දුතිය පත්ථනාසුත්තං
5. 3. 4. 6.
5. 3. 4. 6.
[දුතිය පත්ථනාසුත්තං]
[දෙවැනි පත්ථනා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
36. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ඔපරජ්ජං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
36. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුගේ දෙටු පුත් යුවරජ තනතුර පතන්නේ ය. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධ ගහණිකො, යාව සත්තමා පිතාමහයුගා. අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. මාතාපිතුන්නං පියො හොති මනාපො. බලකායස්ස පියො හොති මනාපො. පණ්ඩිතො හොති වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං.
මහණෙනි, මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජුගේ දෙටුපුත් මවුපසින් හා පියපසින් හා උභයපක්‍ෂයෙන් සුජාත වූයේ, පිරිසිදු මවුකුස ඇතියේ, සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපකෘෂ්ට නො වෙයි. උත්තමරූපසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්වාගත වූයේ දැකුම්කලු වූයේ ප්රසාදජනක වූයේ විශිෂ්ට රූපසම්පත් ඇතියේ වෙයි. මවුපියනට ප්‍රියමනාප වෙයි. බලසෙනඟට ප්‍රියමනාප වෙයි. පාණ්ඩිත්‍යයෙන් සමන්වාගත වූයේ ප්‍රඥව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ තන්වැසි නුවණින් යුක්ත වූයේ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ වෘද්ධි අර්ත්ථයන් සිතීමෙහි ප්‍රතිබල වෙයි.
තස්ස එවං හොති: ‘අහං ඛොම්හි උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි මාතාපිතුන්නං පියො මනාපො. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි බලකායස්ස පියො මනාපො. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යන්ති?
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් ම සුජාතයෙම් පිරිසිදු මවුකුස් ඇතියෙම් සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් අක්‍ෂිප්තයෙම් උපක්‍රෝශ නො ලදුයෙම් වෙමි. කවර හෙයින් මම යුවරජ තනතුරු නො පතම් ද? මම වනාහි පරමවර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්වාගතයෙම් අභිරූපයෙම් දර්‍ශනීයයෙම් ප්‍රසාදජනකයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි මාපියනට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි බලසෙනඟට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි පණ්ඩිතයෙමි, ව්‍යක්තයෙමි, තන්වැසි නුවණැතියෙම්. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්ත්ථයන් සිතීමට ප්‍රතිබලයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද?”
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ඔපරජ්ජං පත්ථෙති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුගේ දෙටුපුත් යුවරජය පතන්නේ ය.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති කතමෙහි පඤ්චහි:
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආස්රවක්ෂය පතයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො, චතුසු සති පට්ඨානෙසු සූපට්ඨිතචිත්තො හොති. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... (ධර්මයෝ) ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. සතර සීවටන්හි මොනවට එළඹ සිටි සිත් ඇතියේ වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතිව වාස කරයි, දළපැරකුම් ඇතියේ කුශලධර්මයෙහි නො හළ වැර ඇතියේ ස්ථාමවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මැනැවින් දුඃඛක්‍ෂයට යන උදාවියට යන ප්‍රඥායෙන් සමන්වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
තස්ස එවං හොති: අහං ඛොම්හි සීලවා පාතිමොක්ඛසංවර සංවුතො විහරාමි, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛාමි සික්ඛාපදෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි බහුස්සුතො සුතධරො සුතසන්නිචයො - ‘යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති. ධතා ච වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි චතුසු සතිපට්ඨානෙසු සූපට්ඨිතචිත්තො. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි ආරද්ධවිරියො විහරාමි අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි පඤ්ඤවා උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යන්ති?
ඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි සිල්වත් වෙමි. ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘතයෙමි. ආචාරගෝචර සම්පන්නයෙමි. අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුල්ලෙම් වාස කරමි. සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි ශ්‍රැතධරයෙමි ශ්‍රැතසන්නිචය ඇතියෙමි, බහුශ්‍රැතයෙමි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථවූ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පාළ කෙරෙත් නම්, එබඳු ධර්මයෝ මා විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වෙත්. වචනයෙන් ප්‍රගුණ කරණ ලදහ. මනසින් අනුප්‍රේක්‍ෂිතයහ. ප්‍රඥායෙන් සුපිළිවිදුනා ලදහ. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි සතර ස්මෘතිප්‍රස්ථානයෙහි එළඹ සිටි සිහි ඇතියෙම් වෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතියෙම් වෙසෙමි. කුශලධර්මයෙහි නො හළ වීර්‍ය්‍යධූර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත් වෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය නුවණින් ප්‍රඥාවත් වෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතම් දැ?”යි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙතීති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණ ආස්රවක්ෂය පතන්නේ යයි.