යෙදුමෙන් කියවන්න

ඛිප‍්පනිසන‍්තිසුත‍්තං

5. 4. 2. 9.

5. 4. 2. 9.

[ඛිප‍්පනිසන‍්තිසුත‍්තං]

[ඛිප්පනිසන්ති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

19. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච:

19. එ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ:

කිත‍්තාවතා නු ඛො ආවුසො සාරිපුත‍්ත, භික‍්ඛු ඛිප‍්පනිසන‍්තී ච හොති කුසලෙසු ධම‍්මෙසු, සුග‍්ගහිතගාහී ච, බහුං ච ගණ‍්හාති, ගහිතං චස‍්ස නප‍්පමුස‍්සතී?ති.

ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් කුශලධර්‍මයෙහි වහා රුකුළුකන් ඇති වේ ද, සුගෘහීත කොට ගන්නා සුලුයේත් වේ ද, බොහෝ කොට ගන්නේත් වේ ද? ඔහු විසින් ගන්නා ලද දැය විස්මෘතත් නො වේ දැ? යි.

ආයස‍්මා ඛො ආනන්‍දො බහුස‍්සුතො, පටිභාතු ආයස‍්මන‍්තඤ‍්ඤෙව ආනන්‍දන‍්ති. තෙනහාවුසො සාරිපුත‍්ත, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති.

“ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට ම තෙල වැටහේව” යි. එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි යි.

එවමාවුසොති ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසි. ආයස‍්මා ආනන්‍දො එතදවොච:

‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:

ඉධාවුසො, සාරිපුත‍්ත, භික‍්ඛු අත්‍ථකුසලො ච හොති ධම‍්මකුසලො ච නිරුත‍්තිකුසලො ච ව්‍යඤ‍්ජනකුසලො ච පුබ‍්බාපරකුසලො ච.

ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථයෙහි ද කුශල වෙයි. පාළි ධර්‍මයෙහි ද කුශල වෙයි. නිරුක්ති වචනයෙහි ද කුශල වෙයි. ව්‍යඤ්ජන (පදභේද) යෙහි ද කුශල වෙයි. පූර්‍වාපරසන්‍ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද කුශල වෙයි.

එත‍්තාවතා ඛො ආවුසො, සාරිපුත‍්ත, භික‍්ඛු ඛිප‍්පනිසන‍්තී ච හොති කුසලෙසු ධම‍්මෙසු, සුග‍්ගහිතගාහී ච, බහුං ච ගණ‍්හාති, ගහිතං චස‍්ස නප‍්පමුස‍්සතීති.

ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ පමණෙකින් ම මහණ කුශලධර්‍මයෙහි වහා අසන්නේ (දරන්නේ) වෙයි. මොනවට උගන්නේ ද වෙයි. බොහෝ කොට ද ගන්නේ ය. ඔහු විසින් ගන්නා ලද දැය නො නස්නේ ය යි.

අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො, යාව සුභාසිතං චිදං ආයස‍්මතා ආනන්‍දෙන. ඉමෙහි ච මයං පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතං ආයස‍්මන‍්තං ආනන්‍දං ධාරෙම: ‘ආයස‍්මා ආනන්‍දො අත්‍ථකුසලො ධම‍්මකුසලො නිරුත‍්තිකුසලො ව්‍යඤ‍්ජනකුසලො පුබ‍්බාපරකුසලො’ති.

ආශ්චර්‍ය්‍යය ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ දහම් පසින් සමන්‍වාගත කොට “ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අර්‍ත්‍ථකුශලයහ, ධර්‍මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්‍වාපරසන්‍ධානකුශලයහ”යි ධරම්හ.