සාරන්දද සුත්තං
5. 3. 5. 3.
5. 3. 5. 3.
[සාරන්දද සුත්තං]
[සාරන්දද සූත්‍රය]
43. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි.
43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේසාලියට පිඬු පිණිස වැඩි සේක.
තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානං ලිච්ඡවීසතානං සාරන්දදෙචෙතියෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: ‘පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං: හත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. අස්සරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. මණිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ගහපතිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉමෙසං පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.’
එසමයෙහි සාරන්දද චෙතියෙහි රැස්ව හුන් පන්සියක් පමණ ලිච්ඡවීන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය. “ලොව්හි පඤ්චරත්නයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි, කවර පඤ්චරත්නයන්ගේ ය යත්: ලොව්හි හස්තිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි අශ්වරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි මණිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි ස්ත්‍රීරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි ගෘහපතිරත්නයාගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොව්හි මෙ පඤ්චරත්නයන්ගේ පාළවීම දුර්ලභ වේ”ය යි.
අථ ඛො තෙ ලිච්ඡවී මග්ගෙ පුරිසං ඨපෙසුං, ‘යදා ත්වං අම්භො පුරිස පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං, අථ අම්හාකං ආරොචෙය්යාසී’ති. අද්දසා ඛො සො පුරිසො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන තෙ ලිච්ඡවී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ ලිච්ඡවී එතදවොච: ‘අයං සො භොන්තො භගවා ආගච්ඡති අරහං සම්මාසම්බුද්ධො, යස්සදානි කාලං මඤ්ඤථා’ති.
ඉක්බිති එ ලිච්ඡවීහු “එම්බා පුරුෂය, යම් විටෙක තෝ භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දක්නෙහි ද, එකල්හි අපට දන්වාලව” යි මාර්ගයෙහි පුරුෂයකු රඳවාලූහ. එ පුරුෂයා භාග්‍යවතුන්වහන්සේ වඩනාවුන් දුරදීම දිට. දැක එ ලිච්ඡවීන් කරා ගියේ. ගොස් එ ලිච්ඡවීනට තෙල කී: “භවත්නි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඩනාහ. එයට දැන් කල් දනුව” යි.
අථ ඛො තෙ ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තෙ ලිච්ඡවී භගවන්තං එතදවොචුං: ‘සාධු භන්තෙ භගවා යෙන සාරන්දදං චෙතියං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා යෙන සාරන්දදං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච:
එකල්හි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, අයැදුම්හ. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා සඳහා සාරන්දද චෛත්‍යය කරා වඩනා සේක්ව” යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්දද චෛත්‍යය කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ එ ලිච්ඡවීනට තෙල කරුණ වදාළෝ:
“කායනුත්ථ ලිච්ඡවී, එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති?
“ලිච්ඡවීනි, දැන් තෙපි කවර නම් කථායෙකින් යුක්තව රැස්ව හුන්නාව? තොපගේ කවර නම් අතුරුකථායෙක් කොට අඩාළ වී දැ?” යි.
ඉධ භන්තෙ අම්හාකං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං: හත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. අස්සරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. මණිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ගහපතිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉමෙසං පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
වහන්ස, මෙහි රැස්ව හුන් අප අතර මෙ නම් අතුරු කථායෙක් උපන: “ලෝකයෙහි පඤ්චරත්න කෙනකුන්ගේ පහළවීම දුර්ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්: ලෝකයෙහි හස්තිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි අශ්වරත්නයාගේ පහළ වනු දුලබ ය. ලෝකයෙහි මණිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි ස්ත්‍රීරත්නයාගේ පාළවනු දුබල ය. ලෝකයෙහි ගෘහපතිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලොව මෙ පස් රුවනුන්ගේ පාළ වනු දුලබ ය” යි.
කාමාධිමුත්තානං වත වො ලිච්ඡවීනං කාමඤ්ඤෙව ආරබ්භ අන්තරා කථා උදපාදි.
වස්තුකාමක්ලේශකාමයන්හි අධිමුක්ත (දැඩිසේ ඇලුනු) ලිච්ඡවීන් වන තොප අතර කාමයන් අරභයා ම අතුරුකථා උපනේ ය.
පඤ්චන්නං ලිච්ඡවී, රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං:
ලිච්ඡවීනි, ලොවැ පඤ්චරත්න කෙනකුන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්:
තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්මපටිපන්නො පුග්ගලො දුල්ලභො ලොකස්මිං. කතඤ්ඤූ කතවෙදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං.
ලොවැ තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත ධර්මවිනය දෙසන පුද්ගලයා දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්මවිනය දැනගන්නා පුද්ගලයා දුර්ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්මවිනය දන්නේ ම ධර්මානුධර්මය (ලෝකෝත්තර ධර්මප්රතිපදාව) අනුව පිළිපන් පුද්ගල දුර්ලභ වෙයි. ලොවැ කෘතඥ කෘතවේදී පුද්ගල දුර්ලභ වෙයි.
ඉමෙසං ඛො ලිච්ඡවී, පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
ලිච්ඡවීනි, ලොවැ මේ පඤ්චරත්නයන්ගේ ප්රාදුර්භාවය දුර්ලභ වේ යයි වදාළසේක.