යෙදුමෙන් කියවන්න

තතිය සම‍්මත‍්තනියාමසුත‍්තං

5. 4. 1. 3.

5. 4. 1. 3.

[තතිය සම‍්මත‍්තනියාමසුත‍්තං]

[තුන්වැනි සම්මත්තනියාම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

3. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

3. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය නොවේ. කවර පසෙකින යත්:

මක‍්ඛී ධම‍්මං සුණාති මක‍්ඛපරියුට‍්ඨිතො. උපාරම‍්භචිත‍්තො ධම‍්මං සුණාති රන්‍ධගවෙසී. ධම‍්මදෙසකෙ ආහතචිත‍්තො හොති ඛිලජාතො. දුප‍්පඤ‍්ඤො හොති ජළො එළමූගො. අනඤ‍්ඤාතෙ අඤ‍්ඤාතමානී හොති.

ගුණමකු වූයේ ගුණමකුසිතින් මඩනා ලදුයේ ධර්‍මය අසයි. උපාරම්භ චිත්ත (වාද නගන සිත්) ඇතියේ සිදුරු සොයන සුලුයේ ධර්‍මය අසයි. තදබැව් ඇතියේ ධර්‍ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ඝැටුනු සිතැත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තොපි සද‍්ධම‍්මං අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං.

මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ දහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:

අමක‍්ඛී ධම‍්මං සුණාති න මක‍්ඛපරියුට‍්ඨිතො. අනුපාරම‍්භචිත‍්තො ධම‍්මං සුණාති න රන්‍ධගවෙසී. ධම‍්මදෙසකෙ අනාහතචිත‍්තො හොති අඛිලජාතො. පඤ‍්ඤවා හොති අජළො අනෙළමූගො. න අනඤ‍්ඤාතෙ අඤ‍්ඤාතමානී හොති.

ගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි. උපාරම්භචිත්ත රහිත වූයේ රන්ඩ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. ධර්‍මදේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නො ඝැටුනු සිතැතියේ තදබැව් නැතියේ වෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නො දත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති.

මහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ව දහම් අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ යයි.