පඨම සද්ධම්මසම්මොසසුත්තං
5. 4. 1. 4.
5. 4. 1. 4.
[පඨම සද්ධම්මසම්මොසසුත්තං]
[පළමුවැනි සද්ධම්මසම්මෝස සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
4. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
4. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ ප්රමෝෂය (වනඝ) පිණිස අන්තර්ධානය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න සක්කච්චං ධම්මං සුණන්ති. න සක්කච්චං ධම්මං පරියාපුණන්ති. න සක්කච්චං ධම්මං ධාරෙන්ති. න සක්කච්චං ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. න සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති.
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් නො අසති. සකස් කොට දහම් නො පිරිවහති. සකස් කොට දහම් නො ධරති. සකස් කොට ධැරූ ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා නො කරති. සකස් කොට අර්ත්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය නො පිළිපදිත්.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
මහෙණනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නාහයි.
පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සක්කච්චං ධම්මං සුණන්ති. සක්කච්චං ධම්මං පරියාපුණන්ති. සක්කච්චං ධම්මං ධාරෙන්ති. සක්කච්චං ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති.
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් අසති. සකස් කොට දහම් පිරිවහති. සකස් කොට දහම් ධරති. සකස් කොට ධැරූ ධර්මයන්ගේ අර්ත්ථය පිරික්සති. සකස් කොට අර්ත්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය පිළිපදනා හ.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
මහණෙනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහයි.