යෙදුමෙන් කියවන්න

නිරයසුත‍්තං

5. 3. 5. 5.

5. 3. 5. 5.

[නිරයසුත‍්තං]

[නිරය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

45. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි පඤ‍්චහි:

45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ යැ. කවර පසෙකින් යත්:

පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායී හොති.

පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන සුලු වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන සුලු වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු හෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යැ. කවර පසෙකින යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති.

පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදන් ගැණුමින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි. මුසාවායෙන් වැළකියේ වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වෙයි.