යෙදුමෙන් කියවන්න

අවජානාති සුත‍්තං

5. 3. 5. 1.

5. 3. 5. 1.

[අවජානාති සුත‍්තං]

[අවජානාති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ පඤ‍්ච:

41. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මේ පුද්ගලයෝ පස් දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:

දත්‍වා අවජානාති, සංවාසෙන අවජානාති, ආදිය්‍යමුඛො හොති, ලොලො හොති. මන්‍දො හොති මොමුහො.

දී අවමන් කරන්නේ ය, එක්වැ විසීමෙන් අවමන් කරන්නේ ය, ග්‍රහණමුඛයෙක් වෙයි, ලෝලයෙක් වෙයි, මන්‍ද මොමුහයෙක් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො දත්‍වා අවජානාති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලස‍්ස දෙති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. තස‍්ස එවං හොති: ‘අහං දෙමි, අයං පතිගණ‍්හාතී’ති. තමෙනං දත්‍වා අවජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො දත්‍වා අවජානාති.

මහණෙනි, කෙසේ පුද්ගල දී අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුඟුලක්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකර දෙයි. ඔහට මෙබඳු සිත් වෙයි: “මම දෙන්නෙම් වෙමි, මෙ තෙමේ පිළිගන්නේ වේ (මෙතෙම පිළිගන්නට නම් දනී) ය” යි. තෙල පුඟුල්හට දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දී අවමන් කරන්නේ ය.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සංවාසෙන අවජානාති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලෙන සද‍්ධිං සංවසති ද‍්වෙ වා තීණි වා වස‍්සානි. තමෙනං සංවාසෙන අවජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සංවාසෙන අවජානාති.

මහණෙනි, කෙසේ පුද්ගල සංවාසයෙන් (එක්ව විසීමෙන්) අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුද්ගලයකු හා සමඟ දෙවසක් වේවයි තෙවසක් වේවයි එක්ව වසයි. සංවාසයෙන් (මම තොපගේ හැටි දනිමි යි) එපුඟුල්හට අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සංවාසයෙන් අවමන් කෙරෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ආදිය්‍යමුඛො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො පරස‍්ස වණ‍්ණෙ වා අවණ‍්ණෙ වා භාසියමානෙ තං ඛිප‍්පඤ‍්ඤෙව අධිමුච‍්චිතා හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ආදිය්‍යමුඛො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල ග්‍රහණමුඛ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමාගේ ගුණය වේවයි අගුණය වේවයි කියත් ම එය වහා ම අදහන්නේ (පිළිගැණීමට හයාගත් මුව ඇත්තේ) වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ග්‍රහණමුඛ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ලොලො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ඉත‍්තරසද‍්ධො හොති. ඉත‍්තරභත‍්තී ඉත‍්තරපෙමො ඉත‍්තරප‍්පසාදො. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ලොලො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල ලෝල වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ඉත්‍වර (ස්වල්ප) ශ්‍රද්ධා ඇතියේ ඉත්‍වරභක්ති ඇතියේ ඉත්‍වරප්‍රේමඇතියේ ඉත්‍වරප්‍රසාද ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ලෝලයෙක් (වහා වෙනස්වන සුලු අස්ථිරයෙක්) වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො මන්‍දො හොති? මොමූහො ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො කුසලාකුසලෙ ධම‍්මෙ න ජානාති, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ න ජානාති, හීනප‍්පණීතෙ ධම‍්මෙ න ජානාති, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ න ජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො මන්‍දො හොති මොමුහො.

මහණෙනි, කෙසේ පුද්ගල මන්‍ද මෝමූහ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් කුශල අකුශල ධර්‍මයන් නො දන්නේ ය. සාවද්‍ය අනවද්‍ය ධර්‍මයන් නො දන්නේ ය. හීනප්‍රණීත ධර්‍මයන් නො දන්නේ ය. කෘෂ්ණශුක්ල සප්‍රතිභාග (අකුශලවිරුද්ධ කුශල, කුශලවිරුද්ධ අකුශල) ධර්‍මයන් නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල මන්‍ද මොමුහ වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මොහු ලෝකයෙහි විද්‍යාමාන පුද්ගලයෝ පස්දෙන යි.