සප‍්පුරිසදාන සුත‍්තං
5. 3. 5. 8.
5. 3. 5. 8.
[සප‍්පුරිසදාන සුත‍්තං]
[සප්පුරිස දාන සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
48. පඤ‍්චිමානි භික‍්ඛවෙ සප‍්පුරිසදානානි. කතමානි පඤ‍්ච:
48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
සද‍්ධාය දානං දෙති, සක‍්කච‍්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග‍්ගහිතචිත‍්තො දානං දෙති, අත‍්තානං ච පරං ච අනුපහච‍්ච දානං දෙති.
ශ්‍රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.
සද‍්ධාය ඛො පන භික‍්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස‍්ස දානස‍්ස විපාකො නිබ‍්බත‍්තති, අඩ‍්ඪො ච හොති මහද‍්ධනො මහාභොගො. අභිරූපො ච හොති දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො.
මහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
සක‍්කච‍්චං ඛො පන භික‍්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස‍්ස දානස‍්ස විපාකො නිබ‍්බත‍්තති, අඩ‍්ඪො ච හොති මහද‍්ධනො මහාභොගො. යෙපිස‍්ස තෙ හොන‍්ති පුත‍්තාති වා දාරාති වා දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා, තෙපි සුස‍්සූසන‍්ති, සොතං ඔදහන‍්ති, අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති.
මහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. පුත්‍රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්‍රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
කාලෙන ඛො පන භික‍්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස‍්ස දානස‍්ස විපාකො නිබ‍්බත‍්තති, අඩ‍්ඪො ච හොති මහද‍්ධනො මහාභොගො. කාලාගතා චස‍්ස අත්‍ථා පචුරා හොන‍්ති.
මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්‍ත්‍ථයෝ ප්‍රචුර වෙත්.
අනග‍්ගහිතචිත‍්තො ඛො පන භික‍්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස‍්ස දානස‍්ස විපාකො නිබ‍්බත‍්තති, අඩ‍්ඪො ච හොති මහද‍්ධනො මහාභොගො. උළාරෙසු ච පඤ‍්චසු කාමගුණෙසු භොගාය චිත‍්තං නමති.
මහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
අත‍්තානඤ‍්ච පරඤ‍්ච අනුපහච‍්ච ඛො පන භික‍්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස‍්ස දානස‍්ස විපාකො නිබ‍්බත‍්තති, අඩ‍්ඪො ච හොති මහද‍්ධනො මහාභොගො. න චස‍්ස කුතොචි භොගානං උපඝාතො ආගච‍්ඡති අග‍්ගිතො වා උදකතො වා රාජතො වා චොරතො වා අප‍්පියදායාදතො වා.
මහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් (තමන්ට අප්‍රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච සප‍්පුරිසදානානීති.
මහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.