ඛත්තියරාජසුත්තං
5. 3. 4. 4.
5. 3. 4. 4.
[ඛත්තියරාජසුත්තං]
[ඛත්තියරාජ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
34. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රාජා ඛත්තියො මුද්ධාවසිත්තො යස්සං යස්සං දිසායං විහරති සකස්මිං යෙව විජිතෙ විහරති. කතමෙහි පඤ්චහි:
34. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මූර්ධාභිෂික්ත වූ ක්ෂත්රිය රජ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි වෙසෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අඩ්ඪො මහද්ධනො මහාභොගො පරිපුණ්ණකොසකොට්ඨාගාරො. බලවා ඛො පන හොති චතුරඞ්ගිනියා සෙනාය සමන්නාගතො අස්සවාය ඔවාදපතිකරාය.
මහණෙනි, මෙ ලොව්හි මූර්ධාභික්ෂිත ක්ෂත්රිය රජ මවු පසින් හා පියපසින් හා යන උභයපාර්‍ශවයෙන් මනා කොට උපන්නේ, සුපිරිසිදු මවුකුසැතියේ, සත්මුතු පරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නොලන ලදුයේ උපක්‍රෝශ නො ලදුයේ වෙයි. මහාධන ඇතියේ මහාභෝග ඇතියේ පිරිපුන් ධනකෝෂ හා ධාන්යකෝෂ්ඨාගාර ඇතියේ ආඪ්‍ය වෙයි. කීකරු වූ ඔවා අනුව කරණ සිවුරඟසෙනගින් සමන්වාගත වූයේ බලවත් වෙයි.
පරිනායකො ඛො පනස්ස හොති පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගත පච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං. තස්සිමෙ චත්තාරො ධම්මා යසං පරිපාචෙන්ති. සො ඉමිනා යසපඤ්චමෙන ධම්මෙන සමන්නාගතො යස්සං යස්සං දිසායං විහරති, සකස්මිං යෙව විජිතෙ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භික්ඛවෙ හොති විජිතාවිනං.
ඔහුගේ පරිණායක පණ්ඩිත වෙයි. (ප්රඥාව්යක්තතායෙන්) ව්‍යක්ත වෙයි. (ස්ථානෝචිතප්රඥායෙන් යුක්තවන හෙයින්) මේධාවී වෙයි. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්ත්ථයන් සිතීමට ප්‍රතිබල වෙයි. මෙ සතර දහම්හු ඔහුගේ යශස් පරිපාක කරවත්. මේ යශස නැමැති පස්වන කරුණින් සමන්වාගත හෙතෙමේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි (වෙසෙන සේ) වෙසෙයි. ඒ කවර හේතුයෙන් යත්: විජේතෘනට (ධර්මවිජය ඇත්තනට) තෙල එසෙයින් ම වෙයි.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යස්සං යස්සං දිසායං විහරති විමුත්තචිත්තො විහරති. කතමෙහි පඤ්චහි:
මහණෙනි, එපරිදි ම කරුණු පසෙකින් සමන්වාගත මහණ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, පඤ්චවිධ විමුක්තියෙන් යුත් ඇතියේ ම වාස කෙරෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො ජාතිසම්පන්නො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවර ශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරිම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි දු බිය දක්නා සුලුයේ සිකපදයෙහි සමාදන් කොටගෙන හික්මෙයි. ජාතිසම්පන්න වූ මූර්ධාභිෂික්ත ක්ෂත්රිය මහරජකු සෙයිනි.
බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සංබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො අඩ්ඪො මහද්ධනො මහාභොගො පරිපුණ්ණකොසකොට්ඨාගාරො.
(නවාඞ්ගශාසන සඞ්ඛ්‍යාත) ශ්‍රැතයට ආධාර වූයේ රාසි කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්මකෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු අර්ත්ථසහිත ව්‍යඤ්ජන සහිත වූවාහු කේවල පරිපූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් අසා උගන්නා ලද්දාහු ප්‍රගුණ කරණ ලද්දාහු වචනයෙන් වනපොත් කරණ ලද්දාහු (සූත්‍ර දශකාදි විසින්) සිතින් පිරික්සා බලන ලද්දහු ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ආඪ්‍ය වූ මහද්ධන ඇති මහාභෝග ඇති පිරිපුන් ධනාගාර හා ධාන්‍යාගාර ඇති මුදුනෙහි බිසෙස් ලද කැත්මහරජකු මෙනි.
ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො බලසම්පන්නො.
අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස ස්ථාමවත් වූයේ දළපැරැකුම් ඇතියේ කුශලධර්මයෙහි නොහළ වැර ධූර ඇතියේ ඇරැඹූ වීර්‍ය්‍ය ඇතියේ වාස කෙරෙයි. බලසම්පන්න මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජකු මෙනි.
පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො පරිනායකසම්පන්නො.
ආර්‍ය්‍ය වූ නිර්වේදයට නිසි වූ මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය දෙක අනුව ගිය විදර්ශනාප්රඥායෙන් සමන්වාගත මූර්ධාභිෂික්ත ක්ෂත්රිය මහරජු සෙයිනි.
තස්සිමෙ චත්තාරො ධම්මා විමුත්තිං පරිපාචෙන්ති. සො ඉමිනා විමුත්තිපඤ්චමෙන ධම්මෙන සමන්නාගතො යස්සං යස්සං දිසායං විහරති විමුත්තචිත්තො විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භික්ඛවෙ හොති විමුත්තචිත්තානන්ති.
ඔහුගේ මේ සතර දහම්හු විමුක්තිපරිපාකය කරවත්. හේ මේ විමුක්තිය පස්වනු කොට ඇති ධර්මයෙන් සමන්වාගත වූයේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, විමුක්තචිත්ත ව වෙසෙයි. එ කවර හෙයින් යත්: මහණෙනි, විමුක්තචිත්තයනට (මිදුනු සිත් ඇතියනට) තෙල එසෙයින් ම වෙයි.