යෙදුමෙන් කියවන්න

අක‍්ඛමසුත‍්තං

5. 3. 4. 9.

5. 3. 4. 9.

[අක‍්ඛමසුත‍්තං]

[අක්ඛම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

39. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො න රාජාරහො හොති න රාජභොග‍්ගො. න රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි පඤ‍්චහි:

39. මහණෙනි, කරුණු පසෙකික් සමන්‍වාගත රාජකීය හස්ති රාජාර්‍හ නො වෙයි, රාජභෝග්‍ය නො වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට ද නො යෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රූපානං, අක‍්ඛමො සද‍්දානං, අක‍්ඛමො ගන්‍ධානං, අක‍්ඛමො රසානං, අක‍්ඛමො ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ ලොව රජුගේ ඇත් රූප නොසහනේ වෙයි. ශබ්ද නොසහනේ වෙයි. ගන්‍ධ නොසහනේ වෙයි. රස නොසහනේ වෙයි. ස්පර්‍ශ නොසහනේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රූපානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො හත්‍ථිකායං වා දිස‍්වා අස‍්සකායං වා දිස‍්වා රථකායං වා දිස‍්වා පත‍්තිකායං වා දිස‍්වා සංසීදති විසීදති න සන්‍ථම‍්භති න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රූපානං.

මහණෙනි, රජුගේ ඇත්රජ කෙසේ නම් රූප නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාම භූමියට ගියේ ඇත්මුළ හෝ දැක අස්මුළ හෝ දැක රියසෙන් හෝ දැක පාබළසෙන් හෝ දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මැනැවින් නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නොපොහොසත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්තිරාජයා රූප නො ඉවසන්නේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති සද‍්දානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො හත්‍ථිසද‍්දං වා සුත්‍වා, අස‍්සසද‍්දං වා සුත්‍වා රථසද‍්දං වා සුත්‍වා පත‍්තිසද‍්දං වා සුත්‍වා භෙරිපණව සඞ‍්ඛතිණවනින‍්නාදසද‍්දං වා සුත්‍වා සංසීදති විසීදති න සන්‍ථම‍්භති න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති සද‍්දානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාමභූමියට ගියේ ඇත්හඬ වේවයි අසා අස්හඬ වේවයි අසා රියහඬ වේවයි අසා පාබලසෙන්හඬ වේවයි අසා බෙර පණාබෙර සක් තිණව යන තූර්‍ය්‍යනාද වේවයි අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. දැඩිව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ ඇත්රජ ශබ්ද නොඉවසන්නේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති ගන්‍ධානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො යෙ තෙ රඤ‍්ඤො නාගා අභිජාතා සඞ‍්ගාමාවචරා, තෙසං මුත‍්තකරීසස‍්ස ගන්‍ධං ඝායිත්‍වා සංසීදති විසීදති, න සන්‍ථම‍්භති න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති ගන්‍ධානං.

මහණෙනි, රජුගේ හස්තිනාග කෙසේ නම් ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ රජුගේ අභිජාත වූ යම් ඇත්කෙනෙක් සඞ්ග්‍රාමාවචර වූහු නම්, උන්ගේ මුත්‍රපුරීෂ ගන්‍ධය අසා ගැලෙයි. පසුබසී. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමවතරණයට නොපොහොනේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත්රජ ගන්‍ධයනට අක්‍ෂම වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රසානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො එකිස‍්සා වා තිණොදකදත‍්තියා විමානිතො, ද‍්වීහි වා තීහි වා චතුහි වා පඤ‍්චහි වා තිණොදකදත‍්තී හි විමානිතො සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රසානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ හස්තියා රසයනට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සංග්‍රාමභූමියට ගියේ එක් දිනෙක තණ දිය දීමෙකින් අපමානික වූයේ (දිනක තණදිය නො ලදුයේ) හෝ, තෘණොදකදාන දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ අපමානිත වූයේ ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මනා සේ නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට වදනට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ නාග රසයනට අක්‍ෂම වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො එකෙන වා සරවෙධෙන විද‍්ධො, ද‍්වීහි වා තීහි වා චතුහි වා පඤ‍්චහි වා සරවෙධෙහි විද‍්ධො සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් සප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වේ ය යත්: මහණෙනි, මෙලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් ශරවේධයෙකින් හෝ විදුනා ලදුයේ, (ශරවේධ) දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ ශරවේධ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන කෙරෙයි. විසීදන කෙරෙයි. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමභූමියට බස්නට නොසමත් වෙයි. මහණෙනි, මෙ සෙයින් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො න රාජාරහො හොති න රාජභොග‍්ගො. න රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රාජකීය නාග රාජාර්‍ග නො වෙයි. රාජභෝග්‍ය නො වෙයි. “රාජාඞ්ගයෙක” යන ගණනට නො ම යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු න ආහුනෙය්‍යො හොති, න පාහුනෙය්‍යො, න දක‍්ඛිණෙය්‍යො, න අඤ‍්ජලිකරණීයො, න අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍ග නො වෙයි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රූපානං, අක‍්ඛමො සද‍්දානං, අක‍්ඛමො ගන්‍ධානං, අක‍්ඛමො රසානං, අක‍්ඛමො ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නොසහනේ වෙයි. ගන්‍ධයන් නොසහනේ වෙයි. රසයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රූපානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා රජනීයෙ රූපෙ සාරජ‍්ජති. න සක‍්කොති චිත‍්තං සමාදහිතුං එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රූපානං.

මහණෙනි, කෙසේ නම් මහණ රූපයන් නො ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රඤ්ජනයට නිසි රූපයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැක්කේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ රූපයන් නො ඉවසන්නේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති සද‍්දානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සොතෙන සද‍්දං සුත්‍වා රජනීයෙ සද‍්දෙ සාරජ‍්ජති. න සක‍්කොති චිත‍්තං සමාදහිතුං එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති සද‍්දානං.

මහණෙනි, කෙසේ නම මහණ ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝතයෙන් ශබ්ද අසා රජනීය ශබ්දයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කරණට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ශබ්දයන් නො ඉවසන්නේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති ගන්‍ධානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා රජනීයෙ ගන්‍ධෙ සාරජ‍්ජති. න සක‍්කොති චිත‍්තං සමාදහිතුං එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති ගන්‍ධානං.

මහණෙනි, කෙසේ නම් මහණ ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධ අසා රජනීය ගන්‍ධයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ගන්‍ධයන් ඉවසනුවට නො හැකි වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රසානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ජිව‍්හාය රසං සායිත්‍වා රජනීයෙ රසෙ සාරජ‍්ජති. න සක‍්කොති චිත‍්තං සමාදහිතුං එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රසානං.

මහණෙනි, කෙසේ නම් මහණ රසයන් නො සහනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රස විඳ රජනීය රසයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ රසයන් ඉවසනුවට අක්‍ෂම වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා රජනීයෙ ඵොට‍්ඨබ‍්බෙ සාරජ‍්ජති. න සක‍්කොති චිත‍්තං සමාදහිතුං එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, කෙසේ නම් මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුවට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ සස්නෙයි මහණ ස්ප්‍රෂ්ටව්‍යය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න ආහුනෙය්‍යො හොති, න පාහුනෙය්‍යො, න දක‍්ඛිණෙය්‍යො, න අඤ‍්ජලිකරණීයො, න අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ නො වෙ යි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො රාජාරහො හොති රාජභොග‍්ගො. රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ හස්තිනාග රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති රූපානං. ඛමො හොති සද‍්දානං. ඛමො හොති ගන්‍ධානං. ඛමො හොති රසානං. ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග රූපයන් සහනු වෙයි ... ස්ප්‍රෂ්ටව්‍යයන් සහනට ක්‍ෂම වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති රූපානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො හත්‍ථිකායං වා දිස‍්වා අස‍්සකායං වා දිස‍්වා රථකායං වා දිස‍්වා පත‍්තිකායං වා දිස‍්වා න සංසීදති, න විසීදති, සන්‍ථම‍්භති, සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති රූපානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ හස්තිනාග රූපයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග සඞ්ග්‍රාමයට ගියේ ඇත්මුළ දැක වේවයි ... සඞ්ග්‍රාමභූමියට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රූපයන් සහනු වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති සද‍්දානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො හත්‍ථිසද‍්දං වා සුත්‍වා අස‍්සසද‍්දං වා සුත්‍වා රථසද‍්දං වා සුත්‍වා පත‍්තිසද‍්දං වා සුත්‍වා භෙරිපණවසඞ‍්ඛතිණවනින‍්නාදසද‍්දං වා සුත්‍වා න සංසීදති, න විසීදති, සන්‍ථම‍්භති, සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති සද‍්දානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්දයන් සහනු වේය යත: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ හස්තිශබ්ද අසා හෝ අශ්වශබ්ද අසා හෝ රථශබ්ද අසා හෝ පදාතිශබ්ද අසා හෝ භේරිපණවශඞ්ඛතිණවනිනාද අසා හෝ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙහි. සඞ්ග්‍රාමභූමියට වදනට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ශබ්දයන් සහනු වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති ගන්‍ධානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො යෙ තෙ රඤ‍්ඤො නාගා අභිජාතා සඞ‍්ගාමාවචරා, තෙසං මුත‍්තකරීසස‍්ස ගන්‍ධං ඝායිත්‍වා න සංසීදති, න විසීදති, සන්‍ථම‍්භති, සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති ගන්‍ධානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ රජුගේ යම් අභිජාත වූ සඞ්ග්‍රාමාවතීර්‍ණ වූ හස්තිහූ වෙත් නම්, ඔවුන්ගේ මූත්‍රපුරීෂගන්‍ධ අසා සංසීදන නො කරයි. විසීදන නො කරයි. සංස්තම්භන කරයි. සඞ්ග්‍රාමභූමියට බස්නට හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති රසානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො එකිස‍්සා වා තිණොදකදත‍්තියා විමානිතො, ද‍්වීහි වා තීහි වා චතුහි වා පඤ‍්චහි වා තිණොදකදත‍්තීහි විමානිතො න සංසීදති, න විසීදති, සන්‍ථම‍්භති, සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති රසානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති රසයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් තණදිය දීමෙකින් වේවයි අපමානිත වූයේ, (තණදිය දීම්) දෙකෙකින් වේවයි තුණෙකින් සතරෙකින් වේවයි තණ දිය දීම් පසෙකින් වේවයි අපමානිත වූයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමාවතරණයට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රසයන් සහනු වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං? ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො සඞ‍්ගාමගතො එකෙන වා සරවෙධෙන විද‍්ධො, ද‍්වීහි වා තීහි වා චතුහි වා පඤ‍්චහි වා සරවෙධෙහි විද‍්ධො න සංසීදති, න විසීදති, සන්‍ථම‍්භති, සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවං ඛො භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සමනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ එක් ශරවේධයෙකින් විදුනා ලදුයේ හෝ ශරවේධ දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමයට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සහනු වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො රාජාරහො හොති රාජභොග‍්ගො රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, ඒ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං. ඛමො සද‍්දානං, ඛමො ගන්‍ධානං, ඛමො රසානං, ඛමො ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ගන්‍ධාලම්බනයන් සහනුයේ වෙයි. රසාලම්බනයන් සහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් සහනුයේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා රජනීයෙ රූපෙ න සාරජ‍්ජති. සක‍්කොති චිත‍්තං සමාදහිතුං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රූපානං.

මහණෙනි, කෙසේ මහණ රූපයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රජනීය රූපයෙහි නො ඇලෙයි. සිත සමාහිත කිරීමට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ රූපයන් සහනුයේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති සද‍්දානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සොතෙන සද‍්දං සුත්‍වා රජනීයෙ සද‍්දෙ න සාරජ‍්ජති. සක‍්කොති චිත‍්තං සමාදහිතුං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති සද‍්දානං.

මහණෙනි, කෙසේ මහණ ශබ්දයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බන අසා රජනීය ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණට හැකියේ වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ ශබ්දයන් ඉවසනුයේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති ගන්‍ධානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා රජනීයෙ ගන්‍ධෙ න සාරජ‍්ජති. සක‍්කොති චිත‍්තං සමාදහිතුං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති ගන්‍ධානං.

මහණෙනි, කෙසේ මහණ ගන්‍ධයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට රජනීය ගන්‍ධාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණයට හැකියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්‍ධයන් ඉවසනුයේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රසානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ජිව‍්හාය රසං සායිත්‍වා රජනීයෙ රසෙ න සාරජ‍්ජති. සක‍්කොති චිත‍්තං සමාදහිතුං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති රසානං.

මහණෙනි, කෙසේ මහණ රසයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රසාලම්බන විඳ රජනීය රසාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණයට හැකි වෙයි. මහණෙනි, මහණ මෙසේ රසයන් ඉවසනුයේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා රජනීයෙ ඵොට‍්ඨබ‍්බෙ න සාරජ‍්ජති. සක‍්කොති චිත‍්තං සමාදහිතුං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඛමො හොති ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, කෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණට හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුන්‍යෙය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.