යෙදුමෙන් කියවන්න

දුතිය සම‍්මත‍්තනියාමසුත‍්තං

5. 4. 1. 2.

5. 4. 1. 2.

[දුතිය සම‍්මත‍්තනියාමසුත‍්තං]

[දෙවැනි සම්මත්තනියාම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

2. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මය කෙරෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:

කථං පරිභොති. කථිකං පරිභොති. අත‍්තානං පරිභොති. දුප‍්පඤ‍්ඤො හොති ජළො එළමූගො. අනඤ‍්ඤාතෙ අඤ‍්ඤාතමානී හොති.

කථාවට පරිභව කෙරෙයි. කථිකයාහට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. ජඩවූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං.

මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සදහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බැසගන්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:

න කථං පරිභොති. න කථිකං පරිභොති. න අත‍්තානං පරිභොති. පඤ‍්ඤවා හොති අජළො අනෙළමූගො න අනඤ‍්ඤාතෙ අඤ‍්ඤාතමානී හොති.

කථාවට පරිභව නො කෙරෙයි. කථිකයාහට පරිභව නො කෙරෙයි. තමාහට පරිභව නො කෙරෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමට (නියත මාර්‍ගයට) බස්නට භව්‍ය වේ යයි.