යෙදුමෙන් කියවන්න

භත‍්තාදකසුත‍්තං

5. 3. 4. 8.

5. 3. 4. 8.

[භත‍්තාදකසුත‍්තං]

[භත්තාදක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

38. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො භත‍්තාදකො ච හොති ඔකාසඵරණො ච ලණ‍්ඩසාටනො ච සලාකගාහී ච රඤ‍්ඤො නාගොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි පඤ‍්චහි:

38. මහණෙනි, රජුගේ ඇත් කරුණු පසෙකින් සමන්‍වාගත වූයේ බොහෝ බත් බුදිනේ ද වෙයි. (අන්‍යයන්ට බාධාවනසේ) ඇවුරු අවකාශ ඇතියේ ද වෙයි. (තන්හි තන්හි) ලඩ හෙළනුයේත් වෙයි. ඇතුන් ගණින කලැ ලහගන්නා සුලුයේ ද වෙයි. රජුගේ හස්තියා මැ යි යන සංඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ රඤ‍්ඤො නාගො අක‍්ඛමො හොති රූපානං, අක‍්ඛමො සද‍්දානං, අක‍්ඛමො ගන්‍ධානං, අක‍්ඛමො රසානං, අක‍්ඛමො ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් රූප නො සහනුයේ වෙයි. ශබ්දයන් නොසහනූයේ වෙයි. ගන්‍ධයන් නොසහනුයේ වෙයි. රස නොසහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනුයේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො නාගො භත‍්තාදකො ච හොති ඔකාසඵරණො ච ලණ‍්ඩසාටනො ච සලාකගාහී ච රඤ‍්ඤො නාගොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, රජුගේ හස්තිනාගයා මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ භක්තාදක ද වෙයි. අවකාශස්ථරණ ද වෙයි. ලඬ හෙළනුයේ ද වෙයි. ලහ ගනුයේ ද වෙයි. “රජුගේ නාගයා ම වේ” යන සඞ්ඛ්‍යාවට ද යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භත‍්තාදකො ච හොති ඔකාසඵරණො ච පීඨමද‍්දනො ච සලකගාහී ච භික‍්ඛුත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනුයේත් වෙයි. අවකාශ අවුරණුයේත් වෙයි. (ඇඳ) පුටු මඩනේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක” යන සඞ්ඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛමො හොති රූපානං, අක‍්ඛමො සද‍්දානං, අක‍්ඛමො ගන්‍ධානං, අක‍්ඛමො රසානං, අක‍්ඛමො ඵොට‍්ඨබ‍්බානං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් නොසහනේ වෙයි. ශබ්දාලම්බනයන් නොසහනේ වෙයි. ගන්‍ධාලම්බනයන් නොසහනේ වෙයි. රසාලම්බනයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් නොසහනේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භත‍්තාදකො ච හොති ඔකාසඵරණො ච පීඨමද‍්දනො ච සලකගාහී ච භික‍්ඛුත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතීති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනේ වෙයි. අවකාශ අවුරණුයේ ද වෙයි. පීඨමර්‍දන කරණුයේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක් ම ය” යන සඞ්ඛ්‍යාවට ද යේ යයි.