සප‍්පටිභාගා නාම, ඉමෙ ච සුක‍්කා කණ‍්හෙ පටිබාහිත්‍වා ඨිතත‍්තා සප‍්පටිභාගා”ති න ජානාති.

ඉත්තරසද්ධො යන අඩ සැදැහැ ඇත්තේයි, කුසලාකුසලෙ ධම්මෙ න ජානාති යනාදියෙහි කුශලධර්‍මයෙහි මේ කුශලයෝයි ද අකුශල ධර්‍මයෙහි මේ අකුශලයෝයි ද නොදනියි, එසේම වැරදි සහිත දොස් සහිත ධර්‍මයන්හි වේවා වැරදි සහිතයයි ද වැරදි රහිත නිදොස් දහම්හි මේවා අනවද්‍යයයි ද පහත් ධර්‍මයන්හි පහත්යයිද උසස් ධර්‍මයන්හි උසස්යයි ද කණ්හසුක්ක සප්පටිභාගයන්හි මේ පාපධර්‍ම යහපත් ධර්‍ම යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝ යයි ද මේ යහපත් ධර්‍ම පාපධර්‍මයන් යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝයි ද නොදනිත්.

2. ආරම‍්භතිසුත‍්තවණ‍්ණනා

2. ආරම්භති සූත්‍ර වර්ණනාව

දුතියෙ ආරභති ච විප‍්පටිසාරී ච හොතීති ආපත‍්තිවීතික‍්කමනවසෙන ආරභති චෙව, තප‍්පච‍්චයා ච විප‍්පටිසාරී හොති. චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තින‍්ති අරහත‍්තසමාධිඤ‍්චෙව අරහත‍්තඵලඤාණඤ‍්ච. නප‍්පජානාතීති අනධිගතත‍්තා න ජානාති. ආරභති න විප‍්පටිසාරී හොතීති ආපත‍්තිං ආපජ‍්ජති, වුට‍්ඨිතත‍්තා පන න විප‍්පටිසාරී හොති. නාරභති විප‍්පටිසාරී හොතීති සකිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය පච‍්ඡා කිඤ‍්චාපි නාපජ‍්ජති, විප‍්පටිසාරං පන විනොදෙතුං න සක‍්කොති. නාරභති න විප‍්පටිසාරී හොතීති න චෙව ආපත‍්තිං ආපජ‍්ජති, න ච විප‍්පටිසාරී හොති. තඤ‍්ච චෙතොවිමුත‍්තිං…පෙ… නිරුජ‍්ඣන‍්තීති අරහත‍්තං පන අප‍්පත‍්තො හොති. පඤ‍්චමනයෙන ඛීණාසවො කථිතො.

දෙවැන්නෙහි ආරභති ච විප්පටිසාරී ච හොති යනු ඇවැත් ඉක්මවීම වශයෙන් අරඹයි (නසයි?) මෙන්ම ඒ හේතුවෙන් විපිළිසරද වෙයි, චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යනු අරහත්ත සමාධිය මෙන්ම අරහත් ඥානය ද වේ, නප්පජානාති යනු අවබෝධ නො කළ බැවින් නොදනියි, ආරභති න විප්පටිසාරි හොති යනු ඇවතට පැමිණෙයි, එයින් නැඟී සිටි බැවින් විපිළිසර නොවෙයි, නාරභති විප්පටිසාරී හොති යනු වරක් ඇවතට පැමිණ එයින් නැඟී සිට පසුව කිසි ඇවතකට නොපැමිණෙයි, විපිළිසර බව දුරු කිරීමට නොහැකි වෙයි, නාරභති න විප්පටිසාරී හොති යනු ඇවතට පැමිණෙන්නේත් නොවේ විපිළිසර වන්නේත් නොවේ, තඤ්ච චෙතොවිමුත්තිං - පෙ- නිරුජ්ඣති යනු රහත්බවට නොපැමිණියේ වෙයි, පස්වැන්නෙන් ක්ෂීණාශ්‍රවයා කියන ලදි.

ආරම‍්භජාති ආපත‍්තිවීතික‍්කමසම‍්භවා. විප‍්පටිසාරජාති විප‍්පටිසාරතො ජාතා. පවඩ‍්ඪන‍්තීති පුනප‍්පුනං උප‍්පජ‍්ජනෙන වඩ‍්ඪන‍්ති. ආරම‍්භජෙ ආසවෙ පහායාති වීතික‍්කමසම‍්භවෙ ආසවෙ ආපත‍්තිදෙසනාය වා ආපත‍්තිවුට‍්ඨානෙන වා පජහිත්‍වා. පටිවිනොදෙත්‍වාති සුද‍්ධන‍්තෙ ඨිතභාවපච‍්චවෙක‍්ඛණෙන නීහරිත්‍වා. චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවෙතූති විපස‍්සනාචිත‍්තඤ‍්ච තංසම‍්පයුත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවෙතු. සෙසං ඉමිනා උපායෙනෙව වෙදිතබ‍්බන‍්ති.

ආරම්හජා යනු ඇවැත් ඉක්මීම නිසායි. විප්පටිසාරජා යනු විපිළිසරවීමෙන් හටගත්තාවූයි, පවඩ්ඪන්ති යනු නැවත නැවත ඉපදීමෙන් වැඩෙත්, ආරම්හජෙ ආසවෙ පහාය යනු ඉක්වීමෙන් හටගත් ආශ්‍රවයන් ඇවැත් දෙසීමෙන් හෝ ඇවතින් නැඟී සිටීමෙන් හෝ දුරුකොටයි, පටිවිනොදෙත්වා යනු පිරිසුදු බවෙහි සිටිබව මෙනෙහි කිරීමෙන් දුරුකොටයි, චිත්තං පඤ්ඤඤ්ව භාවෙතු යනු විදර්‍ශනා සිත ද ඒ හා යෙදුණු ප්‍රඥාව ද වඩවායි, සෙස්ස මේ ක්‍රමයෙන්ම දතයුතුය.

3. සාරන්‍දද සුත‍්තවණ‍්ණනා

3. සාරන්දද සූත්‍ර වර්ණනාව

තතියෙ කාමාධිමුත‍්තානන‍්ති වත්‍ථුකාමකිලෙසකාමෙසු අධිමුත‍්තානං. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති නවලොකුත‍්තරධම‍්මත්‍ථාය සහසීලකං පුබ‍්බභාගප‍්පටිපදං පටිපන‍්නො පටිපත‍්තිපූරකො පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං.

තුන්වැන්නෙහි කාමාධිමුත්තානං යනු වස්තුකාම ක්ලේශකාමයන්හි යෙදුනවුන්ගේයි, ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරා දහම සඳහා සීලය සමග පූර්‍වභාග ප්‍රතිපදාවට පිළිපන්නාවූ පිළිවෙත් පුරන පුද්ගලයා ලොවෙහි දුලබයි,

4. තිකණ‍්ඩකීසුත‍්තවණ‍්ණනා

4. තිකණ්ඩකී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අප‍්පටිකූලෙති අප‍්පටිකූලාරම‍්මණෙ. පටිකූලසඤ‍්ඤීති පටිකූලන‍්ති එවංසඤ‍්ඤී. එස නයො සබ‍්බත්‍ථ. කථං පනායං එවං විහරතීති? ඉට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං පන අසුභාය වා ඵරති, අනිච‍්චතො වා උපසංහරති. එවං තාව අප‍්පටිකූලෙ පටිකූලසඤ‍්ඤී විහරති. අනිට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා ඵරති, ධාතුතො වා උපසංහරති. එවං පටිකූලෙ අප‍්පටිකූලසඤ‍්ඤී විහරති. උභයස‍්මිං පන පුරිමනයස‍්ස ච පච‍්ඡිමනයස‍්ස ච වසෙන තතියචතුත්‍ථවාරා වුත‍්තා, ඡළඞ‍්ගුපෙක‍්ඛාවසෙන පඤ‍්චමො. ඡළඞ‍්ගුපෙක‍්ඛා චෙසා ඛීණාසවස‍්ස උපෙක‍්ඛාසදිසා, න පන ඛීණාසවුපෙක‍්ඛා. තත්‍ථ උපෙක‍්ඛකො විහරෙය්‍යාති මජ‍්ඣත‍්තභාවෙ ඨිතො විහරෙය්‍ය. ක්‍වචනීති කිස‍්මිඤ‍්චි ආරම‍්මණෙ. කත්‍ථචීති කිස‍්මිඤ‍්චි පදෙසෙ. කිඤ‍්චනති කොචි අප‍්පමත‍්තකොපි. ඉති ඉමස‍්මිං සුත‍්තෙ පඤ‍්චසු ඨානෙසු විපස‍්සනාව කථිතා. තං ආරද‍්ධවිපස‍්සකො භික‍්ඛු කාතුං සක‍්කොති, ඤාණවා පඤ‍්ඤුත‍්තරො බහුස‍්සුතසමණොපි කාතුං සක‍්කොති. සොතාපන‍්නසකදාගාමිඅනාගාමිනො කාතුං සක‍්කොන‍්තියෙව, ඛීණාසවෙ වත‍්තබ‍්බමෙව නත්‍ථීති. පඤ‍්චමං උත‍්තානමෙව.

සිවුවැන්නෙහි අප්පටික්කුලෙ යනු පිළිකුල් නොවන අරමුණෙහියි, පටික්කුලසඤ්ඤි යනු පිළිකුල්යයි මෙසේ හැඟීම් ඇත්තේයි, සියලු තන්හි මේ ක්‍රමයයි, කෙසේ නම් මෙතෙම මෙසේ වෙසේද යත්? ඉෂ්ට වස්තුවෙහි අසුභය සඳහා හෝ පතුරුවයි, අනිත්‍ය වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් නොවන දෙයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේ වසයි, අනිටු වස්තුවෙහි මෙත් සිතින් හෝ පතුරුවා සිටියි, ධාතු වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් දෙයෙහි පිළිකුල් නොවීමේ හැගීම් ඇතිව වෙසෙයි, දෙකෙහිම මුල් ක්‍රමය හා පසුක්‍රමය වශයෙන් තෙවැනි හා සිවුවැනි වාර කියන ලදි, අංග සයක් ඇති උපේක්ෂාව වශයෙන් පස්වැන්නයි, මේ අංග සයක් ඇති උපේක්ෂාව ක්ෂීණාශ්‍රවයාගේ උපෙක්ෂාවයි, ක්‍ෂීණාශ්‍රවයාගේ උපේක්ෂාව සමාන වන්නක් නොමැත. එහි උපෙඛකො විහරෙය්‍ය යනු මැදහත් බවෙහි සිටියේ හැසිරෙන්නේය, කච්චිනි යනු කිසි අරමුණෙකයි, කත්‍ථචි යනු කිසියම් පෙදෙසකයි, කිඤ්චනා යනු කිසියම් නොපමාවූවෙක් ද වේ, මෙසේ මේ සූත්‍රයෙහි පස් තැනක විදර්‍ශනාව කියන ලදි, අරඹන ලද විදසුන් ඇති එක් භික්ෂුවක් එය කිරීමට සමත්වෙයි, නුවණැති ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ වූ බහුශ්‍රැත ශ්‍රමණයෙක් ද එය කිරීමට සමත්වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු කිරීමට සමත් වෙත්මය, ක්ෂීණාශ්‍රවයා ගැන කිවයුත්තක්ම නැත. පස්වැන්න පැහැදිලිමය.

6. භික‍්ඛුමිත‍්ත සුත‍්තවණ‍්ණනා

6. භික්ඛුමිත්ත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කම‍්මන‍්තං කාරෙතීති ඛෙත‍්තාදිකම‍්මන‍්තං කාරෙති. අධිකරණං ආදියතීති චත‍්තාරි අධිකරණානි ආදියති. පාමොක‍්ඛෙසු භික‍්ඛූසූති දිසාපාමොක‍්ඛෙසු භික‍්ඛූසු. පටිවිරුද‍්ධො හොතීති පච‍්චනීකග‍්ගාහිතාය විරුද‍්ධො හොති. අනවත්‍ථචාරිකන‍්ති අනවත්‍ථානචාරිකං.

සවැන්නෙහි කම්මන්තං කාරෙති යනු කුඹුරු ආදී කර්‍මාන්ත කරවයි, අධිකරණං ආදියති යනු සතර අධිකරණ ගනියි, පාමොක්ඛෙසු භික්ඛුසු යනු දිශා ප්‍රමුඛ වූ භික්ෂූන් කෙරෙහිය, පටිවිරුද්ධො හොති යනු ප්‍රතිවිරුද්ධ ගැන්වීමට විරුද්ධ වෙයි, අනවත්‍ථ චාරිකං යනු අනිශ්චිත හැසිරීමයි.

7. අසප‍්පුරිසදානසුත‍්තවණ‍්ණනා

7. අසප්පුරිස දාන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අසක‍්කච‍්චං දෙතීති න සක‍්කරිත්‍වා සුචිං කත්‍වා දෙති. අචිත‍්තීකත්‍වා දෙතීති අචිත‍්තීකාරෙන අගාරවවසෙන දෙති. අපවිද‍්ධං දෙතීති න නිරන‍්තරං දෙති, අථ වා ඡඩ‍්ඩෙතුකාමො විය දෙති. අනාගමනදිට‍්ඨිකො දෙතීති කතස‍්ස නාම ඵලං ආගමිස‍්සතීති න එවං ආගමනදිට‍්ඨිං න උප‍්පාදෙත්‍වා දෙති.

සත්වැන්නෙහි අසක්කච්චං දානං දෙති යනු සත්කාර කොට පිරිසුදුකොට නොදෙයි, අචීන්තීකත්වා දෙති යනු නොසැලකිල්ලෙන් අගෞරවයෙන් දෙයි, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, නැතහොත් ඉවතදමනු කැමැත්තේ මෙන් දෙයි, අනාගමනදිට්ඨිකො දෙති යනු කවදා නම් ප්‍රතිඵලයක් එන්නේදැයි මෙසේ ප්‍රතිඵල ලැබීම පිළිබඳ දෘෂ්ටියක් උපදවා නොවෙයි,

සුක‍්කපක‍්ඛෙ චිත‍්තීකත්‍වා දෙතීති දෙය්‍යධම‍්මෙ ච දක‍්ඛිණෙය්‍යෙසු ච චිත‍්තීකාරං උපට‍්ඨපෙත්‍වා දෙති. තත්‍ථ දෙය්‍යධම‍්මං පණීතං ඔජවන‍්තං කත්‍වා දෙන‍්තො දෙය්‍යධම‍්මෙ චිත‍්තීකාරං උපට‍්ඨපෙති නාම. පුග‍්ගලං විචිනිත්‍වා දෙන‍්තො දක‍්ඛිණෙය්‍යෙසු චිත‍්තීකාරං උපට‍්ඨපෙති නාම. සහත්‍ථා දෙතීති ආණත‍්තියා පරහත්‍ථෙන අදත්‍වා “අනමතග‍්ගෙ සංසාරෙ විචරන‍්තෙන මෙ හත්‍ථපාදානං අලද‍්ධකාලස‍්ස පමාණං නාම නත්‍ථි, වට‍්ටමොක‍්ඛං භවනිස‍්සරණං කරිස‍්සාමී”ති සහත්‍ථෙනෙව දෙති. ආගමනදිට‍්ඨිකොති “අනාගතභවස‍්ස පච‍්චයො භවිස‍්සතී”ති කම‍්මඤ‍්ච විපාකඤ‍්ච සද‍්දහිත්‍වා දෙතීති.

යහපත් පැත්තෙහි, චිත්තීකත්වා දෙති යනු දෙය්‍ය ධර්‍මයන්හි ද දීමට සුදුසු පුද්ගලයන් කෙරෙහි ද ගෞරවය උපදවා දෙයි, එහි දානවස්තුව රසවත් කොට ඔදවත් කොට දෙන්නේ දෙය්‍යධර්‍මයෙහි ගෞරවය එළවයි නමි, පුද්ගලයා විමසා දෙන්නේ දීමට සුදුසු පුද්ගලයන් කෙරෙහි ගෞරවය එළවන්නේ නමි. සහත්‍ථා දෙති යනු ඇණවීමෙන් අනුන් අතින් නොදී නොදත් අග් ඇති සසරෙහි හැසිරෙන්නා වූ මවිසින් අත්පා නොලද අවස්ථාවන්ගේ ප්‍රමාණයක් නම් නැත. සසරින් මිදීම භවයෙන් අත්හැරීම කරන්නෙමැයි සියතින්ම දෙයි, ආගමනදිට්ඨිකො යනු අනාගත භවයට ප්‍රත්‍යය වේ යයි කර්‍මය ද විපාකය ද අදහා දෙයි.

8. සප‍්පුරිසදාන සුත‍්තවණ‍්ණනා

8. සප්පුරිස දාන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සද‍්ධායාති දානඤ‍්ච දානඵලඤ‍්ච සද‍්දහිත්‍වා. කාලෙනාති යුත‍්තප‍්පත‍්තකාලෙන. අනග‍්ගහිතචිත‍්තොති අග‍්ගහිතචිත‍්තො මුත‍්තචාගො හුත්‍වා. අනුපහච‍්චාති අනුපඝාතෙත්‍වා ගුණෙ අමක‍්ඛෙත්‍වා. කාලාගතා චස‍්ස අත්‍ථා පචුරා හොන‍්තීති අත්‍ථා ආගච‍්ඡමානා වයොවුඩ‍්ඪකාලෙ අනාගන‍්ත්‍වා යුත‍්තප‍්පත‍්තකාලෙ පඨමවයස‍්මිංයෙව ආගච‍්ඡන‍්ති චෙව බහූ ච හොන‍්ති.

අටවැන්නෙහි සද්ධාය යනු දානයත් දාන ඵලයත් අදහායි, කාලෙන යනු සුදුසු කාලයෙනි, අනග්ගහිතචිත්තො යනු දැඩිව අල්වා නොගත් සිත් ඇත්තේ අත්හළ බැඳීම් ඇත්තේ වීයි, අනුපහච්ච යනු නොනසා, ගුණය නොමකායි, කාලාගතා චස්ස අත්‍ථා පචුරා හොන්ති යනු අර්ථයෝ පැමිණෙන්නාහු වයස්ගත වූ කාලයෙහි නොපැමිණ සුදුසු කල්හි ප්‍රථම වයසෙහි (තරුණ කල)ම පැමිණෙත්. එමෙන්ම බෙහෝ ද වෙත්.

9. පඨම සමයවිමුත‍්ත සුත‍්තවණ‍්ණනා

9. පළමුවැනි සමයවිමුත්ත සූත්‍ර වර්ණනාව

නවමෙ සමයවිමුත‍්තස‍්සාති අප‍්පිතප‍්පිතක‍්ඛණෙයෙව වික‍්ඛම‍්භිතෙහි කිලෙසෙහි විමුත‍්තත‍්තා සමයවිමුත‍්තිසඞ‍්ඛාතාය ලොකියවිමුත‍්තියා විමුත‍්තචිත‍්තස‍්ස. දසමං උත‍්තානත්‍ථමෙව.

නවවැන්නෙහි සමයවිමුත්තස්ස යනු (අරමුණට) නංවන ලද නංවන ලද කෙණහි යටපත් කළ කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් සමය විමුක්ති සංඛ්‍යාත ලෞකික විමුක්තියෙන් මිදුනු සිත් ඇත්තහුගේයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.

තිකණ‍්ඩකීවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වර්‍ගයයි.

තතියපණ‍්ණාසකං නිට‍්ඨිතං.

තෙවැනි පණ්ණාසකයයි.