2. ආඝාතවග්ගො අට්ඨකථා
2. ආඝාත වර්ගය
1. පඨම ආඝාතපටිවිනයසුත්තවණ්ණනා
1. පළමුවන ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ ආඝාතං පටිවිනෙන්ති වූපසමෙන්තීති ආඝාතපටිවිනයා. යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බොති යත්ථ ආරම්මණෙ භික්ඛුනො ආඝාතො උප්පන්නො හොති, තත්ථ සො සබ්බො ඉමෙහි පඤ්චහි පටිවිනොදෙතබ්බොති අත්ථො. මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බාති තිකචතුක්කජ්ඣානවසෙන මෙත්තා භාවෙතබ්බා. කරුණායපි එසෙව නයො. උපෙක්ඛා පන චතුක්කපඤ්චකජ්ඣානවසෙන භාවෙතබ්බා. යස්මා පන යං පුග්ගලං පස්සතො චිත්තං න නිබ්බාති, තස්මිං මුදිතා න සණ්ඨහති, තස්මා සා න වුත්තා. අසතිඅමනසිකාරොති යථා සො පුග්ගලො න උපට්ඨාති, කුට්ටාදීහි අන්තරිතො විය හොති, එවං තස්මිං අසතිඅමනසිකාරො ආපජ්ජිතබ්බො. සෙසං හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙව.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ආඝාතය (වෛරය) දුරුකරත් සංසිඳවත් යන්නෙන් ආඝාතපටිවිනයා නමි, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො යනු යම් අරමුණෙක භික්ෂුවට තරහක් උපන්නේ වේද එහිදී ඒ සියල්ල මේ පස් කරුණින් දුරුකළ යුතුයයි අරුය, මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා යනු ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන් මෛත්‍රිය වැඩිය යුතුය, කරුණාව පිළිබඳව ද මේ ක්‍රමයමයි, උපෙක්ෂාව වනාහි චතුර්ථ ධ්‍යාන වශයෙන් වැඩිය යුතුය, යම්හෙයකින් යම් පුද්ගලයකු දකින්නාගේ සිත නොනිමෙයි ද ඔහු කෙරෙහි මුදිතාව නොපිහිටයි, එබැවින් එය නොකියන ලදි, අසති අමනසිකාරො යනු යම් සේ ඒ පුද්ගලයා ඉදිරියෙහි නොසිටී ද බිත්ති ආදියෙන් පිටත සිටින්නේ මෙන් වේද මෙසේ ඔහු නොමැති විට අමනසිකාරයට එළඹිය යුතුය. සෙස්ස යට කියන ලද ක්‍රමය ඇති බැවින් පැහැදිලිමය.
2. දුතිය ආඝාතපටිවිනයසුත්තවණ්ණනා
2. දෙවැනි ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව
දුතියෙ ආඝාතො එතෙසු පටිවිනෙතබ්බොති ආඝාතපටිවිනයා. ආඝාතො එතෙහි පටිවිනෙතබ්බොතිපි ආඝාතපටිවිනයා. පටිවිනයොති හි පටිවිනයවත්ථූනම්පි පටිවිනයකාරණානම්පි එතං අධිවචනං, තදුභයම්පි ඉධ වට්ටති. පඤ්ච හි පුග්ගලා පටිවිනයවත්ථූ හොන්ති පඤ්චහි උපමාහි පඤ්ච පටිපත්තියො පටිවිනයකාරණානි. ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදන්ති කාලෙ කාලෙ සමථවිපස්සනාචිත්තස්ස උප්පන්නොකාසසඞ්ඛාතං විවරඤ්චෙව සද්ධාසම්පන්නභාවසඞ්ඛාතං පසාදඤ්ච ලභති.
දෙවැන්නෙහි ආඝාතය මොවුන් කෙරෙහි දුරුකළයුත්තේයයි ආඝාතපටිවිනයා නමි, ආඝාතය මොවුන් විසින් දුරු කළ යුත්තේය යන්නෙන්ද, ආඝාතපටිවිනයා නමි, පටිවිනයො යනු දුරුකළයුතු වස්තූන්ට ද දුරුකරන කරුණුවලට ද මේ පර්යාය වචනයකි, මෙහි ඒ දෙකම වටියි, පුද්ගලයෝ පස්දෙනෙක් දුරුකරන කරුණුවලට වස්තු වෙති, උපමා පසකින් ප්‍රතිපත්ති පස දුරුකරන කරුණුයි, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං යනු කලින්කල සමථ විදර්ශනා සිතේ උපදින අවකාශ සංඛ්‍යාත වූ විවරය ද ශ්‍රද්ධාවෙන් ප්රසන්නභාව සංඛ්‍යාත වූ ප්‍රසාදය ද ලබයි,
රථියායාති අන්තරවීථියං. නන්තකන්ති පිලොතිකඛණ්ඩං. නිග්ගහෙත්වාති අක්කමිත්වා. යො තත්ථ සාරොති යං තත්ථ ථිරට්ඨානං. තං පරිපාතෙත්වාති තං ලුඤ්චිත්වා. එවමෙව ඛොති එත්ථ පංසුකූලිකො විය මෙත්තාවිහාරී දට්ඨබ්බො, රථියාය නන්තකං විය වෙරිපුග්ගලො, දුබ්බලට්ඨානං විය අපරිසුද්ධකායසමාචාරතා, ථිරට්ඨානං විය පරිසුද්ධවචීසමාචාරතා, දුබ්බලට්ඨානං ඡඩ්ඩෙත්වා ථිරට්ඨානං ආදාය ගන්ත්වා සිබ්බිත්වා රජිත්වා පාරුපිත්වා විචරණකාලො විය අපරිසුද්ධකායසමාචාරතං අමනසිකත්වා පරිසුද්ධවචීසමාචාරතං මනසිකත්වා වෙරිම්හි චිත්තුප්පාදං නිබ්බාපෙත්වා ඵාසුවිහාරකාලො දට්ඨබ්බො.
රථියාය යනු අතුරු වීදියෙහියි, නන්තකං යනු වැරහැලිකඩයි, නිග්ගහෙත්වා යනු මැඬයි, යො තත්ථ සාරො යනු එහි යම් ස්ථිර තැනකි, තං පරිපාටෙත්වා යනු එය ඇද දමායි, එවමෙව ඛො යනු මෙහි පාංශුකූලිකයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, වීදියෙහි වැරහැලි කැබැල්ල මෙන් වෛරි පුද්ගලයායි, දුර්වලතැන මෙන් අපරිසිදුකාය සමාචාර ඇති බවයි, ස්ථිර තැන මෙන් පිරිසුදු වාග් සමාචාර ඇති බවයි, දුර්වල තැන හැරදමා ස්ථිර තැන ගෙන ගොස් මසා පඬු පොවා පෙරව හැසිරෙන කාලය මෙන් අපිරිසුදු කාය සමාචාරවත් බව මෙනෙහි නොකොට පිරිසුදු වචී සමාචාරවත් බව මෙනෙහි කොට වෛරී පුද්ගලයා කෙරෙහි සිත ඉපදීම නිවා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුය,
සෙවාලපණකපරියොනද්ධාති සෙවාලෙන ච උදකපප්පටකෙන ච පටිච්ඡන්නා. ඝම්මපරෙතොති ඝම්මෙන අනුගතො. කිලන්තොති මග්ගකිලන්තො. තසිතොති තණ්හාභිභූතො. පිපාසිතොති පානීයං පාතුකාමො. අපවියූහිත්වාති අපනෙත්වා. පිවිත්වාති පසන්නඋදකං පිවිත්වා. එවමෙව ඛොති එත්ථ ඝම්මාභිතත්තො පුරිසො විය මෙත්තාවිහාරී දට්ඨබ්බො, සෙවාලපණකං විය අපරිසුද්ධවචීසමාචාරතා, පසන්නඋදකං විය පරිසුද්ධකායසමාචාරතා, සෙවාලපණකං අපබ්යූහිත්වා පසන්නොදකං පිවිත්වා ගමනං විය අපරිසුද්ධවචීසමාචාරතං අමනසිකත්වා පරිසුද්ධකායසමාචාරතං මනසිකත්වා වෙරිම්හි චිත්තුප්පාදං නිබ්බාපෙත්වා ඵාසුවිහාරකාලො දට්ඨබ්බො.
සෙවාලපණකපරියොනද්ධා යනු සෙවලින් ද ජලජ පැලෑටිවලින් ද වැසුණාවූයි, සම්මපරෙතො යනු ග්‍රීෂ්මයෙන් මැඬුණාවූයි, කිලන්තො යනු මාර්ගයෙහි වෙහෙසුණේයි, තසිතො යනු තෘෂ්ණාවෙන් මැඬුණේයි, පිපාසිතො යනු පැන් බොනු කැමැත්තේයි, අපබ්බුහිත්වා යනු ඉවත් කොටයි. පිචිත්වා යනු පහන්දිය බීයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් තැවුණු පුරුෂයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, සෙවල හා දිය පැලෑටි මෙන් අපිරිසුදු වාග් සමාචාරවත් බවයි, පහන්දිය මෙන් පිරිසුදු කායසමාචාරවත් බවයි, සෙවල හා දිය පැලෑටි ඉවත්කොට පහන්දිය බී යාම මෙන් අපිරිසුදු වාග් සමාචාරවත්බව මෙනෙහි නොකොට පිරිසුදු කායසමාචාරවත් බව මෙනෙහි කොට වෛර ඇත්තා කෙරෙහි සිත ඇතිවීම නිසා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුයි,
ඛොභෙස්සාමීති චාලෙස්සාමි. ලොළෙස්සාමීති ආකුලං කරිස්සාමි. අපෙය්යම්පි තං කරිස්සාමීති පිවිතුං අසක්කුණෙය්යං කරිස්සාමි. චතුක්කුණ්ඩිකොති ජාණූහි ච හත්ථෙහි ච භූමියං පතිට්ඨානෙන චතුක්කුණ්ඩිකො හුත්වා. ගොපීතකං පිවිත්වාති ගාවියො විය මුඛෙන ආකඩ්ඪෙන්තො පිවිත්වා. එවමෙව ඛොති එත්ථ ඝම්මාභිතත්තො පුරිසො විය මෙත්තාවිහාරී දට්ඨබ්බො, ගොපදං විය වෙරිපුග්ගලො, ගොපදෙ පරිත්තඋදකං විය තස්සබ්භන්තරෙ පරිත්තගුණො, චතුක්කුණ්ඩිකස්ස ගොපීතකං පිවිත්වා පක්කමනං විය තස්ස අපරිසුද්ධකායවචීසමාචාරතං අමනසිකත්වා යං සො කාලෙන කාලං ධම්මස්සවනං නිස්සාය චෙතසො විවරප්පසාදසඞ්ඛාතං පීතිපාමොජ්ජං ලභති, තං මනසිකත්වා චිත්තුප්පාදනිබ්බාපනං වෙදිතබ්බං.
බොභෙස්සාමි යනු කළඹන්නෙමි, ලොලෙස්සාමි යනු අවුල් කරමි, අපෙය්යමපි නං කරිස්සාමි යනු බීමට නොහැකි වූවක් කරන්නෙමි, චතුගුණ්ඩිකො යනු දන දෙකින් ද අත්දෙකින් ද බිම පිහිටීමෙන් සතරට ගුලිවූවෙක් වීයි, ගොජිතකං පිචිත්වා යනු දෙනුන් මෙන් මුවෙන් අදිමින් පානය කොටයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් මැඬුනහු මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුයි, ගව පියසටහන මෙන් වෛරි පුද්ගලයායි, ගවපිය සටහනෙහි මදදිය මෙන් ඔහුගේ ඇතුළත මඳ ගුණයයි, සතරට ගුලිවූවහු මුවෙන් ඇද බීයාම මෙන් අපිරිසුදු කායවාග් සමාචාරවත්බව මෙනෙහි නොකොට හෙතෙම කලින් කල ධර්මශ්රවණය නිසා යම් චිත්ත විවර ප්‍රසාද සංඛ්‍යාත වූ ප්‍රීතියෙන් ප්‍රමුදිත බවක් ලබයි ද එය මෙනෙහි කොට සිත ඉපදීම නිවාදැමීම දැක්විය යුතුය,
ආබාධිකොති ඉරියාපථභඤ්ජනකෙන විසභාගාබාධෙන ආබාධිකො. පුරතොපිස්සාති පුරතොපි භවෙය්ය. අනයබ්යසනන්ති අවඩ්ඪිවිනාසං. එවමෙව ඛොති එත්ථ සො අනාථගිලානො විය සබ්බකණ්හධම්මසමන්නාගතො පුග්ගලො, අද්ධානමග්ගො විය අනමතග්ගසංසාරො, පුරතො ච පච්ඡතො ච ගාමානං දූරභාවො විය නිබ්බානස්ස දූරභාවො, සප්පායභොජනානං අලාභො විය සාමඤ්ඤඵලභොජනානං අලාභො, සප්පායභෙසජ්ජානං අලාභො විය සමථවිපස්සනානං අභාවො, පතිරූපඋපට්ඨාකානං අලාභො විය ඔවාදානුසාසනීහි කිලෙසතිකිච්ඡකානං අභාවො, ගාමන්තනායකස්ස අලාභො විය නිබ්බානසම්පාපකස්ස තථාගතස්ස වා තථාගතසාවකස්ස වා අලද්ධභාවො, අඤ්ඤතරස්ස පුරිසස්ස දිස්වා කාරුඤ්ඤුපට්ඨානං විය තස්මිං පුග්ගලෙ මෙත්තාවිහාරිකස්ස කාරුඤ්ඤං උප්පාදෙත්වා චිත්තනිබ්බාපනං වෙදිතබ්බං.
ආබාධිකො යනු ඉරියව් බිඳීමෙන් විරුද්ධ නිමිත්ත නමැති ආබාධයෙන් ආබාධයට පත්වූයේයි, පුරතොපිස්ස යනු ඉදිරියෙහි ද වන්නේය, අනයව්යසනං යනු අවැඩ වැනසීමයි, එවමෙව ඛො යනු මෙහි ඒ අනාථගිලනා මෙන් සියලු පාප ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයායි, දිගු මග මෙන් නොදත් අග් ඇති සසරයි, ඉදිරියෙන් ද පිටුපසින් ද ගම්වලට දුරබව මෙන් නිවනට දුර බවයි, ගැලපෙන බොජුන් නොලැබීම මෙන් ශ්රමණඵලයන් විදීමක් නොලැබීමයි, ගැලපෙන බෙහෙත් නොලැබීම මෙන් සමථ විදර්ශනාවන්ගේ නොලැබීමයි, සුදුසු උපස්ථායකයන් නොලැබීම මෙන් අවවාද අනුශාසනාවන්ගෙන් කෙලෙසුනට පිළියම් කරන්නවුන් නොලැබීමයි, ග්‍රාමන්ත නායකයකු නොලැබීම මෙන් නිවන පමුණුවන්නා වූ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නොලද බවයි, කිසියම් පුරුෂයකුගේ දැක කුළුණුබර උවටැන මෙන් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් වෙසෙන්නා කරුණාව උපදවා සිත නිවීම දතයුතුයි,
අච්ඡොදකාති පසන්නොදකා. සාතොදකාති මධුරොදකා. සීතොදකාති තනුසීතසලිලා. සෙතකාති ඌමිභිජ්ජනට්ඨානෙසු සෙතවණ්ණා. සුපතිත්ථාති සමතිත්ථා. එවමෙව ඛොති එත්ථ ඝම්මාභිතත්තො පුරිසො විය මෙත්තාවිහාරී දට්ඨබ්බො, සා පොක්ඛරණී විය පරිසුද්ධසබ්බද්වාරො පුරිසො, න්හත්වා පිවිත්වා පච්චුත්තරිත්වා රුක්ඛච්ඡායාය නිපජ්ජිත්වා යථාකාමං ගමනං විය තෙසු ද්වාරෙසු යං ඉච්ඡති, තං ආරම්මණං කත්වා චිත්තනිබ්බාපනං වෙදිතබ්බං. තතියචතුත්ථානි හෙට්ඨා වුත්තනයානෙව.
අච්ඡෙදිකා යනු පැහැදුණු දිය ඇත්තාවූයි, සාතොදිකා යනු මිහිරිදිය ඇත්තාවූයි, සීතොදිකා යනු තුනී සිසිල් දිය ඇත්තාවූයි, සෙතකා යනු රැළබිඳෙන තැන්හි සුදු පැහැය ඇත්තේයි, සුපතිත්ථා යනු සමකොට ඇත්තාහුයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් තැවුණු පුරුෂයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුයි, ඒ පොකුණ මෙන් පිරිසුදු සියලු ආචාර ඇති පුරුෂයායි, නා බී ගොඩවී ගස් සෙවනක වැදහෙව කැමති පරිද්දෙන් යාම මෙන් ඒ දොරටුවල යමක් කැමති වේද එය අරමුණු කොට සිත නිවාදැමීම දතයුතුය, තෙවැනි සිවුවැනි සූත්‍ර යට කියන ලද පරිද්දෙන්ම වෙයි.
5. පඤ්හපුච්ඡාසුත්තවණ්ණනා
5. පඤ්හපුච්ඡා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පරිභවන්ති පරිභවන්තො, එවං පරිභවිස්සාමීති පරිභවනත්ථාය පුච්ඡතීති අත්ථො. අඤ්ඤාතුකාමොති ජානිතුකාමො හුත්වා.
පස්වැන්නෙහි අඤ්ඤාතුකාමො යනු දනුකැමැත්තේ වීයි, පරිභවං යනු පරිභව කරන්නේයි, මෙසේ ඔහුට පරිභව කරන්නෙමැයි පරිහව කිරීම සඳහා අසතැයි අරුත්ය.
6. නිරොධසුත්තවණ්ණනා
6. නිරොධ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අත්ථෙතං ඨානන්ති අත්ථි එතං කාරණං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්යාති නො චෙ ඉමස්මිංයෙව අත්තභාවෙ අරහත්තං පාපුණෙය්ය. කබළීකාරාහාරභක්ඛානං දෙවානන්ති කාමාවචරදෙවානං. අඤ්ඤතරං මනොමයං කායන්ති ඣානමනෙන නිබ්බත්තං අඤ්ඤතරං සුද්ධාවාසබ්රහ්මකායං. උදායීති ලාළුදායී. සො හි “මනොමය”න්ති සුත්වා “ආරුප්පෙ න භවිතබ්බ”න්ති පටිබාහි. ථෙරො “සාරිපුත්තො කිං ජානාති, යස්ස සම්මුඛා එවං භික්ඛූ වචනං පටික්කොසන්තී”ති එවං බාලානං ලද්ධිඋප්පත්තිපටිබාහනත්ථං තං වචනං අනධිවාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි.
සවැන්නෙහි අත්ථෙතං ඨානං යනු මේ කරුණ ඇත යනුයි, නො චෙ දිට්ඨෙ ච ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය යනු මේ අත් බැව්හිම ඉදින් රහත් බවට නොපැමිණෙන්නේද යනුයි, කබලිංකාරභක්ඛානං දෙවානං යනු කාමාවචර දෙවියන්ගේයි, අඤ්ඤතරං මනොමයං කායං යනු ධ්‍යාන මනසින් උපන් එක්තරා සුද්ධාවාස බ්‍රහ්ම ශරීරයකි, උදායි යනු ලාළුදායීය, හෙතෙම මනොමයයැයි අසා, අරූපාවචර බ්‍රහ්මයෙකු වියයුතුයයි වැළැක්වීය, තෙරණුවෝ යමකුගේ ඉදිරියෙහිම (ඔහුගේ) වචන භික්ෂුහු පිළිකෙවු කරත් ද (ඒ) සැරියුත් තෙරණුවෝ කුමක් දනිත් දැයි මෙසේ බාලයන්ගේ විශ්වාසයක් ඇතිවීම වළක්වනු සඳහා ඒ වචනය නොඉවසා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියහ.
අත්ථි නාමාති අමරිසනත්ථෙ නිපාතො. තෙනෙව චෙත්ථ “අජ්ඣුපෙක්ඛිස්සථා”ති අනාගතවචනං කතං. අයඤ්හෙත්ථත්ථො – ආනන්ද, තුම්හෙ ථෙරං භික්ඛුං විහෙඨියමානං අජ්ඣුපෙක්ඛථ, න වො එතං මරිසයාමි න සහාමි නාධිවාසෙමීති. කස්මා පන භගවා ආනන්දථෙරංයෙව එවමාහාති? ධම්මභණ්ඩාගාරිකත්තා. ධම්මභණ්ඩාගාරිකස්ස හි එවං වදන්තො පටිබාහිතුං භාරො. අපිචෙස සාරිපුත්තත්ථෙරස්ස පියසහායො, තෙනාපිස්ස එස භාරො. තත්ථ කිඤ්චාපි භගවා ආනන්දත්ථෙරං ගරහන්තො එවමාහ, න පනෙසා තස්සෙව ගරහා, සම්මුඛීභූතානං සබ්බෙසංයෙව ගරහාති වෙදිතබ්බා. විහාරන්ති ගන්ධකුටිං.
අත්ථිනාම යනු නොයිවසීම් අර්‍ත්‍ථයෙහි නිපාතයකි, එහෙයින්ම මෙහි අජ්ඣුපෙක්ඛිස්සථ (බලාපොරොත්තුවන්නහු වෙවුයි) අනාගත (විභක්ති) වචනය කරන ලදි, “ආනන්දය. නුඹලා වෙහෙසනු ලබන ස්ථවිර භික්ෂුව බලාපොරොත්තුවහු, (මම) නුඹලාගේ මෙය නොඉවසමි”යි මෙය මෙහි අර්ත්ථයයි, කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ටම මෙසේ වදාළ සේක්ද යත්? ධර්මහාණ්ඩාගාරික බැවිනි, මෙසේ කියන සේක් ධර්මහාණ්ඩාගාරිකටම වැළැක්වීමේ භාරය වෙයි, තවද (ආනන්ද තෙරණුවෝ) සැරියුත් තෙරුන්ගේ යහළුවෙකි, ඒ නිසා ද මොහුට ඒ භාරය පැවරෙයි. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ගරහමින් මෙසේ කී සේක්ද? මෙය උන්වහන්සේට පමණක්ම ගැරහීමක් නොවේ. එක්රැස් වූ හැමටම ගැරහීමකැයි දතයුතුය, විහාරං යනු ගඳකිලියයි,
අනච්ඡරියන්ති න අච්ඡරියං. යථාති කාරණවචනං. ආයස්මන්තංයෙවෙත්ථ උපවානං පටිභාසෙය්යාති එත්ථ භගවතා ච එවං එතදෙව කාරණං ආරබ්භ උදාහටෙ ආයස්මතොයෙව උපවානස්ස පටිවචනං පටිභාතු උපට්ඨාතූති දීපෙති. සාරජ්ජං ඔක්කන්තන්ති දොමනස්සං අනුපවිට්ඨං. සීලවාතිආදීහි ඛීණාසවසීලාදීනියෙව කථිතානි. ඛණ්ඩිච්චෙනාතිආදීනි සක්කාරාදීනං කාරණපුච්ඡාවසෙන වුත්තානි. කිං ඛණ්ඩිච්චාදීහි කාරණෙහි තං තං සබ්රහ්මචාරිං සක්කරෙය්යුන්ති අයඤ්හෙත්ථ අධිප්පායො.
අනච්ඡරියං යනු ආශ්චර්‍ය්‍යයක් නොවේ. යථා යනු හේතුව හැඟවීමේ වචනයකි, ආයස්මන්තංයෙවෙත්ථ උපවාණං පටිභාසෙය්ය යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙකරුණම අරභයා දෙසූ කල්හි ආයුෂ්මත් උපවාණ තෙරුන්ටම පිළිතුර වැටහේවා එළඹේවායි දැක්වෙයි, සාරජ්ජං ඔක්කන්තං යනු දොම්නස පිවිසිණි, සීලවා යනාදියෙහි ක්ෂීණාශ්රව ශීලයෝම කියන ලදහ: ඛණ්ඩිච්චෙන යනාදිය සත්කාර ආදීන්ගේ හේතුවිමසීම් වශයෙන් කියන ලදි, කිම, ඛණ්ඩිච්ච (කැබැලි) ආදී කාරණයන්ගෙන් ඒ ඒ සබ්රහ්මචාරියාට සත්කාර කරන්නහුද යන මෙය මෙහි අදහසයි.
7. චොදනාසුත්තවණ්ණනා
7. චෝදනා සූත්‍ර වර්ණනාව
සත්තමෙ චොදකෙනාති වත්ථුසන්දස්සනා ආපත්තිසන්දස්සනා සංවාසප්පටික්ඛෙපො සාමීචිප්පටික්ඛෙපොති චතූහි චොදනාවත්ථූහි චොදයමානෙන. කාලෙන වක්ඛාමි නො අකාලෙනාති එත්ථ චුදිතකස්ස කාලො කථිතො, න චොදකස්ස. පරං චොදෙන්තෙන හි පරිසමජ්ඣෙ වා උපොසථපවාරණග්ගෙ වා ආසනසාලාභොජනසාලාදීසු වා න චොදෙතබ්බො, දිවාට්ඨානෙ නිසින්නකාලෙ “කරොතායස්මා ඔකාසං, අහං ආයස්මන්තං වත්තුකාමො”ති එවං ඔකාසං කාරෙත්වා චොදෙතබ්බො. පුග්ගලං පන උපපරික්ඛිත්වා යො ලොලපුග්ගලො අභූතං වත්වා භික්ඛූනං අයසං ආරොපෙති, සො ඔකාසකම්මං විනාපි චොදෙතබ්බො. භූතෙනාති තච්ඡෙන සභාවෙන. සණ්හෙනාති මට්ඨෙන මුදුකෙන. අත්ථසංහිතෙනාති අත්ථකාමතාය හිතකාමතාය උපෙතෙන. අවිප්පටිසාරො උපදහාතබ්බොති අමඞ්කුභාවො උපනෙතබ්බො. අලං තෙ අවිප්පටිසාරායාති යුත්තං තෙ අමඞ්කුභාවාය. සෙසමෙත්ථ උත්තානමෙවාති. අට්ඨමං හෙට්ඨා වුත්තනයත්තා පාකටමෙව.
සත්වැන්නෙහි වොදකෙන යනු වස්තු දැක්වීම, ඇවැත් දැක්වීම, එක්ව විසීම ප්‍රතික්ෂේප කිරීම, පිළිසඳර ප්‍රතික්ෂේප කිරීම යන චොදනා වස්තු සතරින් චොදනා කරන්නහු විසිනි, කාලෙන වක්ඛාමි නො අකාලෙන යනු මෙහි චුදිතයාගේ කාලය කියන ලදි, චොදකයාගේ නොවේ, අනෙකෙකුට චෝදනා කරන්නහු විසින් පිරිස මැද හෝ පෙහෙවස්ගෙහි හෝ පවාරණයෙහි හෝ අසුන්හල් බොජුන්හල් ආදියෙහි හෝ චොදනා නොකළයුතුය, දිවා ස්ථානයෙහි හුන්කල්හි චෝදනා කරන ආයුෂ්මත්හු “අවසරයි, ආයුෂ්මතුන්ට කියනු (චෝදනා කරනු) කැමැත්තෙමැ”යි මෙසේ අවසර ගෙන චෝදනා කළයුතු පුද්ගලයා සලකා යම් ලොල් පුද්ගලයෙකි. අසත්‍යය කියා භික්ෂූන්ට අයස පවරනු කැමැත්තෙක් නම් හෙතෙම අවසර ගැනීමකින් තොරව ද චොදනා කළයුත්තේය, භූතෙන යන සත්‍යයෙනි, ස්වභාවයෙනි, සණ්හෙන යනු මටවූ මුදුවූ දෙයිනි, අත්ථසංහිතෙන යනු අර්ත්ථ කැමැත්තෙන් හිත කැමැත්තෙන් යුක්ත වූවෙනි, අවිප්පටිසාරො උපදහාතබ්බො යනු නොමකවූයේ උපදවිය යුත්තේය, අලං තෙ අවිප්පටිසාරාය යනු ඔබගේ නොමකුබවට සුදුසුයි, මෙහි සෙස්ස පැහැදිලිමය, අටවැන්න යටකියන ලද ආකාරය ඇති බැවින් ප්‍රකටමය.
9. ඛිප්පනිසන්තිසුත්තවණ්ණනා
9. ඛිප්පනිසන්ති සූත්‍ර වර්ණනාව
නවමෙ ඛිප්පං නිසාමයති උපධාරෙතීති ඛිප්පනිසන්ති. සුග්ගහිතං කත්වා ගණ්හාතීති සුග්ගහිතග්ගාහී. අත්ථකුසලොති අට්ඨකථාය ඡෙකො. ධම්මකුසලොති පාළියං ඡෙකො. නිරුත්තිකුසලොති නිරුත්තිවචනෙසු ඡෙකො. බ්යඤ්ජනකුසලොති අක්ඛරප්පභෙදෙ ඡෙකො. පුබ්බාපරකුසලොති අත්ථපුබ්බාපරං, ධම්මපුබ්බාපරං, අක්ඛරපුබ්බාපරං, බ්යඤ්ජනපුබ්බාපරං, අනුසන්ධිපුබ්බාපරන්ති ඉමස්මිං පඤ්චවිධෙ පුබ්බාපරෙ ඡෙකො. තත්ථ අත්ථපුබ්බාපරකුසලොති හෙට්ඨා අත්ථෙන උපරි අත්ථං ජානාති, උපරි අත්ථෙන හෙට්ඨා අත්ථං ජානාති. කථං? සො හි හෙට්ඨා අත්ථං ඨපෙත්වා උපරි අත්ථෙ වුත්තෙ “හෙට්ඨා අත්ථො අත්ථී”ති ජානාති. උපරි අත්ථං ඨපෙත්වා හෙට්ඨා අත්ථෙ වුත්තෙපි “උපරි අත්ථො අත්ථී”ති ජානාති. උභතො ඨපෙත්වා මජ්ඣෙ අත්ථෙ වුත්තෙ “උභතො අත්ථො අත්ථී”ති ජානාති. මජ්ඣෙ අත්ථං ඨපෙත්වා උභතොභාගෙසු අත්ථෙ වුත්තෙ “මජ්ඣෙ අත්ථො අත්ථී”ති ජානාති. ධම්මපුබ්බාපරාදීසුපි එසෙව නයො. අනුසන්ධිපුබ්බාපරෙ පන සීලං ආදිං කත්වා ආරද්ධෙ සුත්තන්තෙ මත්ථකෙ ඡසු අභිඤ්ඤාසු ආගතාසු “යථානුසන්ධිං යථානුපරිච්ඡෙදං සුත්තන්තො ගතො”ති ජානාති. දිට්ඨිවසෙන ආරද්ධෙ උපරි සච්චෙසු ආගතෙසුපි “යථානුසන්ධිනා ගතො”ති ජානාති. කලහභණ්ඩනවසෙන ආරද්ධෙ උපරි සාරණීයධම්මෙසු ආගතෙසුපි, ද්වත්තිංසතිරච්ඡානකථාවසෙන ආරද්ධෙ උපරි දසකථාවත්ථූසු (අ· නි· 10.69; උදා·31) ආගතෙසුපි “යථානුසන්ධිනා ගතො”ති ජානාතීති.
නවවැන්නෙහි වහා අවධානය යොමු කරයි සලකා බලයි යන්නෙන් ඛිප්පනිසං නමි, මනාකොට ගනියිනුයි සුග්ගහිතග්ගාහී යි, අත්ථකුසලෝ යනු අර්ත්ථ කථාවෙහි දක්ෂවූයේයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්ෂවූයේයි, නිරුත්තිකුසලො යනු නිරුක්ති වචනයන්හි දක්ෂවූයේයි, ව්යඤ්ජනකුසලො යනු අක්ෂර ප්‍රභේදයෙන් දක්ෂවූයේයි, පුබ්බාපරකුසලො යනු අර්ත්ථයේ මුල අග ධර්මයේ මුල අග පදයේ මුල අග අක්ෂරයේ මුල අග ගැලපීමේ මුල අග යන මේ පස්වැදෑරුම් මුල් අග්හි දක්ෂවූයේයි. මෙහි අර්‍ත්‍ථයෙහි මුල් අගෙහි දක්ෂවූයේ වනාහි යට අර්ථයෙන් මතු අර්ත්ථය දනියි, මතු අර්ත්ථයෙන් යට අර්ත්ථය දනියි, හෙතෙම වනාහි යට අර්ත්ථය තබා මතු අර්ත්ථය කී කල්හි යට අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, මතු අර්ත්ථය අතහැර යට අර්ත්ථය කී කල්හි මතු අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, දෙකම අතහැර මැද අර්ත්ථය කී කල්හි අර්ත්ථ දෙකක් ඇතැයි දනියි, මැද අර්ත්ථය හැර දෙපස අර්ත්ථය කී කල්හි මැද අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, ධර්මයෙහි මුල අග ආදියෙහි ද මේ ක්‍රමයමැයි, අනුසන්ධියෙහි මුල අගෙහි වනාහි සීලය මුල්කොට පටන්ගත් සූත්‍රාන්තයෙහි මත්තෙහි අභිඥා සය පැමිණි කල්හි අනුසන්ධි අනුව පරිච්ඡේද අනුව සූත්‍රාන්තය ගියේයයි දනියි, දෘෂ්ටි වශයෙන් අරඹන ලද කල්හි මත්තෙහි සිහිකළ යුතු ධර්මයන් පැමිණි කල අනුසන්ධි අනුව ගියේයයි දනියි.
10. භද්දජිසුත්තවණ්ණනා
10. භද්දජී සූත්‍ර වර්ණනාව
දසමෙ අභිභූති අභිභවිත්වා ඨිතො ජෙට්ඨකො. අනභිභූතොති අඤ්ඤෙහි අනභිභූතො. අඤ්ඤදත්ථූති එකංසවචනෙ නිපාතො. දස්සනවසෙන දසො, සබ්බං පස්සතීති අධිප්පායො. වසවත්තීති සබ්බං ජනං වසෙ වත්තෙති. යථා පස්සතොති ඉට්ඨාරම්මණං වා හොතු අනිට්ඨාරම්මණං වා, යෙනාකාරෙන තං පස්සන්තස්ස. අනන්තරා ආසවානං ඛයො හොතීති අනන්තරායෙව අරහත්තං උප්පජ්ජති. යථා සුණතොති එත්ථාපි එසෙව නයො. අථ වා යං චක්ඛුනා රූපං දිස්වා නිරන්තරමෙව විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං පාපුණාති, තං තස්ස අරහත්තං චක්ඛුවිඤ්ඤාණානන්තරං නාම හොති. තං සන්ධාය වුත්තං – ඉදං දස්සනානං අග්ගන්ති. දුතියපදෙපි එසෙව නයො.
දසවැන්නෙහි අභිභු යනු මැඩපවත්වා සිටි ජ්‍යෙෂ්ඨයායි, අනභිභූතො යනු අනුන් විසින් නොමඩනා ලයි, අඤ්ඤදත්ථු යනු එකාන්ත වචනයෙහි නිපාතයෙකි, දැකීම් වශයෙන් දසො නමි. සියල්ල දකියි යන අදහසයි, වසවත්තී යනු සියලු දෙනා යටතෙහි පවත්වයි. යථාපස්සනො යනු ඉටු අරමුණ හෝ වේවා අනිටු අරමුණ හෝ වේවා! යම් අයුරකින් එය බලන්නාගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු රහත්බවට අනතුරුවම උපදියි, යථා පුණතා යනු මෙහි ම මේ ක්‍රමයමයි, නැතහොත් ඇසින් යම් රූපයක් දැක නිරතුරුවම විදර්ශනාව තබා රහත් බවට පැමිණෙයිද ඔහුට ඒ රහත් බව චක්ෂුර් විඥානයට අනතුරු වූයේ නමි, ඉදං දස්සනානං අග්ගං යනු ඒ සඳහා කියන ලදි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි,
යථා සුඛිතස්සාති යෙන මග්ගසුඛෙන සුඛිතස්ස. අනන්තරා ආසවානං ඛයො හොතීති සමනන්තරමෙව අරහත්තං උප්පජ්ජති. ඉදං සුඛානං අග්ගන්ති ඉදං මග්ගසුඛං සුඛානං උත්තමං. යථා සඤ්ඤිස්සාති ඉධාපි මග්ගසඤ්ඤාව අධිප්පෙතා. යථා භූතස්සාති යස්මිං භවෙ යස්මිං අත්තභාවෙ ඨිතස්ස. අනන්තරාති අනන්තරායෙන අරහත්තං උප්පජ්ජති. ඉදං භවානං අග්ගන්ති අයං පච්ඡිමො අත්තභාවො භවානං අග්ගං නාම. අථ වා යථා භූතස්සාති යෙහි ඛන්ධෙහි මග්ගක්ඛණෙ භූතස්ස විජ්ජමානස්ස. අනන්තරා ආසවානං ඛයො හොතීති මග්ගානන්තරමෙව ඵලං උප්පජ්ජති. ඉදං භවානං අග්ගන්ති ඉදං මග්ගක්ඛණෙ ඛන්ධපඤ්චකං භවානං අග්ගං නාමාති.
යථාසුඛිතස්ස යනු යම් මාර්ග සුවයකින් සුවපත් වූවහුගේයි, අනන්තරා ආසවානං ඛයො හොති යනු අනතුරුවම රහත්බව උපදියි, ඉදං සුඛානං අග්ගං යනු මේ මාර්ගසුවය සුවයන් අතුරින් උතුම්ය. යථාඤ්ඤිස්ස යනු මෙහි ද මාර්ග සංඥාවම අදහස් කරන ලදි, යථාභූතස්ස යනු යම් භවයක යම් අත්බවෙක සිටියහුයි, අනන්තරා යනු අනතුරු රහිතවීමෙනි, ඉදං භවානං අග්ගං යනු මේ අන්තිම ආත්මභාවය භවයන් අතුරින් උතුම්ය, නැතහොත් යථාභූතස්ස යනු යම් ස්කන්ධයන්ගෙන් මාර්ගක්ෂණයෙහි වූවහුගේයි, පවතින්නහුගේයි, අනන්තරා ආසවානං ඛයො හොති යනු මාර්ගයට අනතුරුවම ඵලය උපදියි, ඉදං භවානං අග්ගං යනු මාර්ගක්ෂණයෙහි ස්කන්ධ පඤ්චකය භවයන් අතුරෙන් අග්‍ර නම් වෙයි.
ආඝාතවග්ගො දුතියො.
දෙවැනි වර්ගයයි.