යෙදුමෙන් කියවන්න

දුතිය ආඝාතපටිවිනයසුත‍්තං

5. 4. 2. 2.

5. 4. 2. 2.

[දුතිය ආඝාතපටිවිනයසුත‍්තං]

[දෙවැනි ආඝාතපටිවිනය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

12. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ:

පඤ‍්චිමෙ ආවුසො, ආඝාතපටිවිනයා යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බො. කතමෙ පඤ‍්ච:

ඇවැත්නි, යම් අරමුණෙක භික්‍ෂූහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, එ බඳු ආඝාතපටිවිනය පසෙකි. කවර පසෙක යත්:

ඉධාවුසො, එකච‍්චො පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො හොති පරිසුද‍්ධවචීසමාචාරො. එවරූපෙපි ආවුසො, පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. ඇවැත්නි, මෙ බඳු පුඟුල් කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.

ඉධ පන ආවුසො, එකච‍්චො පුග‍්ගලො අපරිසුද‍්ධවචීසමාචාරො හොති පරිසුද‍්ධකායසමාචාරො. එවරූපෙපි ආවුසො, පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ පිරිසිදු කායසමාචාර ඇති වෙයි. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.

ඉධ පන ආවුසො, එකච‍්චො පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො හොති අපරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො, පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. කලින් කල ශමථවිදර්‍ශනා චිත්තයාගේ (ඉපදීමට අවකාශ යයි කියන ලද) විවරය හා පහන්බව හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.

ඉධ පන ආවුසො, එකච‍්චො පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො හොති අපරිසුද‍්ධවචීසමාචාරො, න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේත්, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේත් වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය හා චිත්තයාගේ ප්‍රසන්නභාවය නො ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.

ඉධ පන ආවුසො, එකච‍්චො පුග‍්ගලො පරිසුද‍්ධකායසමාචාරො හොති පරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො, පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ ද, පිරිසිදු වාක්සමාචාර ඇතියේ ද වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශ හා චිත්තයාගේ ප්‍රසන්නභාවය හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.

තත්‍රාවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො පරිසුද‍්ධවචීසමාචාරො, කථං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො?

ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, කෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය යත්:

සෙය්‍යථාපි ආවුසො, භික‍්ඛු පංසුකූලිකො රථියාය නන‍්තකං දිස‍්වා වාමෙන පාදෙන නිග‍්ගහෙත්‍වා දක‍්ඛිණෙන පාදෙන විත්‍ථාරෙත්‍වා යො තත්‍ථ සාරො තං පරිපාටෙත්‍වා ආදාය පක‍්කමෙය්‍ය; එවමෙව ඛො ආවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො පරිසුද‍්ධවචීසමාචාරො, යාස‍්ස අපරිසුද‍්ධකායසමාචාරතා, න සාස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යා ච ඛ‍්වාස‍්ස පරිසුද‍්ධවචීසමාචාරතා, සාස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, යම්සේ පාංශුකූලික මහණෙක් වීථියෙහි මහලු පිළීකඩක් දැක වම්පසින් ඇක්ම දකුණුපසින් විදහා එහි යම් සාරයෙක් වේ නම්, එය ඉරාගෙණ යන්නේ වේ ද; ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරතායෙක් වේ ද, එ මෙනෙහි නො කටයුතු. ඔහුගේ යම් පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි එ මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.

තත්‍රාවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධවචීසමාචාරො පරිසුද‍්ධකායසමාචාරො, කථං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො?

ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:

සෙය්‍යථාපි ආවුසො, පොක‍්ඛරණී සෙවාලපණකපරියොනද‍්ධා, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො. සො තං පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා උභොහි හත්‍ථෙහි ඉතිචිතිච සෙවාලපණකං අපබ්‍යූහිත්‍වා අඤ‍්ජලිනා පිවිත්‍වා පක‍්කමෙය්‍ය, එවමෙව ඛො ආවුසො ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධවචීසමාචාරො පරිසුද‍්ධකායසමාචාරො, යාස‍්ස අපරිසුද‍්ධවචීසමාචාරතා, න සාස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යා ච ඛ‍්වාස‍්ස පරිසුද‍්ධකායසමාචාරතා, සාස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, යම්සේ සෙවෙල් හා පණකසෙවෙලින් වැකුණු පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ පවස් ඇති දියෙබානු කැමැති පුරුෂයෙක් එන්නේ වේ ද, හේ එ පොකුණට බැස දෑතින් සෙවෙල් හා පණක (නිල්වන් පත් - දිය පරැඬල්) සෙවෙල් ඔබමොබ පිහිරාපියා ඇදිලියෙන් (දොහොතින්) පැන් බී නික්මයන්නේ වේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නොපිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ වේ ද, ඔහුගේ යම් නොපිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි ඔහුගේ එ වාක්සමාචාරය මෙනෙහි නොකොට යුතු ය. ඔහුගේ යම් පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.

තත්‍රාවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො අපරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො?

ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය ද චිත්තප්‍රසාදය ද ලබා නම්, කිසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාත දුරැලිය යුතු ය යත්:

සෙය්‍යථාපි ආවුසො පරිත‍්තං ගොපදකෙ උදකං, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො. තස‍්ස එවමස‍්ස: “ඉදං ඛො පරිත‍්තං ගොපදකෙ උදකං, ස‍්වාහං අඤ‍්ජලිනා වා පිවිස‍්සාමි භාජනෙන වා, ඛොභෙස‍්සාමීපි තං, ලොළෙස‍්සාමීපි තං, අපෙය්‍යම‍්පි තං කරිස‍්සාමි. යන‍්නූනාහං චතුගුණ‍්ඩිකො නිපතිත්‍වා ගොපීතකං පිවිත්‍වා පක‍්කමෙය්‍යන‍්ති. සො චතුගුණ‍්ඩිකො නිපතිත්‍වා ගොපීතකං පිවිත්‍වා පක‍්කමෙය්‍ය. එවමෙව ඛො ආවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො, අපරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාස‍්ස අපරිසුද‍්ධකායසමාචාරතා, න සාස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යාපිස‍්ස අපරිසුද‍්ධවචීසමාචාරතා, න සාපිස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යං ච ඛො සො ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තදෙවස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බං. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, යම් සෙයෙකින් කුඩා ගොකුරෙක (හරක්කුර වළක) දියත්තෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ හටගත් පවස් ඇති දියබොනු කැමැති පුරුෂයෙක් එන්නේ නම්, ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “කුඩා ගෝපදවළුයෙහි මේ මඳ දියත්තෙක, ඉදින් මම එය ඇඳිලියෙන් හෝ බඳුනෙකින් හෝ ගෙණ බොන්නෙම් නම්, එය කළඹනු යෙම් ද අළලනුයෙම් ද නොපියහෙනු කරනුයෙම් ද වෙමි. මම චතුගුණ්ඩික ව හෙවැ (දෙදනිනුදු දෙ අතිනුදු බිම හෙවැ) ගවයකු සෙයින් මුවින් හැද බී නික්මයෙම් නම් මැනැවැ” යි. හේ චතුගුණ්ඩික ව හෙවැ ගවයකු සෙයින් මුවින් හැදැ දිය බී නික්ම යන්නේ ද, ඇවැත්නි, එ පරිදි ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ අවකාශ හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ ද, ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එකල්හි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි නොකට යුතු ය. එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු වාක්සමාචාරභාවයෙක් වේ නම්, එ ද මෙනෙහි නොකටයුතු ය. හේ කලින් කල යම් චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශයක් හා චිත්තප්‍රසාදයක් හා ලබා නම්, එකල්හි ඔහුගේ එය ම මෙනෙහි කටයුතු. ඇවැත්නි, මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය.

තත්‍රාවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො අපරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො?

ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තවිවරයක් හා චිත්තප්‍රසාදයක් හා නො ලබා නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:

සෙය්‍යථාපි ආවුසො, පුරිසො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො අද‍්ධානමග‍්ගපටිපන‍්නො, තස‍්ස පුරතො පිස‍්ස දූරෙ ගාමො, පච‍්ඡතො පිස‍්ස දූරෙ ගාමො, සො න ලභෙය්‍ය සප‍්පායානි භොජනානි, න ලභෙය්‍ය සප‍්පායානි භෙසජ‍්ජානි, න ලභෙය්‍ය පතිරූපං උපට‍්ඨාකං, න ලභෙය්‍ය ගාමන‍්තනායකං. තමෙනං අඤ‍්ඤතරො පුරිසො පස‍්සෙය්‍ය අද‍්ධානමග‍්ගපටිපන‍්නො. සො තස‍්මිං පුරිසෙ කාරුඤ‍්ඤං යෙව උපට‍්ඨාපෙය්‍ය, අනුද‍්දයං යෙව උපට‍්ඨාපෙය්‍ය, අනුකම‍්පංයෙව උපට‍්ඨාපෙය්‍ය: “අහොවතායං පුරිසො ලභෙය්‍ය සප‍්පායානි භොජනානි, ලභෙය්‍ය සප‍්පායානි භෙසජ‍්ජානි, ලභෙය්‍ය පතිරූපං උපට‍්ඨාකං, ලභෙය්‍ය ගාමන‍්තනායකං. තං කිස‍්ස හෙතු? මායං පුරිසො ඉධෙව අනයව්‍යසනං ආපජ‍්ජති එවමෙව ඛො ආවුසො, ය‍්වායං පුග‍්ගලො අපරිසුද‍්ධකායසමාචාරො අපරිසුද‍්ධවචීසමාචාරො, න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, එවරූපෙපි ආවුසො, පුග‍්ගලෙ කාරුඤ‍්ඤං එව උපට‍්ඨාපෙතබ‍්බං, අනුද‍්දයායෙව උපට‍්ඨාපෙතබ‍්බා, අනුකම‍්පායෙව උපට‍්ඨාපෙතබ‍්බා. “අහොවතායං ආයස‍්මා කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙය්‍ය, වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙය්‍ය, මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙය්‍ය, තං කිස‍්ස හෙතු? මායං ආයස‍්මා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජී”ති. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො.

ඇවැත්නි, යම්සේ විෂභාගාබාධ ඇති දුකට පත් දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ ද, ඔහුට ඉදිරියෙහිදු ග්‍රාමය දුර වෙයි. ඔහුට පසුපස්හිදු ග්‍රාමය දුර වෙයි. හේ සත්ප්‍රායභෝජන නො ලබන්නේ ය. සත්ප්‍රාය බෙහෙසද් ද නො ලබන්නේ ය. අනුරූප උපස්ථායකයකු ද නො ලබන්නේ ය. ග්‍රාමාන්තයට පමුණුවන්නකු ද නො ලබන්නේ ය. අද්ධාන මාර්‍ගයට පිළිපන් අන්‍යතර පුරුෂයෙක් ඔහු දක්නේ ය. හේ එ පුරුෂයා කෙරෙහි කාරුණ්‍යය ම එළවන්නේ ය, අනුද්දයාව ම එළවන්නේ ය, අනුකම්පාව ම එළවන්නේ ය: “මෙ පුරිස් සත්ප්‍රාය භෝජනය ලබන්නේ වේ නම්, සත්ප්‍රාය භෛෂජ්‍ය ලබන්නේ වේ නම්, අනුරූප උපස්ථායකයකු ලබන්නේ වේ නම්, ගමට පමුණුවන්නකු ලබන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මෙ පුරිස් මෙ තන්හි මැ අනයව්‍යසනයට (විපතට) නහමක් පැමිණේව” යි. ඇවැත්නි, එසෙයින් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවරයක් හා චිත්තයාගේ ප්‍රසාදයක් හා නො ද ලබන්නේ වේ නම්, ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහි දු කරුණාව ම ඉපදවිය යුතු, අනුද්දයාව ම එළැවිය යුතු, අනුකම්පාව ම එළැවිය යුතු: “මේ ආයුෂ්මත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩන්නේ වේ නම්, වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩන්නේ වේ නම්, මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො වදනේ වේ නම්, ඉතා මැනැවැ”යි. ඇවැත්නි, මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.

තත්‍රාවුසො, ය‍්වායං පුග‍්ගලො පරිසුද‍්ධකායසමාචාරො පරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො?

ඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:

සෙය්‍යථාපි ආවුසො, පොක‍්ඛරණී අච‍්ඡොදිකා සාතොදිකා සීතොදිකා සෙතකා සුපතිත්‍ථා රමණීයා නානාරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නා, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො සො තං පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා නහාත්‍වා ච පිවිත්‍වා ච පච‍්චුත‍්තරිත්‍වා තත්‍ථෙව රුක‍්ඛච‍්ඡායාය නිසීදෙය්‍ය වා නිපජ‍්ජෙය්‍ය වා, එවමෙව ඛො ආවුසො, ය‍්වායං පුග‍්ගලො පරිසුද‍්ධකායසමාචාරො පරිසුද‍්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාපිස‍්ස පරිසුද‍්ධකායසමාචාරතා, සාපිස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යාපිස‍්ස පරිසුද‍්ධවචීසමාචාරතා සාපිස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බා. යම‍්පි සො ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තම‍්පිස‍්ස තස‍්මිං සමයෙ මනසිකාතබ‍්බං. එවං තස‍්මිං පුග‍්ගලෙ ආඝාතො පටිවිනෙතබ‍්බො. සමන‍්තපාසාදිකං ආවුසො පුග‍්ගලං ආගම‍්ම චිත‍්තං පසීදති.

ඇවැත්නි, යම්සේ පහන්දිය ඇති මියුරු දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා තොට ඇති සිත්කලු වූ නන්රුකින් ගැවසීගත් පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මං වෙහෙස ඇති පවස් ඇති දිය බොනු කැමැති පුරුෂයෙක් එන්නේ ය. හේ එ පොකුණට බැස ස්නාන ද කොට ජලපානය ද කොට පෙරළා ගොඩ අවුත් එ ම රුක්සෙවණෙහි හිඳිනේ හෝ හෝනේ හෝ වෙයි. එසෙයින් ම ඇවැත්නි, යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇත්තේ පිරිසිදු වාක්සමාචාර ඇත්තේ කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ ද, ඔහුගේ යම් බඳු පරිශුද්ධකායසමාචාරතායෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ පිරිසිදු කායසමාචාරය ම මෙනෙහි කටයුතු ය. ඔහුගේ යම්බඳු පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, ඔහුගේ එ ද එ සමයෙහි මෙනෙහි කටයුතු ය. කලින් කල හේ චිත්තයාගේ යම් විවරයකුත් චිත්තයාගේ යම් ප්‍රසාදයකුත් ලබා නම්, එ කල්හි ඔහුගේ එ ද මෙනෙහි කටයුතු ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු වන්නේ ය. ඇවැත්නි, සමන්තපාසාදික පුඟුල් කරා එළඹ සිත පහදනේ ය.

ඉමෙ ඛො ආවුසො පඤ‍්ච ආඝාතපටිවිනයා යත්‍ථ භික‍්ඛුනො උප‍්පන‍්නො ආඝාතො සබ‍්බසො පටිවිනෙතබ‍්බොති.

ඇවැත්නි, යම් අරමුණෙක්හි භික්‍ෂුහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ එ බඳු ආඝාතපටිවිනය පස යි.