අසප්පුරිසදානසුත්තං
5. 3. 5. 7.
5. 3. 5. 7.
[අසප්පුරිසදානසුත්තං]
[අසප්පුරිස දාන සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
47. පඤ්චිමානි භික්ඛවෙ අසප්පුරිසදානානි. කතමානි පඤ්ච:
47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
අසක්කච්චං දෙති, අචිත්තීකත්වා දෙති, අසහත්ථා දෙති, අපවිද්ධං දෙති, අනාගමනදිට්ඨිකො දෙති.
නො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අසප්පුරිසදානානි.
මහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.
පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච:
මහණෙනි, මේ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
සක්කච්චං දෙති, චිත්තීකත්වා දෙති, සහත්ථා දෙති, අනපවිද්ධං දෙති, ආගමනදිට්ඨිකො දෙති.
සකසා දෙයි. ගරු කොට දෙයි. සියතින් දෙයි. නිරතුරු කොට දෙයි. ආගමනදෘෂ්ටි ඇති ව දෙයි.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සප්පුරිසදානානීති.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.