යෙදුමෙන් කියවන්න

1. සද‍්ධම‍්මවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සද්ධම්ම වර්ගය

1. පඨම සම‍්මත‍්තනියාමසුත‍්තවණ‍්ණනා

1. පළමුවැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ අභබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තභූතං මග‍්ගනියාමං ඔක‍්කමිතුං අභබ‍්බො අභාජනං. කථං පරිභොතීතිආදීසු “කිං කථා නාම එසා”ති වදන‍්තො කථං පරිභොති නාම. “කිං නාමෙස කථෙති, කිං අයං ජානාතී”ති වදන‍්තො කථිකං පරිභොති නාම. “මයං කිං ජානාම, කුතො අම‍්හාකං එතං සොතුං බල”න‍්ති වදන‍්තො අත‍්තානං පරිභොති නාම. විපරියායෙන සුක‍්කපක‍්ඛො වෙදිතබ‍්බො.

සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මහතං යනු කුශල ධර්‍මයන්හි සම්පූර්‍ණත්වය වූ මාර්‍ගනියමයට බැසගන්නට නොසුදුසුවූයේ බදුන් නොවූයේයි, කථං පරිභොති යනාදියෙහි මෙය කවරනම් කථාවක්දැයි කියමින් කථාව පරිභව කරයි නමි, මෙතෙම කුමක් කියයි ද මෙතෙම කුමක් දනියිදැයි කියමින් කථිකයාට පරිභව කරයි නමි, අපි කුමක් දනිමුද අපට මෙය ඇසීමට කොයින් බලයක්දැයි කියමින් තමන් පරිභවයට ලක්කරයි නමි, විරුද්ධාකාරයෙන් යහපත් පැත්ත දතයුතුය.

2. දුතිය සම‍්මත‍්තනියාමසුත‍්තවණ‍්ණනා

2. දෙවැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව

දුතියෙ අනඤ‍්ඤාතෙ අඤ‍්ඤාතමානීති අවිඤ‍්ඤාතස‍්මිංයෙව “විඤ‍්ඤාතමිදං මයා”ති එවංමානී.

දෙවැන්නෙහි අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී යනු නොදන්නා ලද දෙයෙහි මෙය මවිසින් දැනගන්නා ලදැයි මෙසේ මාන ඇත්තේයි.

3. තතිය සම‍්මත‍්තනියාමසුත‍්තවණ‍්ණනා

3. තුන්වැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව

තතියෙ මක‍්ඛී ධම‍්මං සුණාතීති මක‍්ඛී හුත්‍වා ගුණමක‍්ඛනචිත‍්තෙන ධම‍්මං සුණාති. උපාරම‍්භචිත‍්තොති නිග‍්ගහාරොපනචිත‍්තො. රන්‍ධගවෙසීති ගුණරන්‍ධං ගුණච‍්ඡිද‍්දං ගවෙසන‍්තො.

තෙවැන්නෙහි මක්ඛි ධම්මං සුණාති යනු (ගුණ) මකුවෙක් වී ගුණ යටපත් කරන සිතෙන් ධර්‍මය අසයි, උපාරම්හචිත්තො යනු නින්දා රෝපන සිතැත්තේයි, රන්ධගවෙසි යනු ගුණ සිදුර ගුණ හිදැස සොයන්නේයි.

4. පඨම සද‍්ධම‍්මසම‍්මොසසුත‍්තවණ‍්ණනා

4. පළමුවැනි සද්ධම්මසම්මොස සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ න සක‍්කච‍්චං ධම‍්මං සුණන‍්තීති ඔහිතසොතා සුකතකාරිනො හුත්‍වා න සුණන‍්ති. න පරියාපුණන‍්තීති යථාසුතං ධම‍්මං වළඤ‍්ජන‍්තාපි සක‍්කච‍්චං න වළඤ‍්ජෙන‍්ති. පඤ‍්චමං උත‍්තානමෙව.

සිවුවැන්නෙහි න සක්කච්චං ධම්මං සුණන්ති යනු යොමුකළ කන් ඇත්තෝව මනාව කළ කටයුතු කරන්නෝ වී නො අසත්, න පරියාපුණ්නති යනු අසන ලද අයුරින් ධර්‍මය පිළිපදින්නෝ වුවද මනාකොට නොපිළිපදිති. පස්වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.

6. තතියසද‍්ධම‍්මසම‍්මොසසුත‍්තවණ‍්ණනා

6. තුන්වැනි සද්ධම්මසම්මොස සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අප‍්පටිසරණොති අප‍්පතිට‍්ඨො. ආචරියා හි සුත‍්තන‍්තස‍්ස පටිසරණං නාම, තෙසං අභාවා අප‍්පටිසරණො හොති. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයමෙව.

සවැන්නෙහි අප්පටිසාරිණො යනු ප්‍රතිෂ්ඨා නැත්තේයි, ආචාර්‍යවරු සූත්‍රාන්තයට පිළිසරණ නම් වෙති, ඔවුන්ගේ අභාවයෙන් පිළිසරණ නැත්තේ වෙයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇත්තේමය.

7. දුක‍්කථාසුත‍්තවණ‍්ණනා

7. දුක්කථා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පුග‍්ගලං උපනිධායාති තං තං පුග‍්ගලං උපනික‍්ඛිපිත්‍වා, සක‍්ඛිං කත්‍වාති අත්‍ථො. කච‍්ඡමානායාති කථියමානාය. සෙසමෙත්‍ථ අට‍්ඨමඤ‍්ච උත‍්තානත්‍ථමෙවාති.

සත්වැන්නෙහි පුග්ගලං උපනිධාය යනු ඒ ඒ පුද්ගලයා තබා, සාක්ෂ්‍ය කොටැයි අරුත්ය, කච්ඡමානාය යනු කියනු ලබන්නාවූයි, මෙහි සෙස්ස ද අටවැන්න ද පැහැදිලි අරුත් ඇත්තේමය.

9. උදායීසුත‍්තවණ‍්ණනා

9. උදායී සූත්‍ර වර්ණනාව

නවමෙ අනුපුබ‍්බිං කථං කථෙස‍්සාමීති දානානන‍්තරං සීලං, සීලානන‍්තරං සග‍්ගන‍්ති එවං දෙසනානුපුබ‍්බිං කථං වා, යං යං සුත‍්තපදං වා ගාථාපදං වා නික‍්ඛිත‍්තං හොති, තස‍්ස තස‍්ස අනුරූපකථං කථෙස‍්සාමීති චිත‍්තං උපට‍්ඨපෙත්‍වා පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. පරියායදස‍්සාවීති තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස තං තං කාරණං දස‍්සෙන‍්තො. කාරණඤ‍්හි ඉධ පරියායොති වුත‍්තං. අනුද‍්දයතං පටිච‍්චාති “මහාසම‍්බාධප‍්පත‍්තෙ සත‍්තෙ සම‍්බාධතො මොචෙස‍්සාමී”ති අනුකම‍්පං ආගම‍්ම. න ආමිසන‍්තරොති න ආමිසහෙතුකො, අත‍්තනො චතුපච‍්චයලාභං අනාසීසන‍්තොති අත්‍ථො. අත‍්තානඤ‍්ච පරඤ‍්ච අනුපහච‍්චාති අත‍්තුක‍්කංසනපරවම‍්භනාදිවසෙන අත‍්තානඤ‍්ච පරඤ‍්ච ගුණුපඝාතෙන අනුපහන‍්ත්‍වා.

නවවැන්නෙහි ආනුපුබ්බිකථං කථෙස්සාමි යනු දානයට අනතුරුව ශීලයයි, ශීලයට අනතුරුව ස්වර්‍ගයයි මෙසේ දේශනා පිළිවෙළ කථාව හෝ යම් යම් සූත්‍ර පදයක් හෝ ගාථා පදයක් හෝ ඉදිරිපත් කරන ලද්දේ වේ ද ඒ ඒ දෙයට සුදුසු කථාවක් හෝ කියන්නෙමැයි සිත උපදවා අනුනට ධර්‍මය දේශනා කළයුතුය, පරියායදස්සාවී යනු ඒ ඒ අර්‍ත්‍ථයට ඒ ඒ කරුණ දක්වන්නේයි, මෙහි කාරණයට පරියායයි කියනු ලැබේ. අනුද්දයතං පටිච්ච යනු මහත් සම්බාධයකට පත් සත්ත්වයන් ඒ සම්බන්ධයෙන් මුදවන්නෙමැයි අනුකම්පාවට පැමිණෙයි, න ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ගෙන කටයුතු නොකරන්නේයි, තමන්ගේ සිවුපස ලැබීම බලාපොරොත්තු නොවන්නේයි අරුත්ය, අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච යනු තමන් උසස්කොට සැලකීම අනුන් පහත්කොට සැලකීම ආදී වශයෙන් තමන් ද අනුන් ද ගුණ නැසීමෙන් නොනසයි.

10. දුප‍්පටිවිනොදයසුත‍්තවණ‍්ණනා

10. දුප්පටිවිනොදය සූත්‍ර වර්ණනාව

දසමෙ දුප‍්පටිවිනොදයාති යානි හස‍්සාදීනි කිච‍්චානි නිප‍්ඵාදෙතුං ඨානානි උප‍්පන‍්නානි හොන‍්ති, තෙසු මත්‍ථකං අසම‍්පත‍්තෙසු අන‍්තරායෙව දුන‍්නීහාරා දුවික‍්ඛම‍්භයා හොන‍්ති. පටිභානන‍්ති කථෙතුකාමතා වුච‍්චති. ඉමානි පඤ‍්ච දුප‍්පටිවිනොදයානි, න සුප‍්පටිවිනොදයානි. උපායෙන පන කාරණෙන අනුරූපාහි පච‍්චවෙක‍්ඛණඅනුසාසනාදීහි සක‍්කා පටිවිනොදෙතුන‍්ති.

දසවැන්නෙහි දුප්පටිවිනොදයා යනු යම් සිනහසීම් ආදී කටයුතු ඇති කිරීමට (සුදුසු) තැන් වේ ද ඒවා නිමාවට නොපත්කල්හි අතරතුරදීම නොමනාව ඉදිරිපත් කරන්නේ නොමනාව යටපත් කරන්නේ වෙයි, පටිභානං යනු කියනු කැමැත්තයි, මේ කරුණු පස දුරුකිරීමට දුෂ්කරය, දුරුකිරීම පහසු නොවේ, උපාය කාරණයෙන් සුදුසු වූ ප්‍රත්‍යවෙක්ෂණ අනුශාසනා ආදියෙන් දුරු කිරීමට හැකිය.

සද‍්ධම‍්මවග‍්ගො පඨමො.

පළමුවැනි වර්‍ගයයි.