පඨම පත්ථනාසුත්තං
5. 3. 4. 5.
5. 3. 4. 5.
පඨම පත්ථනාසුත්තං
[පළමුවන පත්ථනා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
35. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො රජ්ජං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
35. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුගේ දෙටුපුත් රාජ්‍යය පතන්නේ ය. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො මාතාපිතුන්නං පියො හොති මනාපො. නෙගමජානපදස්ස පියො හොති මනාපො. යානි තානි රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං සිප්පට්ඨානානි හත්ථිස්මිං වා අස්සස්මිං වා රථස්මිං වා ධනුස්මිං වා ථරුස්මිං වා තත්ථ සික්ඛිතො හොති අනවයො.
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රියරජුගේ ජ්යේෂ්ඨපුත්ර තෙමේ මවුපසින් හා පියපසින් හා යන දෙපසින් සුජාත වූයේ, පිරිසිදු මවුකුස් ඇතියේ, සත්මුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නැතියේ වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූයේ ප්‍රසාද එළවන සුලුයේ අභිරූප වෙයි. මාපියනට ප්‍රිය මනාප වෙයි. නියම් ගම්දනවු වැස්සනට ප්‍රිය මනාප වෙයි. හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථ ශිල්ප වේවයි, ධනුශිල්ප වේවයි, ඛඞ්ගශිල්ප වේවයි, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුන්ගේ යම් ශිල්පස්ථානයෝ වෙත් නම්, එහි හික්මුනේ පරිපූර්ණ වෙයි.
තස්ස එවං හොති: අහං ඛොම්හි උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි මාතාපිතුන්නං පියො මනාපො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි නෙගමජානපදස්ස පියො මනාපො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි යානි තානි රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං සිප්පට්ඨානානි හත්ථිස්මිං වා අස්සස්මිං වා රථස්මිං වා ධනුස්මිං වා ථරුස්මිං වා, තත්ථම්හි සික්ඛිතො අනවයො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යන්ති?
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් සුජාතයෙම්, පිරිසුදු මවුකුස් ඇතියෙම්, සත්මුතු පරපුර තෙක් ජාති වාදයෙන් බැහැර නො කරණ ලදුයෙම්, අනුපකෘෂ්ටයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතනෙම් ද? මම් වනාහි දැකුම්කලුයෙම් ප්රසාදජනකයෙම් උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගතයෙම් අභිරූපය යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි මා පියනට ප්‍රියමනාප යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍ය නො පතන්නෙම් ද? මම වනාහි නියම්ගම් දනවුවැස්සනට ප්‍රිය මනාපයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථශිල්ප වේවයි, ඛඩගශිල්ප වේවයි, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජුන්ගේ යම් ශිල්පස්ථාන කෙනෙක් වෙත් නම්, එහි හික්මුනෙම් පරිපූර්ණයෙම් වෙමි. කවර හෙයින් මම රජය නො පතන්නෙම් දැ?”යි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො රජ්ජං පත්ථෙති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජුගේ දෙටුපුත් රජය පතයි.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්වාගත මහණ ආස්‍රවයන්ගේ ක්ෂයය (නිවන) පතන්නේ ය. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං-සම්මාසම්බුද්ධො-විජ්ජාචරණසම්පන්නො-සුගතො-ලොකවිදූ-අනුත්තරො පුරිසදම්මසාරථි-සත්ථා දෙවමනුස්සානං-බුද්ධො-භගවාති.” අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ මෙ කරුණෙනුදු අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථිහ. දෙව් මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත් හ” යි තථාගතයන් වහන්සේගේ (චතුස්සත්‍යඥාන) බෝධිය හදහයි. අල්පාතඞ්ක වූයේ ස්වල්පාබාධ වෙයි. ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නැති මධ්‍යම වූ ප්රධන්විර්ය්යට නිසි වූ සමව අහර පැසවන ජඨරාගනියෙන් සමන්වාගත වෙයි. මායා නැතියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරණුයේ සළබව් නැතියේ වේ. අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස රුකුළු වැර ඇතියේ දළපැරකුම් ඇතියේ කුශලධර්මයන්හි නො හළ වැරධුර ඇතියේ ස්ථාමවත් වූයේ විහරණ කෙරෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මනා සේ දුඃඛක්‍ෂය කරා යන උදයව්‍යයට යන ප්‍රඥායෙන් සමන්වාගත වෙයි.
තස්ස එවං හොති: ‘අහං ඛොම්හි සද්ධො, සද්දහාමි තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා අරහං-සම්මාසම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං-බුද්ධො-භගවාති.’ කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි අප්පාබාධො අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි අසඨො අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරිසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි ආරද්ධවිරියො විහරාමි අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි පඤ්ඤවා උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. කස්මාහං අසවානං ඛයං න පත්ථෙය්යන්ති?’
ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම සැදැහැතියෙම් වෙමි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භාග්‍යවත්හ”යි හදහමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය නො පතම් ද? මම වනාහි අල්පාතඞ්ක ඇතියෙම් අල්පාබාධා ඇතියෙම්, අතිශීත නො වූ අත්යුෂණ නො වූ මධ්‍යම වූ ප්රධානක්ෂම වූ සම ව අහර පැසවන ජඨරාග්නියෙන් සමන්‍වාගතයෙමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය (නිර්වාණය) නො පතන්නෙම් ද? මම වනාහි මායා රහිතයෙමි, අශඨයෙම් ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරන්නෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂයය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස, කුශලධර්‍මයන්ගේ ලාභය පිණිස රුකුළු වැර ඇතියෙම් කුශලධර්මයෙහි නො හළ වැර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත්ව වෙසෙමි. කවර හෙයින් මම ආස්රවක්ෂය නො පතන්නෙම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනවට දුඃඛක්‍ෂයට යන උදයව්යයගාමීනිප්රඥායෙන් සමන්වාගත වෙමි. කවර කරුණෙකින් මම ආස්රවක්ෂය නො පතන්නෙම් ද?
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙතීති.
මහණෙනි, මේ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මහණ ආස්රවක්ෂය පතන්නේ ය යි.