තිකණ්ඩකීසුත්තං
5. 3. 5. 4.
5. 3. 5. 4.
[තිකණ්ඩකීසුත්තං]
[තිකණ්ඩකී සූත්‍රය]
41. එකං සමයං භගවා සාකෙතෙ විහරති තිකණ්ඩකීවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නගරසමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
සාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූල ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇතිව වාස කරන්නේ නම් මැනැවැ.
සාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසේ නම් මැනැවැ.
සාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූලාලම්බනයෙහි දු ප්රතිකූලාලම්බනයෙහි දු ප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
සාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කලින් කල ප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
සාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානො.
මහණෙනි, මහණ කලින් කල අප්රතිකූලාලම්බනය හා ප්රතිකූලාලම්බනය හා එ දෙක ම දුරලා උපේක්ෂක වැ ස්මෘතිසම්පන්න වූයේ සම්‍යක්ප්‍රඥා ඇති වැ වසන්නේ නම් මැනැවැ.
කිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස අප්රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කෙරේ ය යත්: “ඇලුම් කටයුතු දහම්හි මට රාගය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මෙ අර්ත්ථය පිණිස අප්රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේය.
කිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස ප්රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය යත්: “ද්වේෂයට නිසි (ආලම්බන) ධර්මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය පිණිස ප්රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
කිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති, “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය යත්: “රජනීය ධර්මයෙහි මට රාගය නහමක් උපදීව” යි. “ද්වේෂයට නිසි ධර්මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
කිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී, මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා ප්රතිකූලාලම්බනයෙහි දු අප්රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නේ ය යත්: “ද්වේෂ්‍ය ධර්මයෙහි මට ද්වේෂය නහමක් පාළ වේව යි, රජනීය ධර්මයෙහි මට රාගය නහමක් පාළ වේව” යි. මහණෙනි, මහණ මේ අර්ත්ථය නිසා ප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය.
කිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානො? “මා මෙ ක්වචිනි කත්ථචි කිඤ්චන රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදි, මා මෙ ක්විචිනි කත්ථචි කිඤ්චන දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදි, මා මෙ ක්වචිනි කත්ථචි කිඤ්චන මොහනීයෙසු ධම්මෙසු මොහො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානොති.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්රතිකූලය හා ප්රතිකූලය හා එ දෙක හැරපියා උපේක්ෂක වැ ස්මෘතිසම්පන්න වැ නුවණැති වැ විහරණ කරන්නේය යත්: මහණෙනි, “මට කිසිදු අරමුණෙක්හි කොතන්හි දු රජනීයධර්මයෙහි ස්වල්පමාත්‍ර වූ ද රාගයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ ද්වේෂ්‍ය ධර්මයන්හි ස්වල්පමාත්‍ර වූ ද ද්වේෂයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ මෝහනීයධර්මයෙහි ස්වල්පමාත්‍ර වූ ද මෝහයෙක් නහමක් උපදීවා” යි. මේ අර්ත්ථය නිසා මහණ අප්රතිකූලය ද ප්රතිකූලය ද යන එ දෙක ම හැරපියා ස්මෘතිසම්පන්න ව සම්‍යක්ප්‍රඥා ඇති ව උපේක්ෂක ව විහරණ කරන්නේය”යි.