යෙදුමෙන් කියවන්න

සීලසුත‍්තං

5. 4. 2. 8.

5. 4. 2. 8.

[සීලසුත‍්තං]

[සීල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි: -පෙ- දුස‍්සීලස‍්ස ආවුසො, සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි අසති සම‍්මාසමාධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ අසති යථාභූතඤාණදස‍්සනවිපන‍්නස‍්ස හතූපනිසො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ අසති නිබ‍්බිදාවිරාගවිපන‍්නස‍්ස හතූපනිසං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

18. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූහ ... ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධි විපන්න (වියුක්ත) යාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

සෙය්‍යථාපි ආවුසො, රුක‍්ඛො සාඛාපලාසවිපන‍්නො, තස‍්ස පපටිකාපි න පාරිපූරිං ගච‍්ඡති, තචොපි ඵෙග‍්ගුපි සාරොපි න පාරිපූරිං ගච‍්ඡති. එවමෙව ඛො ආවුසො, දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි අසති සම‍්මාසමාධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ අසති යථාභූතඤාණදස‍්සන විපන‍්නස‍්ස හතූපනිසො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ අසති නිබ‍්බිදාවිරාගවිපන‍්නස‍්ස හතූපනිසං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

ඇවැත්නි, යම්සේ නට අතුකොළ ඇති රුකෙක් වේ නම්, එහි පිට පොතු ද වැඩුමට නො යේ. සිවිදු වැඩුමට නො යේ. බොරුදු වැඩුමට නොයේ. සාරයත් වැඩුමට නො යේ. ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පත් දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

සීලවතො ආවුසො සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

සෙය්‍යථාපි ආවුසො, රුක‍්ඛො සාඛාපලාසසම‍්පන‍්නො, තස‍්ස පපටිකාපි පාරිපූරිං ගච‍්ඡති, තචොපි ඵෙග‍්ගුපි සාරොපි පාරිපූරිං ගච‍්ඡති. එවමෙව ඛො ආවුසො, සීලවතො සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනන‍්ති.

ඇවැත්නි, යම්සේ අතුපතරින් ගැවසීගත් රුකෙක් වේ නම්, එහි පිටපොතුත් වැඩුමට යේ. සිවිදු වැඩුමට යේ. බොරුදු වැඩුමට යේ. සාරයදු වැඩුමට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ ය යි.