යෙදුමෙන් කියවන්න

පඨම ආඝාතපටිවිනයසුත‍්තං

5. 4. 2. 1.

5. 4. 2. 1.

[පඨම ආඝාතපටිවිනයසුත‍්තං]

[පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ආඝාතපටිවිනයා යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බො. කතමෙ පඤ‍්ච:

11. මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

යස‍්මිං භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, මෙත‍්තා තස‍්මිං පුග‍්ගලෙ භාවෙතබ‍්බා. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි.

යස‍්මිං භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, කරුණා තස‍්මිං පුග‍්ගලෙ භාවෙතබ‍්බා. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු.

යස‍්මිං භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, උපෙක‍්ඛා තස‍්මිං පුග‍්ගලෙ භාවෙතබ‍්බා. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි උපේක්‍ෂාව (චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන්) වැඩිය යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.

යස‍්මිං භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, අසති අමනිසිකාරො තස‍්මිං පුග‍්ගලෙ ආපජ‍්ජිතබ‍්බො. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, අසති අමනසිකාරය (නොසිහි නො මෙනෙහි කිරීම) එ පුද්ගලයා කෙරෙහි එළැවියැ යුතුයි. මෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.

යස‍්මිං භික‍්ඛවෙ, පුග‍්ගලෙ ආඝාතො ජායෙථ, කම‍්මස‍්සකතා තස‍්මිං පුග‍්ගලෙ අධිට‍්ඨාතබ‍්බා: “කම‍්මස‍්සකො අයමායස‍්මා කම‍්මදායාදො කම‍්මයොනි කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො. යං කම‍්මං කරිස‍්සති කල්‍යාණං වා පාපකං වා, තස‍්ස දායාදො භවිස‍්සතී”ති. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කර්‍මස්වකතාව මෙනෙහි කළයුතු: “මේ ආයුෂ්මත් කර්‍මස්වක (කර්‍මය ස්වකීය කොට ඇත්තේ) කර්‍මදායාද (කර්‍මය විසින් දෙන ලද විපාක කොටස ගන්නේ) වෙයි. කර්‍මයෝනි (කර්‍මය ම හේතු කොට ඇත්තේ) වෙයි. කර්‍මබන්‍ධු වෙයි. කර්‍මප්‍රතිසරණ (කර්‍මය පිළිසරණ කොට ඇත්තේ) වෙයි. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරේ නම්, එයට දායාද (විපාක කොටස ගන්නෙක්) වන්නේ ය” යි. මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ආඝාතපටිවිනයා යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බොති.

මහණෙනි, යම් අරමුණෙක මහණහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ ඒ ආඝාතපටිවිනය පස යි.