පඨම සමයවිමුත්ත සුත්තං
5. 3. 5. 9.
5. 3. 5. 9.
[පඨම සමයවිමුත්ත සුත්තං]
[පළමුවැනි සමයවිමුත්ත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
49. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්මයෝ පස්දෙනෙක් විද්‍යාමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති.
කර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා නොකරන්නේ ය.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
මහණෙනි, මෙ පඤ්ච ධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ පිරිහීම පිණිස පවතිත්.
පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
න කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
නවකර්මාන්තයෙහි නො ඇලීම ය, කථායෙහි නො ඇලීම යි, නිද්‍රායෙහි නො ඇලීම ය, සමූහයන් කෙරෙහි නො ඇලීම ය, යථාවිමුක්තචිත්තය (ඒ ඒ කෙලෙස් යටපත් වීමෙන් සිත මිදුනු අයුරු) ප්රත්යවේක්ෂා කරන්නේ ය.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ යි.