යෙදුමෙන් කියවන්න

චොදනාසුත‍්තං

5. 4. 2. 7.

5. 4. 2. 7.

[චොදනාසුත‍්තං]

[චෝදනා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි -පෙ-

17. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූ සේක ...

චොදකෙන ආවුසො, භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරො චොදෙතබ‍්බො. කතමෙ පඤ‍්ච:

ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චෝදනා කළ යුත්තේ ය. කවර පසෙක යත්:

කාලෙන වක‍්ඛාමි නො අකාලෙන, භූතෙන වක‍්ඛාමි නො අභූතෙන, සණ‍්හෙන වක‍්ඛාමි නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන වක‍්ඛාමි නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තචිත‍්තෙන වක‍්ඛාමි නො දොසන‍්තරෙන.

අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් කියනෙමි, ද්වේෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.

චොදකෙන ආවුසො, භික‍්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨපෙත්‍වා පරො චොදෙතබ‍්බො.

ඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙ කරුණු පස තමා කෙරෙහි එළවා අන්‍යයා චෝදනා කළ යුත්තේ ය.

ඉධාහං ආවුසො, එකච‍්චං පුග‍්ගලං පස‍්සාමි අකාලෙන චොදියමානං නො කාලෙන කුපිතං, අභූතෙන චොදියමානං නො භූතෙන කුපිතං, ඵරුසෙන චොදියමානං නො සණ‍්හෙන කුපිතං, අනත්‍ථසංහිතෙන චොදියමානං නො අත්‍ථසංහිතෙන කුපිතං, දොසන‍්තරෙන චොදියමානං නො මෙත‍්තචිත‍්තෙන කුපිතං.

ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු නිසි කල්හි නො ව අකාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. භූතයෙන් නො ව අභූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මොළොකින් නො ව පරොස්බසින් චෝදනා කරණු ලබන කිපියහු, අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මෛත්‍රීසහගතචිත්තයෙන් නො ව ද්වේෂසහගතචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.

අධම‍්මචුදිතස‍්ස ආවුසො, භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහිතබ‍්බො:

ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද මහණහට පස් අයුරෙකින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුත්තේ ය:

අකාලෙනායස‍්මා චුදිතො නො කාලෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. අභූතෙනායස‍්මා චුදිතො නො භූතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. ඵරුසෙනායස‍්මා චුදිතො නො සණ‍්හෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. අනත්‍ථසංහිතෙනායස‍්මා චුදිතො නො අත්‍ථසංහිතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. දොසන‍්තරෙනායස‍්මා චුදිතො නො මෙත‍්තචිත‍්තෙන, අලං තෙ අවිප‍්පටිසාරායාති.

ආයුෂ්මත් කාලයෙන් නො ව අකාලයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් භූතයෙන් නො ව අභූතයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මොළොකින් නොව පරොස් බසින් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මෙත්සිතින් නො ව ද්වේෂසහගත චිත්තයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි.

අධම‍්මචුදිතස‍්ස ආවුසො, භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහිතබ‍්බො.

ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද භික්‍ෂුහට මෙ කරුණ පසින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුතු යි.

අධම‍්මචොදකස‍්ස ආවුසො, භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහිතබ‍්බො:

ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු.

අකාලෙන තෙ ආවුසො, චුදිතො නො කාලෙන, අලං තෙ විප‍්පටිසාරාය. අභූතෙන තෙ ආවුසො චුදිතො නො භූතෙන, අලං තෙ විප‍්පටිසාරාය. ඵරුසෙන තෙ ආවුසො චුදිතො නො සණ‍්හෙන, අලං තෙ විප‍්පටිසාරාය. අනත්‍ථසංහිතෙන තෙ ආවුසො, චුදිතො නො අත්‍ථසංහිතෙන, අලං තෙ විප‍්පටිසාරාය. දොසන‍්තරෙන තෙ ආවුසො, චුදිතො නො මෙත‍්තචිත‍්තෙන, අලං තෙ විප‍්පටිසාරායාති.

ඇවැත්නි, තොප විසින් නිසි කල්හි නො ව අකාලයෙහි (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් භූතයෙන් නො ව අභූතයෙන් (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මොළොකින් නො ව පරොසින් චූදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මෙත්සිතින් නො ව ද්වේෂචිත්තයෙන් චුදිත වෙයි, එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි.

අධම‍්මචොදකස‍්ස ආවුසො, භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහිතබ‍්බො. තං කිස‍්ස හෙතු? යථා න අඤ‍්ඤොපි භික‍්ඛු අභූතෙන චොදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ පස්කරුණින් විප්‍රතිසාරයට දැනැවිය යුතු. එ කවර හෙයින යත්: අන් මහණෙක් ද (තව මහණකු) අභූතයෙන් චෝදනා කටයුතු කොට නො සිතනු පිණිසයි.

ඉධ පනාහං ආවුසො, එකච‍්චං පුග‍්ගලං පස‍්සාමි කාලෙන චොදියමානං නො අකාලෙන කුපිතං, භූතෙන චොදියමානං නො අභූතෙන කුපිතං, සණ‍්හෙන චොදියමානං නො ඵරුසෙන කුපිතං, අත්‍ථසංහිතෙන චොදියමානං නො අනත්‍ථසංහිතෙන කුපිතං, මෙත‍්තචිත‍්තෙන චොදියමානං නො දොසන‍්තරෙන කුපිතං.

ඇවැත්නි, මම මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු අකාලයෙහි නො ව කාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. අභූතයෙන් නො ව භූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, පරොස් බසින් නො ව මෙළොකින් චෝදනා කරණු ලබන කිපියහු, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, ද්වේෂචිත්තයෙන් නො ව මෛත්‍රීචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.

ධම‍්මචුදිතස‍්ස ආවුසො, භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහිතබ‍්බො:

ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂූහට පස් අයුරෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු:

කාලෙනායස‍්මා චුදිතො නො අකාලෙන, අලං තෙ විප‍්පටිසාරාය. භුතෙනායසමා චුදිතො නො අභූතෙන, අලං තෙ විප‍්පටිසාරාය. සණ‍්හෙනායස‍්මා චුදිතො නො ඵරුසෙන, අලං තෙ විප‍්පටිසාරාය. අත්‍ථසංහිතෙනායස‍්මා චුදිතො, නො අනත්‍ථසංහිතෙන, අලං තෙ විප‍්පටිසාරාය. මෙත‍්තචිත‍්තෙනායස‍්මා චුදිතො නො දොසන‍්තරෙන, අලං තෙ විප‍්පටිසාරායාති.

ආයුෂ්මත් අකාලයෙහි නො ව කාලයෙහි චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් අභූතයෙන් නො ව භූතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් පරොසින් නො ව මොළොකින් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චොදිතයෙහි, තොපගේ විප්‍රතිසාරට එ නිස්සැයි.

ධම‍්මචුදිතස‍්ස ආවුසො, භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි විප‍්පටිසාරො උපදහිතබ‍්බො.

ඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂුහට මෙ කරුණු පසින් විපිළිසර දැනැවිය යුතු.

ධම‍්මචොදකස‍්ස ආවුසො, භික‍්ඛුනො පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහිතබ‍්බො:

ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු යි:

කාලෙන තෙ ආවුසො, චුදිතො නො අකාලෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. භූතෙන තෙ ආවුසො, චුදිතො නො අභූතෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. සණ‍්හෙන තෙ ආවුසො, චුදිතො නො ඵරුසෙන, අලං තෙ අවිප‍්පටිසාරාය. අත්‍ථසංහිතෙන තෙ ආවුසො, චුදිතො, නො අනත්‍ථසංහිතෙන අලං තෙ අවිප‍්පටිසාරාය. මෙත‍්තචිත‍්තෙන තෙ ආවුසො, චුදිතො නො දොසන‍්තරෙන, අලං තෙ අවිප‍්පටිසාරායාති.

ඇවැත්නි, තොප විසින් (හේ) අකාලයෙහි නො ව කාලයෙහි චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අභූතයෙන් නො ව භූතයෙන් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් පරොසින් නො ව මොළොකින් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්ස. ඇවැත්නි, තොප විසින් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්සැයි.

ධම‍්මචොදකස‍්ස ආවුසො, භික‍්ඛුනො ඉමෙහි පඤ‍්චහාකාරෙහි අවිප‍්පටිසාරො උපදහිතබ‍්බො. තං කිස‍්ස හෙතු? යථා අඤ‍්ඤොපි භික‍්ඛු භූතෙන චොදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ කරුණු පසින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු ය. එ කවර හෙයින යත්: යම් හෙයෙකින් අන් මහණෙක් ද (තව මහණකු) භූතයෙන් චෝදනා කටයුතු කොට හඟනේ වේ නම්, එහෙයිනි.

චුදිතෙන ආවුසො, පුග‍්ගලෙන ද‍්වීසු ධම‍්මෙසු පතිට‍්ඨාතබ‍්බං සච‍්චෙ ච අකුප‍්පෙ ච. මං චෙපි ආවුසො, පරෙ චොදෙය්‍යුං කාලෙන වා අකාලෙන වා, භූතෙන වා අභූතෙන වා, සණ‍්හෙන වා ඵරුසෙන වා, අත්‍ථසංහිතෙන වා අනත්‍ථසංහිතෙන වා, මෙත‍්තචිත‍්තෙන වා දොසන‍්තරෙන වා, අහම‍්පි ද‍්වීසු යෙව ධම‍්මෙසු පතිට‍්ඨහෙය්‍යං සච‍්චෙ ච අකුප‍්පෙ ච.

ඇවැත්නි, චෝදනා ලත් පුඟුල්හු විසින් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙකෙහි පිහිටිය යුතු ය. ඇවැත්නි, අන්‍යයෝ ඉදින් මට ද කාලයෙහි වේව යි, අකාලයෙහි වේව යි, භූතයෙන් වේව යි, අභූතයෙන් වේව යි, මොළොකින් වේව යි, පරොසින් වේව යි, අර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, අනර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, මෛත්‍රීචිත්තයෙන් වේව යි, ද්වේෂචිත්තයෙන් වේව යි චෝදනා කරත් නම්, මම ද සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙක්හි පිහිටන්නෙමි:

සචෙ ජානෙය්‍යං අත්‍ථෙසො මයි ධම‍්මොති, අත්‍ථීති නං වදෙය්‍යං සංවිජ‍්ජතෙසො මයි ධම‍්මොති. සචෙ ජානෙය්‍යං නත්‍ථෙසො මයි ධම‍්මොති, නත්‍ථීති නං වදෙය්‍යං නෙසො ධම‍්මො මයි සංවිජ‍්ජතීති.

“ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැයි දන්නෙම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැ’යි එය ඇතිසේ කියමි. ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි නැතැයි දනිම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි විද්‍යාමාන නො වේ’ යයි එය නැතිසෙ කියමි.”

එවම‍්පි ඛො තෙ සාරිපුත‍්ත, වුච‍්චමානා අථ ච පන ඉධෙකච‍්චෙ මොඝපුරිසා න පදක‍්ඛිණං ගණ‍්හන‍්තීති.

එතෙකුදු වුව ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ කියනු ලබන්නාහු මෙහි ඇතැම් තුච්ඡපුරුෂ කෙනෙක් එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගන්නාහ යි.

යෙ තෙ භන‍්තෙ, පුග‍්ගලා අස‍්සද‍්ධා ජීවිකත්‍ථා න සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සඨා මායාවිනො කෙටුභිනො උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරා භොජනෙ අමත‍්තඤ‍්ඤුනො ජාගරියං අනනුයුත‍්තා සාමඤ‍්ඤෙ අනපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය න තිබ‍්බගාරවා, බාහුලිකා සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා කුසීතා හීනවිරියා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විභන‍්තචිත‍්තා දුප‍්පඤ‍්ඤා එළමූගා, තෙ මයා එවං වුච‍්චමානා න පදක‍්ඛිණං ගණ‍්හන‍්ති.

වහන්ස, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු දිවිවැටුම් හේතු කොට ගත්තාහු ශ්‍රද්ධා නැති වැ මැ අගාරයෙන් නික්මැ ශාසනයට පැමිණියාහු පැවිදි වූවාහු, කෛරාටික වූවාහු වඤ්චක වූවාහු මායා ඇත්තාහු උඬනු වූවාහු උද්ගත මානනළ ඇතියාහු චපල වූවාහු දොඩමලු වූවාහු අසංයත වචන ඇත්තාහු ඉඳුරන්හි නොපියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැතියාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු ප්‍රත්‍යයබාහුල්‍යය ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වූවාහු ප්‍රවිවේකයෙහි හළ වැර ඇත්තාහු අලස වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට-සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු, සමාහිත නොවූවාහු විභ්‍රාන්ත වූ සිත් ඇත්තාහු ප්‍රඥා නැත්තාහු කෙළතොලු වූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු (ඔවා දෙනු) ලබන්නාහු එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගණිත්.

යෙ පන තෙ භන‍්තෙ, කුලපුත‍්තා සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, අසඨා අමායාවිනො අකෙටුභිනො අනුද‍්ධතා අනුන‍්නළා අචපලා අමුඛරා අවිකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තා සාමඤ‍්ඤෙ අපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය තිබ‍්බගාරවා, න බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා ආරද‍්ධවිරියා පහිතත‍්තා උපට‍්ඨිතසතිනො සම‍්පජානා සමාහිතා එකග‍්ගචිත‍්තා පඤ‍්ඤවන‍්තො අනෙළමූගා, තෙ මයා එවං වුච‍්චමානා පදක‍්ඛිණං ගණ‍්හන‍්තීති.

වහන්ස, යම් සැදැහැති කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදිවූවාහු, කෛරාටික නොවූවාහු වංචක නොවූවාහු මායා රහිත වූවාහු උඬනු නො වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වචන ඇත්තාහු ඉඳුරන්හි පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂායෙහි තීව්‍ර ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බාහුලක නො වූවාහු සස්න ලිහිල් කොට නො ගන්නාහු අවක්‍රමණයෙහි හළ වැර ඇතියාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නොවූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු පැදකුණු කොට මතෙපුල් ගණිත් ය යි සැරියුත් තෙරණුවෝ කීහ.

යෙ තෙ සාරිපුත‍්ත, පුග‍්ගලා අස‍්සද‍්ධා ජීවිකත්‍ථා න සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සඨා මායාවිනො කෙටුභිනො උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරා භොජනෙ අමත‍්තඤ‍්ඤුනො ජාගරියං අනනුයුත‍්තා සාමඤ‍්ඤෙ අනපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය න තිබ‍්බගාරවා, බාහුලිකා සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා කුසීතා හීනවිරියා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා දුප‍්පඤ‍්ඤා එළමූගා, තිට‍්ඨන‍්තු තෙ.

ශාරීපුත්‍රයෙනි, යම් පුද්ගල කෙනෙක් අශ්‍රද්ධාවත් වූවාහු ජීවිකාව ම අර්‍ත්‍ථ කොට ගත්තාහු ශ්‍රද්ධා නැතියාහු ගිහිගෙන් නික්මැ ශාසනයට පැමිණියාහු සළබව් ඇතියාහු මායා ඇත්තාහු වඤ්චා ඇත්තාහු උඩනු වූවාහු උස්ව නැගි මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු සංකීර්‍ණවචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු, ප්‍රත්‍යයබාහුල්‍යයෙන් යුක්ත වූවාහු ශාසනය ලඝු කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පෙරටුව යන්නාහු ප්‍රකර්‍ෂ විවේකයෙහි හැරපී වීර්‍ය්‍යධූර ඇත්තාහු කුසීත වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට සිහි ඇත්තාහු සම්ප්‍රඥානයෙන් තොර වූවාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු නම්, ඔහු සිටිත්වා.

යෙ පන තෙ සාරිපුත‍්ත, කුලපුත‍්තා සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, අසඨා අමායාවිනො අකෙටුභිනො අනුද‍්ධතා අනුන‍්නළා අචපලා අමුඛරා අවිකිණ‍්ණවාචා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භොජනෙ මත‍්තඤ‍්ඤුනො ජාගරියං අනුයුත‍්තා සාමඤ‍්ඤෙ අපෙක‍්ඛවන‍්තො සික‍්ඛාය තිබ‍්බගාරවා, න බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා ආරද‍්ධවිරියා පහිතත‍්තා උපට‍්ඨිතසතිනො සම‍්පජානා සමාහිතා එකග‍්ගචිත‍්තා පඤ‍්ඤවන‍්තො අනෙළමූගා, තෙ ත්‍වං සාරිපුත‍්ත, වදෙය්‍යාසි. ඔවද සාරිපුත‍්ත, සබ්‍රහ‍්මචාරී, අනුසාස සාරිපුත‍්ත, සබ්‍රහ‍්මචාරී, “අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා සද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙස‍්සාමි සබ්‍රහ‍්මචාරී”ති. එවඤ‍්හි තෙ සාරිපුත‍්ත, සික‍්ඛිතබ‍්බන‍්ති.

ශාරීපුත්‍රයෙනි, යම් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියාහු, සළබව් නැත්තාහු මායා නැත්තාහු වඤ්චනික නො වූවාහු උඩනු නො වූවාහු මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු නො විසුළ තෙපුල් ඇතියාහු ඉඳුරන්හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව ඇත්තාහු, බාහුලික නො වූවාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු අවක්‍රමණයෙහි හැරපියූ වීර්‍ය්‍ය ධූර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයුනු සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නො වූවාහු වෙත් නම්, ශාරීපුත්‍රයෙනි, තෙපි ඔවුනට කියව. ශාරීපුත්‍රයෙනි, සබ්‍රම්සරුන්ට ඔවා දෙව. ශාරීපුත්‍රයෙනි “සබ්‍රම්සරුන් අසද්ධර්‍මයෙන් නඟා සිටුවා සද්ධර්‍මයෙහි පිහිටුවන්නෙමි”යි. සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසෙයින් ම හික්මිය යුතු ය යි භගවත්හු වදාළහ.