අප‍්පංසුපතිසුත‍්තං
5. 3. 4. 7.
5. 3. 4. 7.
[අප‍්පංසුපතිසුත‍්තං]
[අප්පංසුපති සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. පඤ‍්චිමෙ භික‍්ඛවෙ අප‍්පං රත‍්තියා සුපන‍්ති, බහුං ජග‍්ගන‍්ති. කතමෙ පඤ‍්ච:
37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
ඉත්‍ථි භික‍්ඛවෙ පුරිසාධිප‍්පායා අප‍්පං රත‍්තියා සුපති, බහුං ජග‍්ගති. පුරිසො භික‍්ඛවෙ ඉත්‍ථිධිප‍්පායො අප‍්පං රත‍්තියා සුපති, බහුං ජග‍්ගති. චොරො භික‍්ඛවෙ ආදානාධිප‍්පායො අප‍්පං රත‍්තියා සුපති, බහුං ජග‍්ගති. රාජා භික‍්ඛවෙ රාජකරණියෙසු යුත‍්තො අප‍්පං රත‍්තියා සුපති, බහුං ජග‍්ගති. භික‍්ඛු භික‍්ඛවෙ විසංයොගාධිප‍්පායො අප‍්පං රත‍්තියා සුපති, බහුං ජග‍්ගති.
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්ච අප‍්පං රත‍්තියා සුපන‍්ති, බහුං ජග‍්ගන‍්තීති.
මහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.