යෙදුමෙන් කියවන්න

පඨම සම‍්මත‍්තනියාමසුත‍්තං

5. 4. 1. 1.

5. 4. 1. 1.

[පඨම සම‍්මත‍්තනියාමසුත‍්තං]

[පළමුවැනි සම්මත්තනියාම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

1. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ ද කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගැණීමට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:

කථං පරිභොති. කථිකං පරිභොති. අත‍්තානං පරිභොති. වික‍්ඛිත‍්තචිත‍්තො ධම‍්මං සුණාති අනෙකග‍්ගචිත‍්තො. අයොනිසො ච මනසිකරොති

කථාවට පරිභව කෙරෙයි. ධර්‍මකථිකයාට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. එකඟ නො වූ සිත් ඇති වැ වික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුනුවණින් මෙනෙහි කරණුයෙක් ද වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං.

මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසන්නේ සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:

න කථං පරිභොති. න කථිකං පරිභොති. න අත‍්තානං පරිභොති. අවික‍්ඛිත‍්තචිත‍්තො ධම‍්මං සුණාති එකග‍්ගචිත‍්තො. යොනිසො ච මනසිකරොති.

කථාවට පරිභව නො කරයි. කථිකයාට පරිභව නො කරයි. තමාට පරිභව නො කරයි. එකඟසිත් ඇතියේ අවික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුවණින් මෙනෙහි කරණුයේ ද වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති.

මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාම (ආර්‍ය්‍යමාර්‍ග) යට බස්නට භව්‍ය වේ යයි.