ධම්මරාජසුත්තං
5. 3. 4. 3.
5. 3. 4. 3.
[ධම්මරාජසුත්තං]
[ධම්මරාජ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
33. යො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්ති ධම්මිකො ධම්මරාජා, සො පි න අරාජකං චක්කං වත්තෙතීති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛූ භගවන්තං එතදවොච: කො පන භන්තෙ රඤ්ඤො චක්කවත්තිස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤො රාජා?ති. ‘ධම්මො භික්ඛූ’ති භගවා අවොච.
33. මහණෙනි, “දැහැමි වූ ධර්මරාජන් වූ යම් චක්‍රවර්ති රජෙක් වේ නම්, හෙ ද අරාජක ආඥාචක්‍රය නො පවත්වා ය” යි. මෙ සෙයින් වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවත්හට තෙල කරුණ සැළ කළේ ය: “වහන්ස, ධාර්මික වූ ධර්මරාජන් වූ චක්‍රවර්තී රජහට කවරෙක් රජ වේ දැ?” යි, “මහණ, ධර්මය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
ඉධ භික්ඛු රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති අන්තොජනස්මිං.
මහණ, මෙ ලොව්හි දැහැමි වූ ධර්මරාජන් වූ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්‍යය කොට ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි දැහැමි රැකවරණ ගෝපන සංවිධාන කරයි.
පුන චපරං භික්ඛු රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති ඛත්තියෙසු අනුයුත්තෙසු, බලකායස්මිං, බ්රාහ්මණගහපතිකෙසු, නෙගමජානපදෙසු, සමණබ්රාහ්මණෙසු, මිගපක්ඛීසු.
තවද මහණ, ධාර්මික ධර්මරාජන් වූ සක්විතිරජ දහම ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මය ධ්වජ කොට ඇතියේ ධර්මය කේතු කොට ඇතියේ ධර්මය ආධිපත්‍යය කොට ඇතියේ අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහිදු, බලකාය කෙරෙහිදු, බමුණු ගැහැවියන් කෙරෙහිදු, නියම්ගම් දනවුවැස්සන් කෙරෙහිදු, ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහිදු, මෘගපක්ෂීන් කෙරෙහිදු ධාර්මික රක්‍ෂාවරණගෝපන කරයි.
ස ඛො සො භික්ඛු රාජා චක්කවත්ති ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තා ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා අන්තොජනස්මිං, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා ඛත්තියෙසු අනුයුත්තෙසු, බලකායස්මිං, බ්රාහ්මණගහපතිකෙසු නෙගමජානපදෙසු, සමණබ්රාහ්මණෙසු, මිගපක්ඛීසු, ධම්මෙනෙව චක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.
මහණ, ධාර්මික වූ ධර්මරාජන් වූ එ සක්විතිරජ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරණුයේ ධර්මය ගුරු කරණුයේ ධර්මයට බුහුමන් කරණුයේ ධර්මධ්වජ වූයේ ධර්මකේතු වූයේ ධර්මාධිපත්යය ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි ධාර්මිකරක්ෂාවරණගෝපනය කොට අනුයුක්ත ක්ෂත්රියයන් කෙරෙහි ද බලකාය කෙරෙහි ද බ්‍රාහ්මණගෘහපතියන් කෙරෙහි ද නියම්ගම්දනවුවැසියන් කෙරෙහි ද ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි ද මෘගපක්ෂීන් කෙරෙහි ද ධාර්මික රක්ෂාවරණගුප්තිය කොට ධර්මයෙන් ම ආඥාචක්‍රය පවත්වයි. එ ආඥාචක්‍රය වනාහි මනුෂ්‍යභූත කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්රතිවර්තනය කළ හැකි නො වෙයි.
එවමෙව ඛො භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති භික්ඛූසු: “එවරූපං කායකම්මං සෙවිතබ්බං, එවරූපං කායකම්මං න සෙවිතබ්බං, එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බං, එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බං, එවරූපො ආජීවො සෙවිතබ්බො, එවරූපො ආජීවො න සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො”ති.
මහණ, එ පරිද්දෙන් ම ධාර්මික ධර්මරාජන් වූ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇත්තාහු ධර්මය කේතු කොට ඇත්තාහු ධර්මය ආධිපත්‍යය කොට ඇත්තාහු භික්ෂූන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණගුප්තිය සලසන්නාහ. “මෙබඳු කායකර්මය සෙවිය යුතු ය, මෙබඳු කායකර්මය නො සෙවිය යුතුය, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු ය, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු ආජීවය සෙවිය යුතු ය, මෙබඳු ආජීවය නො සෙවිය යුතු ය, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය” යි.
පුන චපරං භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති භික්ඛුනීසු -පෙ- උපාසකෙසු -පෙ- උපාසිකාසු: “එවරූපං කායකම්මං සෙවිතබ්බං, එවරූපං කායකම්මං න සෙවිතතබ්බං, එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බං, එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බං, එවරූපො ආජීවො සෙවිතබ්බො, එවරූපො ආජීවො න සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො”ති.
තවද මහණ, ධාර්මික ධර්මරාජන් වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇත්තාහු ධර්මය කේතු කොට ඇත්තාහු ධර්මය ආධිපත්‍ය කොට ඇත්තාහු භික්ෂුණින් කෙරෙහි … උපාසකයන් කෙරෙහි ... උපාසිකාවන් කෙරෙහි “මෙබඳු කායකර්මය සෙවිය යුතු, මෙබඳු කායකර්මය නො සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු, මෙබඳු ආජීවය සෙවිය යුතු, මෙබඳු ආජීවය නො සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය”යි ධාර්මික රක්ෂාවරණගුප්තිය සලසන්නාහ.
ස ඛො භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා භික්ඛුසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා භික්ඛුනීසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා උපාසකෙසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා උපාසිකාසු, ධම්මෙනෙව අනුත්තරං ධම්මචක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
මහණ, එ ධාර්මික ධර්මරාජන් වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්මය ම නිසා ධර්මයට සත්කාර කරන්නාහු ධර්මය ගරු කරන්නාහු ධර්මයට බුහුමන් කරන්නාහු ධර්මය ධ්වජ කොට ඇතියාහු ධර්මය කේතු කොට ඇතියාහු ධර්මය ආධිපත්‍ය කොට ඇතියාහු භික්ෂූන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, භික්ෂුණීන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසකයන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, ධර්මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන සේක. එ ධර්මචක්රය ලොව්හි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ ප්රතිවර්තනය කළ හැකි නොවේ ය යි.