ආරම්භතිසුත්තං
5. 3. 5. 2.
5. 3. 5. 2.
[ආරම්භතිසුත්තං]
[ආරම්භති සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
42. පඤ්චිමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කතමෙ පඤ්ච:
42. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ පස්දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස්දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරම්භති ච විප්පටිසාරී ච හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම (ආරම්භ) ද කෙරෙයි. (එ හේතුයෙන්) විපිළිසර ඇතියේ ද වෙයි. යම් තැනෙක්හි (යම් කරුණෙක්හි) ඔහුට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂව නිරුද්ධ වෙත් නම්, ඒ (අර්හත්වඵලසමාධි) චේතෝවිමුක්තිය හා (අර්හත්වඵලඥාන) ප්‍රඥාවිමුක්තිය ඇති සැටියෙන් (අර්හත්වාධිගම නැති හෙයින්) නො දන්නේ ය.
ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ ය, (ඇවැතින් නැඟීසිටි හෙයින්) විපිළිසර ඇතියේ නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටියෙන් නො දන්නේ ය.
ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නාරම්භති, විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. (ඇවැතින් නැඟී සිටියේ ද) විපිළිසර ඇතියේ වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
ඉධ පන භික්ඛවෙව එකච්චො පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ නො වෙයි. යම් හෙයෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් දන්නේ ය. (මේ රහත් පුඟුල් ය)
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ආරම්භති ච, විප්පටිසාරී ච හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති. සාධු වතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ හා විපිළිසර ඇතියේ හා වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටි නොදන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආපත්තිව්යතික්රමයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන වෙති. විප්රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ වැඩෙති. ආයුෂ්මත් ආරම්හප්රත්යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට විප්රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ දුරු කොට චිත්තය (සමාධි-ප්‍රඥා දෙක) වඩනේ මැනැව. එසේ වත් ම ආයුෂ්මත් මේ පස්වන (රහත්) පුඟුල් හා සමසම වන්නේ ය” යි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ආරම්භති, න විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති. සාධු වතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය චිත්තං පඤ්ඤං ච ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ ව නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් නො දන්නේ ද, හේ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට වනාහි ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට සමාධිය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේවත් ම ආයුෂ්මත් තෙල පස්වන පුඟුල් හා සමසම වන්නේ ය”යි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නාරම්භති, විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති. සාධු වතායස්මා විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්යතික්රමය නො කෙරේ ද, (එහෙත්) විපිළිසර ඇතියේ වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්ට ආරම්හප්රත්යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන නො වෙති. විපිළිසරින් උපන් ආස්‍රවයෝ වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් විපිළිසරින් උපන් ආස්‍රවයන් දුරු කොට චිත්තය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා නප්පඩ්ඪන්ති. සාධු වතායස්මා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
මහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්යතික්රමය නො කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙක්හි ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම් ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ අවිද්යාමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් චිත්තය හා ප්‍රඥාව වඩා නම් ඒකාන්තයෙන් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
ඉති ඛො භික්ඛවෙ ඉමෙ චත්තාරො පුග්ගලා අමුනා පඤ්චමෙන පුග්ගලෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපුණන්තී’ති.
මහණෙනි, මෙසේ මේ (මුලින් කී) සතර පුද්ගලයෝ මේ පස්වන (රහත්) පුඟුල්හු විසින් මෙලෙසින් ඔවා දෙනු ලබන්නාහු අනුක්රමයෙන් ආස්රවක්ෂයට පැමිණෙන්නාහ යි.