සොතාරසුත්තං
5. 3. 4. 10.
5. 3. 4. 10.
[සොතාරසුත්තං]
[සෝතාර සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
40. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
40. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත රාජකීය මහඇත් රාජාර්‍හ වෙයි, රාජභෝග්‍ය වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා ච හොති, හන්තා ච, රක්ඛිතා ච, ඛන්තා ච, ගන්තා ච.
මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් අසන්නේ ද වෙයි, නසන්නේ ද වෙයි, රකින්නේ ද වෙයි, ඉවසන්නේ ද වෙයි, යන්නේ ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථී කාරණං කාරෙති යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං, තං අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො සුණාති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ශ්රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇත්හු ලවා කළ විරූ වේවයි නොකළ විරූ වේවයි යම් ම කාරණයක් කරවා නම්, එය අර්ත්ථ කොට (ඕනෑකමින්) මෙනෙහි කොට මුළු සිතින් ආවර්ජනා කොට යොමු කළ කන් ඇතිව අසයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ශ්රෝතෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිම්පි හන්ති, හත්ථාරුහම්පි හන්ති. අස්සම්පි හන්ති, අස්සාරුහම්පි හන්ති. රථම්පි හන්ති රථියම්පි හන්ති. පත්තිකම්පි හන්ති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ මහ ඇත් හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඇතු ද නසයි, ඇතැරු ද නසයි, අසු ද නසයි, අසරු ද නසයි, රථය ද නසයි, රථිකයා ද නසයි, පාබළසෙන් ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් රජ හන්තෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො රක්ඛිතා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො රක්ඛති පුරිමං කායං, රක්ඛති පච්ඡිමං කායං. රක්ඛති පුරිමෙ පාදෙ, රක්ඛති පච්ඡිමෙ පාදෙ. රක්ඛති සීසං, රක්ඛති කාණෙ, රක්ඛති දන්තෙ, රක්ඛති සොණ්ඩං, රක්ඛති වාලධිං, රක්ඛති හත්ථාරුහං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො රක්ඛිතා හොති.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් රක්ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඉදිරිකය රක්නේ ය, පශ්චිමකාය රක්නේ ය, ඉදිරි පා රක්නේය, පසු පා රක්නේය, හිස රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙදළ රක්නේ ය, සොඬ රක්නේ ය, වල්පත් රක්නේ ය, ඇතැරු රක්නේ ය. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් රක්ෂිතෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති සත්තිප්පහාරානං, අසිප්පහාරානං, උසුප්පහාරානං, ඵරසුප්පහාරානං, භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දානං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ක්ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් සැත්පහර ඉවසනුයේ වෙයි, කඩුපහර ඉවසනුයේ වෙයි, හී පහර ඉවසනුයේ වෙයි, පොරෝ පහර ඉවසනුයේ වෙයි, බෙර පණාබෙරසක් ගැටබෙර තිණව-ඩිණ්ඩිම බෙර යන තූර්ය්යයන්ගේ මහ හඬ ඉවසනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ක්ෂන්තෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථී දිසං පෙසෙති යදිවා ගතපුබ්බං යදිවා අගතපුබ්බං, තං ඛිප්පං එව ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ මහඇත් ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇතු ගිය විරූ වේවයි නොගිය විරූ වේවයි යම් ම දිශාවකට මෙහෙයවා නම්, එ දිගට වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ගන්තෘ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මේ කරුණු පසින් යුත් රජුගේ මහඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති, හන්තා ච, රක්ඛිතා ච, ඛන්තා ච, ගන්තා ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රෝතෘ ද වෙයි. හන්තෘ ද වෙයි, රක්ෂිතෘ ද වෙයි, ක්ෂන්තෘ ද වෙයි, ගන්තෘ ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සොතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොතා හොති.
මහණෙනි, කෙසේ මහණ ශ්රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත ධර්මවිනය දෙසනු ලබත් ම අර්ත්ථ කොට (ආශාවෙන්), මෙනෙහි කොට, සම්පූර්ණ සිතින් ආවර්ජනා කොට, නැඹුරු කළ කන් ඇතිව ධර්මය අසයි. මහණෙනි, මෙසේ මහණ ශ්රෝතෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු හන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු හන්තා හොති.
මහණෙනි, කෙසේ මහණ හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්කය සිත්හි නො රඳවයි, දුරු කෙරෙයි, හැරපියයි. විගතාන්ත (ප්‍රහීණ) කරයි, අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කරයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසාවිතර්කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපනුපන් ලමු අකුසල් දහම් වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ හන්තෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු රක්ඛිතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු රක්ඛිතා හොති.
මහණෙනි, කෙසේ මහණ රක්ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නා සුලුයේ අනුවියඳුන් (උප ලකුණු) නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්ම වූ අභිධ්‍යා දෞර්මනස්යයෝ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තෙල පුද්ගලයා ලුහුබඳනාහු නම්, එ චක්‍ෂුරින්‍ද්‍රිය සංවර කිරීමට පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධය ආඝ්රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් ධර්මය දැන නිමිති නො ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්ම වූ අභිධ්යාදෞර්මනස්යයෝ මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හු ලුහුබඳනාහු නම්, ඒ මනින්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදිනේ ය. මනින්‍ද්‍රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ මහණ රක්ෂිතෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති.
මහණෙනි, කෙසේ නම් මහණ ක්ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීත හා උෂ්ණ හා සාපවස් හා මැසි මදුරු වා අවු සපුන් පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කියු නපුරු කොට පැමිණි (අසන්නට ලැබුනු) වචන ඉවසන්නේ වෙයි. දුක් වූ තීව්ර වූ ක්‍රෑර වූ කටුක වූ අශාත වූ අමනාප වූ පණ හරණා සුලු උපන් ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ක්ෂන්තෘ වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යා සා දිසා අගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපධි පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, තං ඛිප්පඤ්ඤෙව ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගන්තා හොති.
මහණෙනි, මහණ කෙසේ ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දීර්ඝකාලයෙහි සර්වසංස්කාරයන්ගේ ශමථය වන සර්‍වොපධීන්ගේ දුරැලීම වන තෘෂ්ණාක්ෂය වන විරාගය වය නිරෝධය වන නිර්වාණය වන යම් නොගියවිරූ දිශායෙක් වේ නම්, එ දිගට වහා යන සුලුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්තෘ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.
රාජවග්ගො චතුත්ථො.
රාජවර්ගය සතර වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
චක්කානුවත්තනා රාජා යස්සං දිසං චෙව පත්ථනා අප්පං සුපති භත්තාදා අක්ඛමො සොතාරො චාති.
චක්කානුවත්තන සූත්‍ර දෙකය, ධම්මරාජ සූත්‍රය, යස්සං දිසා සූත්‍රය, පත්ථනා සූත්‍ර දෙකය, අප්පං සූපති සූත්‍රය, භත්තාද සූත්‍රය, අක්ඛම සූත්‍රය, සෝතාර සූත්‍රය සමඟ දශයෙකි.