යෙදුමෙන් කියවන්න

දුක‍්කථාසුත‍්තං

5. 4. 1. 7.

5. 4. 1. 7.

[දුක‍්කථාසුත‍්තං]

[දුක්කථා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

7. පඤ‍්චන‍්නං භික‍්ඛවෙ, පුග‍්ගලානං කථා දුක‍්කථා පුග‍්ගලං පුග‍්ගලං උපනිධාය. කතමෙසං පඤ‍්චන‍්නං:

7. මහණෙනි, ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි. කවර පස්දෙනකුන්ගේ ය යත්:

අස‍්සද‍්ධස‍්ස භික‍්ඛවෙ, සද‍්ධාකථා දුක‍්කථා, දුස‍්සීලස‍්ස සීලකථා දුක‍්කථා, අප‍්පස‍්සුතස‍්ස බාහුසච‍්චකථා දුක‍්කථා, මච‍්ඡරියස‍්ස චාගකථා දුක‍්කථා, දුප‍්පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාකථා දුක‍්කථා.

මහණෙනි, ශ්‍රද්ධාරහිතයාට ශ්‍රද්ධාකථා දුෂ්කථා ය. දුසිල්හට ශීලකථා දුෂ්කථා ය. අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථා දුෂ්කථා ය. මසුරුහට ත්‍යාගකථා දුෂ්කථා ය. දුෂ්ප්‍රාඥහට ප්‍රඥාකථා දුෂ්කථා යි.

කස‍්මා ච භික‍්ඛවෙ, අස‍්සද‍්ධස‍්ස සද‍්ධාකථා දුක‍්කථා? අස‍්සද‍්ධො භික‍්ඛවෙ, සද‍්ධාකථාය කච‍්ඡමානාය අභිසජ‍්ජති, කුප‍්පති, ව්‍යාපජ‍්ජති, පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ සද‍්ධාසම‍්පදං අත‍්තනි න සම‍්පස‍්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා අස‍්සද‍්ධස‍්ස සද‍්ධාකථා දුක‍්කථා.

මහණෙනි, කවර හෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, ශ්‍රද්ධා නැතියේ ශ්‍රද්ධා පිළිබඳ කථාව කරණු ලබත් ම කෝප විසින් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා නො සතුට හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ වනාහි එ ශ්‍රද්ධාසම්පද් තමා කෙරෙහි නො මැ දක්නේ ය. එ කරුණු කොට ගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථාව දුෂ්කථා වෙයි.

කස‍්මා ච භික‍්ඛවෙ, දුස‍්සීලස‍්ස සීලකථා දුක‍්කථා? දුස‍්සීලො භික‍්ඛවෙ, සීලකථාය කච‍්ඡමානාය අභිසජ‍්ජති, කුප‍්පති, ව්‍යාපජ‍්ජති, පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, සීලසම‍්පදං අත‍්තනි න සම‍්පස‍්සති, න ච ලභති තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා දුස‍්සීලස‍්ස සීලකථා දුක‍්කථා.

මහණෙනි, කවර හෙයින් දුසිල්හට ශීලකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුශ්ශීලයා ශීලකථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටුනේ ය, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ එ සීල සම්පදාව තමා කෙරෙහි නො දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය නො ද ලබනේ ය. එහෙයින් දුශ්ශීලයාට ශීලකථාව දුෂ්කථා වෙයි.

කස‍්මා ච භික‍්ඛවෙ, අප‍්පස‍්සුතස‍්ස බාහුසච‍්චකථා දුක‍්කථා? අප‍්පස‍්සුතො භික‍්ඛවෙ, බාහුසච‍්චකථාය කච‍්ඡමානාය අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, සුතසම‍්පදං අත‍්තනි න සම‍්පස‍්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා අප‍්පස‍්සුතස‍්ස බාහුසච‍්චකථා දුක‍්කථා.

මහණෙනි, කවර හෙයින් අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව දුෂ්කථා වේය යත්: මහණෙනි, අල්පශ්‍රැතයා බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළව නැගීසිටී, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පාළ කෙරෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශ්‍රැතසම්පත් තමා තුළ නො ම දක්නේය. එ නිදාන කොට ප්‍රීතිප්‍රමෝදය ද නො ලබන්නේ ය. එහෙයින් අල්පශ්‍රැතහට බහුශ්‍රැත්‍ය කථාව දුෂ්කථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, මච‍්ඡරියස‍්ස චාගකථා දුක‍්කථා? මච‍්ඡරී භික‍්ඛවෙ චාගකථාය කච‍්ඡමානාය අභිසජ‍්ජති කුප‍්පති, ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති, කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ චාගසම‍්පදං අත‍්තනි න සම‍්පස‍්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා මච‍්ඡරියස‍්ස චාගකථා දුක‍්කථා.

මහණෙනි, කවර හෙයින් මත්සරිහට ත්‍යාගකථාව දුෂ්කථා වේ ය යත්: මහණෙනි, මත්සරියා ත්‍යාගකථාව කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට වැටෙයි, දළ ව නැගීසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, මත්සරි එ ත්‍යාගසම්පද් තමා කෙරෙහි නො ම දක්නේය. ඒ නිදාන කොටගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් මත්සරිහට ත්‍යාගකථා දුෂ්කථා යි.

කස‍්මා ච භික‍්ඛවෙ, දුප‍්පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාකථා දුක‍්කථා? දුප‍්පඤ‍්ඤො භික‍්ඛවෙ පඤ‍්ඤාකථාය කච‍්ඡමානාය අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථීයති, කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, පඤ‍්ඤාසම‍්පදං අත‍්තනි න සම‍්පස‍්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා දුප‍්පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාකථා දුක‍්කථා.

මහණෙනි, කවර හෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුෂ්ප්‍රාඥ තෙමේ ප්‍රඥාකථා කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා නො ම දක්නේ ය. එ නිදාන කොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථාව දුෂ්කථා වෙයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං පුග‍්ගලානං කථා දුක‍්කථා පුග‍්ගලං පුග‍්ගලං උපනිධාය.

මහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු නිසා (වැටෙන) කථාව දුෂ්කථා වෙයි.

පඤ‍්චන‍්නං භික‍්ඛවෙ පුග‍්ගලානං කථා සුකථා පුග‍්ගලං පුග‍්ගලං උපනිධාය. කතමෙසං පඤ‍්චන‍්නං?

මහණෙනි, ඒ ඒ පුඟුල්හු නිසා පුඟුලන් පස්දෙනකුන්ගේ කථාව සුකථායෙක් වෙයි. කවර පස්දෙනකුනට ය යත්:

සද‍්ධස‍්ස භික‍්ඛවෙ සද‍්ධාකථා සුකථා, සීලවතො සීලකථා සුකථා, බහුස‍්සුතස‍්ස බාහුසච‍්චකථා සුකථා, චාගවතො චාගකථා සුකථා, පඤ‍්ඤවතො පඤ‍්ඤාකථා සුකථා.

මහණෙනි, සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථායෙක. සිල්වත්හට ශීලකථාව සුකථායෙක. බහුශ්‍රැතයාහට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙක. ත්‍යාගීහට ත්‍යාගකථාව සුකථායෙක, ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, සද‍්ධස‍්ස සද‍්ධාකථා සුකථා? සද‍්ධො භික‍්ඛවෙ, සද‍්ධාකථාය කච‍්ඡමානාය නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථීයති, න කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, සද‍්ධාසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා සද‍්ධස‍්ස සද‍්ධාකථා සුකථා.

මහණෙනි, කවරහෙයින් සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සැදැහැතියේ ශ්‍රද්ධාකථාව කරණු ලබත් ම කෝප විසින් නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, දළව නැග නො සිටී. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙම එ සිල්සපුව තමා තුළ ම දක්නේ ය. එ හේතුකොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ශ්‍රද්ධාවත්හට ශ්‍රද්ධාකථාව සුකථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, සීලවතො සීලකථා සුකථා? සීලවා භික‍්ඛවෙ, සීලකථාය කච‍්ඡමානාය නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථීයති, න කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, සීලසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා සීලවතො සීලකථා සුකථා.

මහණෙනි, කවර හෙයින් සිල්වත්හට ශීලකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සිල්වත් තැනැත්තේ ශීලකථා කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශීලසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් සිල්වත්හට ශීලකථාව සුකථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, බහුස‍්සුතස‍්ස බාහුසච‍්චකථා සුකථා? බහුස‍්සුතො භික‍්ඛවෙ, බාහුසච‍්චකථාය කච‍්ඡමානාය නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථීයති, න කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, සුතසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා බහුස‍්සුතස‍්ස බාහුසච‍්චකථා සුකථා.

මහණෙනි, කවර හෙයින් බහුශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව සුකථා වේය යත්: මහණෙනි, බහුශ්‍රුත තෙමේ බාහුශ්‍රැත්‍යකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ තෙමේ එ ශ්‍රැතසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් බහුශ්‍රැතයාට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, චාගවතො චාගකථා සුකථා? චාගවා භික‍්ඛවෙ, චාගකථාය කච‍්ඡමානාය නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථීයති, න කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තං හි සො භික‍්ඛවෙ, චාගසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා චාගවතො චාගකථා සුකථා.

මහණෙනි, කවර හෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ත්‍යාගවත් පුද්ගල ත්‍යාගකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ත්‍යාගසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථායෙකි.

කස‍්මා ච භික‍්ඛවෙ, පඤ‍්ඤවතො පඤ‍්ඤාකථා සුකථා? පඤ‍්ඤවා භික‍්ඛවෙ, පඤ‍්ඤාකථාය කච‍්ඡමානාය නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථීයති, න කොපං ච දොසං ච අප‍්පච‍්චයං ච පාතුකරොති. තං කිස‍්ස හෙතු? තඤ‍්හි සො භික‍්ඛවෙ, පඤ‍්ඤාසම‍්පදං අත‍්තනි සම‍්පස‍්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ‍්ජං. තස‍්මා පඤ‍්ඤාවතො පඤ‍්ඤාකථා සුකථා.

මහණෙනි, කවර හෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ප්‍රඥාවත් තැනැත්තේ ප්‍රඥාකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කරයි. කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථා සුකථායෙකි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං පුග‍්ගලානං කථා සුකථා පුග‍්ගලං පුග‍්ගලං උපනිධායාති.

මහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු සඳහා කරණ කථා සුකථා වේ යයි.