නිරොධසුත්තං
5. 4. 2. 6.
5. 4. 2. 6.
[නිරොධසුත්තං]
[නිරෝධ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
16. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි -පෙ-
16. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමැතූහ ...
ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්ය’පි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්ය’පි වුට්ඨහෙය්ය’පි අත්ථෙතං ඨානන්ති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්හත්ත්ව ය නො ලබන්නේ වේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ යි.
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති.”
මෙසෙයින් වදාරත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කරුණ කීහ: “ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිතය, වන්නට අවකාශ නැත. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාරය වළඳන (කාමාවචර) දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: “ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති”.
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ වෙයි. ඉදින් හේ ඉහාත්මයෙහි ම අර්හත්වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ වේ යි.
[දුතියම්පි ඛො -පෙ-] තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති”.
[දෙවන වට දු ... ] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුනට තෙල සැළකළහ: “ආයුෂ්මත් ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතු රහිතය, අවකාශ රහිත ය. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාර වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ නොවේ”යි.
අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: යාව තතියම්පි ඛො මෙ ආයස්මා උදායී පටික්කොසති, න ච මෙ කොචි භික්ඛු අනුමොදති. යන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි:
එ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරනුහට තෙල සිත විය: “තෙවන වට දක්වාත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙව්නි නො කරයි. මම් භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමැතූහ:
“ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති”
“ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති.”
මෙසේ දෙසත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධයට සමවදනේත්, එයින් නැඟිසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි: “ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති.”
දෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
[දුතියම්පි ඛො -පෙ-] තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති”.
[දෙවන වට දු ...] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි, ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතුරහිත ය, ප්‍රත්‍යය රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේව නිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
අථ ඛො අයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: භගවතොපි ඛො මෙ සම්මුඛා ආයස්මා උදායී යාවතතියකං පටික්කොසති, න ච මෙ කොචි භික්ඛු අනුමොදති, යන්නූනාහං තුණ්හී අස්සන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට තෙල සිත් විය: “ආයුෂ්මත් උදායී භාග්‍යවතුන් වහන්සේ හමියෙහිදු තෙවන වට දක්වා මාගේ බසට ප්‍රතික්‍රෝශ කෙරෙයි. කිසි ද මහණෙක් මා බස අනුමෙවෙනි නො කෙරෙයි. මම තුෂ්ණීම්භූත වෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භූත වූහ.
අථ ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි: කං පන ත්වං උදායී, මනොමයං කායං පච්චෙසී?ති. යෙ තෙ භන්තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයාති. කින්නු ඛො තුය්හං උදායී, බාලස්ස අව්යත්තස්ස භණිතෙන? ත්වං පි නාම භණිතබ්බං මඤ්ඤසී?ති.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායී තෙරුන් ඇමතූසේක: උදායිනි, තෝ මනෝමය කාය කිමැයි හඟනාව? යි. වහන්ස, යම් අරූපී සංඥාමය දෙවි කෙනෙක් වෙත් නම්, උහු ය යි. උදායිනි, බාල වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කවර වැඩෙක? තො ද බිණිය යුතු කොට හඟිහි දැ? යි.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: අත්ථි නාම ආනන්ද, ථෙරං භික්ඛුං විහෙසියමානං අජ්ඣුපෙක්ඛිස්සථ. න හි නාම ආනන්ද, කාරුඤ්ඤම්පි භවිස්සති ථෙරම්හි භික්ඛුම්හි විහෙසියමානම්හී?ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූ සේක: ආනන්දය, ගර්හාවෙක් මැ නු! ස්ථවිර මහණකු වෙහෙසනු ලබනු (දැක නොසලකා) බලා හිඳුනාව!! ආනන්දය, වෙහෙසනු ලබන ස්ථවිර මහණ කෙරෙහි කරුණායෙකුදු නො වී!!!
අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: ඉධ භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය ප්රත්යක්ෂ නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ විද්‍යාමාන වේ ය යි. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තස්ස භගවතො යෙනායස්මා උපවානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපවානං එතදවොච: “ඉධාවුසො උපවාන, අඤ්ඤෙ ථෙරෙ භික්ඛු විහෙසෙන්ති. මයං තෙ න පුච්ඡාම. අනච්ඡරියං ඛො පනෙතං ආවුසො උපවාන යං භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො එතදෙව ආරබ්භ උදාහරෙය්ය. යථා ආයස්මන්තං යෙවෙත්ථ උපවානං පටිභාසෙය්ය. ඉදානෙව අම්හාකං සාරජ්ජං ඔක්කන්තන්ති.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝකල් වත් ම ආයුෂ්මත් උපවාන තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, උපවානයෙනි, මෙහි අන්‍ය භික්ෂූහු ස්ථවිර මහණුන් වෙහෙසති. අපි ඔවුන් නො පුළුවුස්මහ. ඇවැත්නි, උපවානයෙනි, යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟීසිටිසේක් තෙල කරුණ ම අරබයා වදාරණ සේක් නම් තෙල අසිරියෙක් නො වේ. මෙ කරුණෙහි ලා ආයුෂ්මත් උපවානයන්හට ම ප්රතිවචනයෙක් වැටහේ නම්, මැනැවි. අපට දොම්නස බැස සිටියේ ය”යි.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං උපවානං එතදවොච:
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි වැඩ හුන්සේක. වැඩහිඳ ආයුෂ්මත් උපවානයන්ට තෙල කරුණ වදාළහ:
කතීහි නු ඛො උපවාන, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයොචා? ති.
උපවානයෙනි, කෙතෙක් කරුණින් සමන්වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මන වඩනුයෙක් හා ගුරු වූයෙක් හා සම්භාවනාර්හයෙක් වේ දැ? යි.
පඤ්චහි භන්තෙ, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
වහන්ස, කරුණු පසෙකින් සමන්වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ. කවර පසෙකින යත්:
ඉධ භන්තෙ, ථෙරො භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
වහන්ස, මෙ සස්නෙහි තෙර මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙණ සිකපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් පිළිවිදියේ වෙයි. කළණ තෙපුල් ඇතියේ කල්යාණකථා කරන්නේ පරිපූර්ණ වූ නිදොස් කෙළතොලු නො වූ ගම්භීරාර්ත්ථයන් ප්‍රකාශ කරණ වචනයෙන් සමන්වාගත වෙයි. අධිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහාර වන සතර ධ්‍යානයන් කැමැතියේ ලබන සුලුයේ සුවසේ ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්ෂාත් කොට අර්හත්වයට පැමිණ වාසය කරයි.
ඉමෙහි ඛො භන්තෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
වහන්ස, මෙ කරුණුපසින් සමන්වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ ය යි.
සාධු! සාධු!! උපවාන, ඉමෙහි ඛො උපවාන, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. ඉමෙ චෙ උපවාන, පඤ්ච ධම්මා ථෙරස්ස භික්ඛුනො න සංවිජ්ජෙය්යුං, කෙන නං සබ්රහ්මචාරී සක්කරෙය්‍යුං ගරු කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං - ඛණ්ඩිච්චෙන පාලිච්චෙන වලිත්තචතාය? යස්මා ච ඛො උපවාන, ඉමෙ පඤ්ච ධම්මා ථෙරස්ස භික්ඛුනො සංවිජ්ජන්ති, තස්මා නං සබ්රහ්මචාරී සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පුජෙන්තීති.
“සාධු! සාධූ!! උපවානය, උපවානය, මේ කරුණු පසින් සමන්වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු හා භාවනීය හා වෙයි. උපවානය, මෙ දහම් පස තෙර මහණහට විද්‍යාමාන නො වේ නම්, කවර කරුණෙකින් සබ්‍රම්සරහු ඔහට-කඩදත්බැවින් හෝ පුලුකෙහෙබැවින් හෝ ඇඟරැලි නැඟුණු බැවින් හෝ සත්කාර කෙරෙත් ද? ගුරුකාර කෙරෙත් ද? සම්මාන කෙරෙත් ද? පුදත් ද? උපවානයෙනි, යම් හෙයෙකින් තෙර මහණහට මෙ පඤ්චධර්‍මයෝ විද්‍යාමාන වෙත් ද, එ හෙයින් සබ්‍රම්සරහු ඔහට සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, සම්මාන කරන්නාහ, පූජා කරන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.