සාජීවසුත‍්තං
5. 4. 2. 4.
5. 4. 2. 4.
[සාජීවසුත‍්තං]
[සාජීව සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
14. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි: -පෙ-
14. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
පඤ‍්චහි ආවුසො ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාජීවො සබ්‍රහ‍්මචාරීනං. කතමෙහි පඤ‍්චහි:
ඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ට අලංසාජීව (සාජීවයට - සමග වාසයට නිසි) වෙයි. කවර පසෙකින යත්:
ඉධාවුසො, භික‍්ඛු අත‍්තනා ච සීලසම‍්පන‍්නො හොති, සීලසම‍්පදාකථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො හොති, සමාධිසම‍්පදාකථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පදාකථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො හොති. විමුත‍්තිසම‍්පදාකථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති. විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාකථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශීලසම්පන්න වෙයි, ශීලසම්පත්කථාව පිළිබඳ කළ (පුළුවුත්) ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥාසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පත් කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි.
ඉමෙහි ඛො ආවුසො, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාජීවො සබ්‍රහ‍්මචාරීනන‍්ති.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අලංසාජීව (ප්‍රඥාප්තශික්‍ෂාපදයෙහි සභාගවෘත්තික) වේ යයි.