යෙදුමෙන් කියවන්න

දුතියසමයවිමුත‍්ත සුත‍්තං

5. 3. 5. 10.

5. 3. 5. 10.

[දුතියසමයවිමුත‍්ත සුත‍්තං]

[දෙවැනි සමයවිමුත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

50. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සමයවිමුත‍්තස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

50. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සමයවිමුක්ත භික්‍ෂුහුගේ පරිහානිය සඳහා පවත්නාහ. කවර පසෙක යත්:

කම‍්මාරාමතා, භස‍්සාරාමතා, නිද‍්දාරාමතා, ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා, භොජනෙ අමත‍්තඤ‍්ඤුතා.

කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤූතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා සමයවිමුත‍්තස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ පරිහානිය සඳහා වැටෙත්.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සමයවිමුත‍්තස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා පවත්නාහ. කවර පස්දෙනෙක යත්:

න කම‍්මාරාමතා, න භස‍්සාරාමතා, න නිද‍්දාරාමතා, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා.

නවකම්හි නො ඇල්ම ය, කථායෙහි නො ඇල්ම ය, නිද්‍රායෙහි නො ඇල්ම ය, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා ය (සංවරය), භෝජනයෙහි මාත්‍රඥතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා සමයවිමුත‍්තස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, මෙ ධර්‍මයෝ පස්දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත් ය යි.

තිකණඩකීවග‍්ගො පඤ‍්චමො

තිකණ්ඩකිවර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දත්‍වා අවජානාති ආරම‍්භති ච සාරන්‍දද තිකණ‍්ඩකී නිරයෙන ච. මිත‍්තො අසප‍්පුරිසසප‍්පුරිසෙන සමයවිමුත‍්තං අපරෙ ද‍්වෙති.

අවජානාති සූත්‍රය, ආරම්භති සූත්‍රය, සාරන්‍දද සූත්‍රය, තිකණ්ඩකී සූත්‍රය, නිරය සූත්‍රය, මිත්ත සූත්‍රය, අසප්පුරිසදාන සූත්‍රය, සප්පුරිසදාන සූත්‍රය, පඨමසමයවිමුත්ත සූත්‍රය, දුතියසමයවිමුත්ත සූත්‍රය දැයි දශයෙකි.

තතියො පණ‍්ණාසකො සමත‍්තො.

තෙවන පණ්ණාසකය සමාප්ත යි.