යෙදුමෙන් කියවන්න

උදායීසුත‍්තං

5. 4. 1. 9.

5. 4. 1. 9.

[උදායීසුත‍්තං]

[උදායී සූත්‍රය]

9. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී මහතියා ගිහීපරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොති. අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං උදායිං මහතියා ගිහීපරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං නිසින‍්නං. දිස‍්වාන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: ආයස‍්මා භන‍්තෙ උදායී මහතියා ගිහීපරිසාය පරිවුතො ධම‍්මං දෙසෙතීති.

9. මා විසින් මෙසෙයින් අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහිපිරිසක් විසින් පිරිවරණ ලද්දාහු ධර්‍ම දේශනා කරමින් හුන්නාහු වෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහත් ගිහිපිරිස් විසින් පිරිවරණ ලදු වැ දම් දෙසමින් හුන් ආයුෂ්මත් උදායී තෙරුන් දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහි පිරිස් විසින් පිරිවරණ ලද්දාහු දම් දෙසත්හ”යි.

න ඛො ආනන්‍ද සුකරං පරෙසං ධම‍්මං දෙසෙතුං. පරෙසං ආනන්‍ද ධම‍්මං දෙසෙන‍්තෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. කතමෙ පඤ‍්ච:

ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ මැ යි. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරණුවහු විසින් තමා තුළ ධර්‍ම පසක් එළවාගෙණ මෙරමාහට දම් දෙසිය යුතු. කවර පසෙක යත්:

ආනුපුබ‍්බීකථං කථෙස‍්සාමීති පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. පරියායදස‍්සාවී කථං කථෙස‍්සාමීති පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බා. අනුද‍්දයතං පටිච‍්ච කථං කථෙස‍්සාමීති පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. න ආමිසන‍්තරො කථං කථෙස‍්සාමීති පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. අත‍්තානං ච පරං ච අනුපහච‍්ච කථං කථෙස‍්සාමීති පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බො.

‘ආනුපූර්වී (පිළිවෙළ) කථාව කියන්නෙමි’ යි පරහට ධර්‍මය දෙසිය යුතු. ‘පර්‍ය්‍යාය (කරුණු) දක්වන්නෙම් කථා කියන්නෙමි’ යි පරහට දම් දෙසිය යුතු. ‘අනුකම්පා පිණිස ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘ලාභාපේක්‍ෂා නැතියෙම් ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘තමා හා මෙරමා හා නො ඝටා ධර්‍මකථා කියන්නෙමි’යි පරහට ධර්‍මය දෙසිය යුතු.

න ඛො ආනන්‍ද සුකරං පරෙසං ධම‍්මං දෙසෙතුං. පරෙසං ආනන්‍ද ධම‍්මං දෙසෙන‍්තෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරෙසං ධම‍්මො දෙසෙතබ‍්බොති.

ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරන්නහු විසින් මෙ ධර්‍ම පස තමා තුළ එළවා පරහට ධර්‍මය දෙසිය යුතු යි.