යෙදුමෙන් කියවන්න

භික‍්ඛුමිත‍්ත සුත‍්තං

5. 3. 5. 6.

5. 3. 5. 6.

[භික‍්ඛුමිත‍්ත සුත‍්තං]

[භික්ඛුමිත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

46. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මමෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො න සෙවිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි:

46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:

කම‍්මන‍්තං කාරෙති, අධිකරණං අධිකරණං ආදියති, පාමොක‍්ඛෙසු භික‍්ඛූසු පටිවිරුද‍්ධො හොති, දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනුයුත‍්තො විහරති, න පටිබලො හොති කාලෙන කාලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං.

කර්‍මාන්ත කරවන්නේ ය. අධිකරණ ගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි විරුද්ධ වන්නේ ය. දීර්‍ඝචාරිකායෙහි, ව්‍යවස්ථා රහිත (යදෘච්ඡා) චාරිකායෙහි යෙදී වසන්නේ ය. කලින් කල ධාර්මික කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට සමුත්තේජනය (උත්සාහවත්) කරවන්නට සම්ප්‍රහර්‍ෂණය කරවන්නට ප්‍රතිබල නො වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො න සෙවිතබ‍්බො.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො, සෙවිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:

න කම‍්මන‍්තං කාරෙති, න අධිකරණං ආදියති, න පාමොක‍්ඛෙසු භික‍්ඛුසු පටිවිරුද‍්ධො හොති, න දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනුයුත‍්තො විහරති, පටිබලො හොති කාලෙන කාලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙතුං සමාදපෙතුං සමුත‍්තෙජෙතුං සම‍්පහංසෙතුං.

කර්‍මාන්ත නොකරවන්නේ ය. අධිකරණ නොගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි ප්‍රතිවිරුද්ධ නොවන්නේ ය. දීර්‍ඝචාරිකායෙහිත් යදාච්ඡාරිකායෙහිත් නොයෙදී වසන්නේ ය. කලින් කල දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කරවන්නට සමාදන් කරවන්නට සමුත්තේජන කරවන්නට සම්ප්‍රහර්‍ෂණ කරවන්නට ප්‍රතිබල වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො සෙවිතබ‍්බොති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ යි.