යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡාසුත‍්තං

5. 4. 2. 5.

5. 4. 2. 5.

[පඤ‍්හපුච‍්ඡාසුත‍්තං]

[පඤ්හපුච්ඡා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

15. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි -පෙ-

15. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...

යො හි කොචි ආවුසො, පරං පඤ‍්හං පුච‍්ඡති, සබ‍්බො සො පඤ‍්චහි ඨානෙහි, එතෙසං වා අඤ‍්ඤතරෙන. කතමෙහි පඤ‍්චහි:

ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා පැන පුළුවුස්නේ වේ නම්, එ හැම කරුණු පසෙකින් හෝ ඔවුනතුරෙන් අන්‍යතරයෙකින් හෝ වෙයි. කවර පසෙකින යත්:

මන්‍දත‍්තා මොමුහත‍්තා පරං පඤ‍්හං පුච‍්ඡති. පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො පරං පඤ‍්හං පුච‍්ඡති. පරිභවං පරං පඤ‍්හං පුච‍්ඡති. අඤ‍්ඤාතුකාමො පරං පඤ‍්හං පුච‍්ඡති. අථවා පනෙවංචිත‍්තො පරං පඤ‍්හං පුච‍්ඡති: “සචෙ මෙ පඤ‍්හං පුට‍්ඨො සම‍්මදෙව ව්‍යාකරිස‍්සති, ඉච‍්චෙතං කුසලං; නො චෙ මෙ පඤ‍්හං පුට‍්ඨො සම‍්මදෙව ව්‍යාකරිස‍්සති, අහමස‍්ස සම‍්මදෙව ව්‍යාකරිස‍්සාමී” ති.

මන්‍දභාවයෙන් මූඨභාවයෙන් මෙරමා පැන පුළුවුස්නේ ය. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. පරිභව කරණුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. දැනගණු කැමැත්තේ මෙරමා පැන පුළුවුස්නේ ය. නොහොත් “ඉඳින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැව. ඉදින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්, මම ඔහට මනා කොට (පැන) විසඳමි”යි මෙ බඳු සිත් ඇතියේ මෙරමා පැන පුළුවුස්නේ ය.

යො හි කොචි ආවුසො, පරං පඤ‍්හං පුච‍්ඡති, සබ‍්බො සො ඉමෙහි පඤ‍්චහි ඨානෙහි, එතෙසං වා අඤ‍්ඤතරෙන.

ඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා ප්‍රශ්න පුළුවුස්නේ වේ නම්, එ හැම මෙ පස් කරුණින් හෝ තුලුන් කෙරෙහි අන්‍යතරයෙකින් හෝ පුළුවුස්නේ වෙයි.

අහං ඛො පනාවුසො, එවං චිත‍්තො පරං පඤ‍්හං පුච‍්ඡාමි: “සචෙ මෙ පඤ‍්හං පුට‍්ඨො සම‍්මදෙව ව්‍යාකරිස‍්සති, ඉච‍්චෙතං කුසලං. නො චෙ මෙ පඤ‍්හං පුට‍්ඨො සම‍්මදෙව ව්‍යාකරිස‍්සති, අහමස‍්ස සම‍්මදෙව ව්‍යාකරිස‍්සාමී”ති.

ඇවැත්නි, මම වනාහි මෙ බඳු සිතැතියෙම් මෙරමා ප්‍රශ්න පුළුවුස්මි: “ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැවි. ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්. මම ඔහට මනා කොට විසඳමි”යි.