යෙදුමෙන් කියවන්න

දුප‍්පටිවිනොදයසුත‍්තං

5. 4. 1. 10.

5. 4. 1. 10.

[දුප‍්පටිවිනොදයසුත‍්තං]

[දුප්පටිවිනෝදය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

10. පඤ‍්චිමෙ භික‍්ඛවෙ උප‍්පන‍්නා දුප‍්පටිවිනොදයා. කතමෙ පඤ‍්ච:

10. මහණෙනි, මෙ කරුණු පසෙක් උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. කවර පසෙක යත්:

උප‍්පන‍්නො රාගො දුප‍්පටිවිනොදයො. උප‍්පන‍්නො දොසො දුප‍්පටිවිනොදයො. උප‍්පන‍්නො මොහො දුප‍්පටිවිනොදයො. උප‍්පන‍්නං පටිභානං දුප‍්පටිවිනොදයං. උප‍්පන‍්නං ගමිකචිත‍්තං දුප‍්පටිවිනොදයං.

රාගය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. ද්වේෂය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. මෝහය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ප්‍රතිභානය දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ගමික චිත්තය දුකසේ දුරැලිය හෙන්නේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච උප‍්පන‍්නා දුප‍්පටිවිනොදයාති.

මහණෙනි, මෙ කරුණු පස උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ යයි.

සද‍්ධම‍්මවග‍්ගො පඨමො.

සද්ධම්මවර්‍ගය පළමුවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

තයො සද‍්ධම‍්ම නියාමා තයො සද‍්ධම‍්ම සම‍්මොසා දුක‍්කථා සාරජ‍්ජං චෙව උදායී දුබ‍්බිනොදයෙ.

සද්ධම්මනියාම සූත්‍ර තුණෙක, සද්ධම්මසම්මෝස සූත්‍ර තුණෙක, දුක්කථා සූත්‍රය, සාරජ්ජ සූත්‍රය, උදායී සූත්‍රය, දුප්පටිවිනෝදය සූත්‍රය දැයි දසයෙකි.